ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 7 November 2010

ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික අතින් ගැසෙයිද?....


පසුගිය සතිය තුල මහත් ආන්දොලනාත්මක කථාබහකට ලක්වු මතෘකාවක් වුයේ ස්වර්ණවාහිණියේ "මෙගා ස්ටාර්" අවසන් තරගය ගැනයි. බොහෝ දෙනෙකු තුල මේ සම්බන්දව ඇති වුයේ මහත් කලකිරිමක් හා රියැලිටි වැඩසටහන් වලට එල්ල වු කළු පැල්ලමක් ලෙසටය. මේ වැඩසටහනට සම්බන්දවු බොහෝ කළාකරුවන් මෙහි දොස් පවරා තිබුනේ ස්වර්ණවාහිණියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයාටයි. මෙහි ඇත්ත නැත්ත වැඩසටහන නැරබු ඕනැම කෙනෙකුට වැටහෙන සත්‍යකි. ලංකාවේ පමනක් නෙවි මම හිතන්නේ ලොකයේම රියැලිටි වැඩසටහනක අවසන් තරගයේ ත්‍යාග්‍ය ප්‍රධානයක් සදහා එම නාලිකාවේ ප්‍රධානියා බොඩිගාඩ්ලා දෙදෙනෙකු සමග වේදිකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. තමන් සාධාරණව තරගයක් සංවිධානය කලානම් මේ ආකාරයට බයෙන් සැකෙන් ආරක්ෂකයන් සමග වේදිකාවට එන්නේ මොන බම්බුවක් සදහාද? ඒ බම්බුව හැන දන්නේ බුද්ධික කුලසේකරයන් පමනි.මට හිතෙනවා වෙලාවකට බුද්ධික මේ කරගෙන යන්නේ "සිරසේ" කොන්ත්‍රාත් එකක්ද කියලාවත්.

මෙ සතිඅන්ත ප්‍රදාන පුවත් පතකට(ලක්බිම ඉරිදා) නිල්මිණි තෙන්නකොන් ප්‍රකාසකර තිබුනා තිබුනේ කළාකරුවන් මේ වැඩසටහනට සම්බන්ද විමේදි යම් මුල්‍ය එකගතාවයකට වැඩසටහන් අධ්‍යක්ෂක වරයා සමග පැමින තිබු බවයි. ඒ තමයි පලමු වටයෙන් ඉවත්වන තරගකරුවකුට රු 50 000 කුත් දෙවැනි වටයෙන් ඉවත්වෙද්දි රු 100 000 කුත් පිලිවලින් ඉදිරි වටසදහා රු 50000 බැගින් වැඩිකරන ලෙසත්ය.නමුත් නිලිමිණි සදහන් කරන ආකාරයට තරගය අවසන්වි ඇතත් තමන්ට එම මුදල් තවමත් ලැබි නොමැති බව. ඇය සදහන් කරන්නේ මෙම අලවාහිණියේ ඉන්න අධ්‍යක්ෂවරයා මිට වඩා වගකිමෙන් වැඩකල යුතු බවයි...

විශේසයෙන් මෙහිදි සදහන් කලයුතු තවත් වැඩගත් කරුනක් වන්නේ මේම වැඩසටහනට සම්බන්දව සිටි කළාකරුවන් වැඩි දෙනෙකු හට ආරාධනාපත් යවා නොමැති බවය. වගකිවයුතු මාධ්‍ය ආයතන ප්‍රධානියාගේ කළමණාකාරිත්වයේ ඇති හොදකම මින් මනාව පැහැදිලි වෙනවා.

මේ තරගයට සහබාගි උන තවත් කළාකරුවකු වන රයන් වැන්රොයන් කියා සිටින්නේ තමන්ට මේ තරගයේදි බලවත්ම අසාධාරණයට ලක්වු පුද්ගලයකු බවයි. තමන් තරගයෙන් ඉවත්වෙද්දි මෙහි sms සම්බන්දව කටයුතුකල ආයතනයේ සිටි තමාගේ හිතවතෙකු ලබාදුන් දත්තයන්ට අනුව තමාට sms 17000ක් ලැබි තිබු බවත් මේ සම්බන්දව තමාට ලිඛිත සාධක ඇතිබවත්, නමුත් තමන්ට ලැබි ඇති sms ගනන 1300 බව පවසා රයන්ව එම වටයෙන් ඉවත් කර තිබෙන බවය. මේ සම්බන්දව ඔහු සොමා එදිරිසිංහ හට පැමිණිලිකර තිබෙනබවත් ඔහු පවසා තිබෙනවා.

මෙවැනි විගඩන් වලින් ලොකයා හමුවේ අපේ රටේද අභිමානයටද යම් පහරක් වැදෙන බව මාගේ හැගිමයි.. මේම නාලිකාවේ ඉහල සිටින අය දැන්වත් තිරනයක් ගත යුතුය. මෙම නාලිකාව තව දුරටත් ‍රැකගෙන ඉදිරියට මෙවන් වැරදි සාදාගෙන පියවර තබනවාද?... නොමැතිනම් ස්වර්ණවාහිණියේ අවසන් ඇණය බුද්ධික කුලසේකරයන් ලවා ගස්සවා ගන්නේද?....

4 comments:

  1. oka maha gonek. den swarnwahirniye balanna deyak ne.

    ReplyDelete
  2. sirase wada Swahiniyata wada gdk hodai.

    ReplyDelete
  3. මුගේ බුරියේ ඇගිල්ල දාලා කරකොවන්න තියෙන්නේ.

    මචං එලකිරි.

    ReplyDelete
  4. manda buddika ane gahavi wagei. news walatath katha pennanawane


    PCW

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්