ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 27 December 2010

දවසේ වැ‍රැද්ද හොයන ස්වර්ණවාහිනිය දෙසැම්බර් 26 වෙනිදා කරපු වැ‍රැද්ද?


ස්වර්ණවාහිනිය කියන්නේ දැන් කෙමෙන් විනාශය කරා ඇදගෙන යන නාලිකාවකි. මෙයට වගකිව යුත්තා කවුරුද කියා මිට පෙරත් මම මගේ බ්ලොග් ලිපියකින් සදහන් කලා. එත් මේ දෙසැම්බර් 26 වෙනිදාත් ස්වර්ණවාහිනිය ලොකු වැ‍රැද්දක් කරලා පෙන්නුවා තම නාලිකාවේ තරම මොකක්ද කියලා. දෙසැම්බර් 26 වෙනිදා කියන්නේ සියළු ලාංකික සැමට මහත් විනාශයක් ලගා කරපු අමිහිරි මතක ගොන්නක් එක්කල දවසක්. එනම් 2004 දෙසැම්බර් 26 වෙනි දිනක තමයි සුනාමියක් ඇවිත් ලංකාවේ පමනක් හතලිස්දහසකට අධික ජිවිත සංඛ්‍යාවක් නැතිකරපු දවස. ඉතින් මේ දිනය ලංකිය සියළු ජනතාව සලකන්නේ බොහොම දුක්ඛිත දිනයක් හැටියටයි. එත් මේ දෙසැම්බර් 26 වෙනිදා සියළු රුපවාහිනි නාලිකා 9.25 සිට 9.27 දක්වා එම සුනාමියෙන් මියගිය අය සිහිකර විනාඩි 02ක් නිශ්ශබ්දතාවයක් පවත්වා එම කාලසිමාවේ සැම රුපවාහිනි නාලිකාවකම පහනක් දිස්වන ආකාරයේ රුපරාමුවක් දමා එම මියගිය අය සිහිකරා. නමුත් ස්වර්ණවාහිනියේ පමනක් එම කාලයතුල සුපුරුදු පරිදි එහි වැඩසටහන් විකාෂය කරා(ඒ වෙලාවේ විකාශය උනේ කො‍ෆි විත් ලහිරු ඇන්ඩ් මුදිත වැඩසටහන.) මෙන්න මේ විදියට තමයි එදා මුලු රටක්ම සුනාමියට මියගිය අය සිහිකර විනාඩි 02ක් නිශ්ශබ්දතාවයක් පවත්වද්දි ස්වර්නවාහිනිය ක්‍රියා කලේ. මම නම් හිතන්නේ මෙහි ඉන්න අයට ඒ වෙලාව අමතක වෙන්න ඇති. මොකද ස්ටාස් වැඩසටහන් නිසා අධික බිසි වෙන්න ඇති. (වැඩේ නම් කුජිතයි නේද?...)

17 comments:

  1. මුළු රටම විනාඩි දෙකක් නිශ්ශබ්දතාවයක් පවත්වද්දි ඔයා මොකද ඒකට සහභාගී නොවී ස්වර්ණාවාහිනිය බලන්ට ගියේ... :)
    (චූචි විහිළුවක් කලේ හරිය... ඇත්තටම ඒ වගේ වෙලාවක වැඩ සටහන කරා නම් කුජීතයි තමා...)

    ReplyDelete
  2. මේක ඇත්තටම වුනාද මම දන්නේ නෑ. හැබැයි ස්වර්ණවාහිණිය එහෙම කලානම් කුජීතයිම තමා!

    ReplyDelete
  3. ස්වර්ණවාහිනිය කාලයක් හොදම තත්වයේ හිටියා..ඒත් ළගකදි ඉදන් එයාලවත් දන්නේ නැහැ එයාල කරන්නේ මොනාද කියලා... පරිනතයන් නැතිවීම තමයි මේකට හේතුව අළුත් පරම්පරාව ඉස්මතු කරන්න යනව ඒත් කිසිම පාලනයක් නැතිව...ඒකයි මම නම් හිතන්නේ.

    ReplyDelete
  4. කුජිතයි කුජිතයි

    ReplyDelete
  5. ඉතින් දැන් උඹට පුකද?

    ReplyDelete
  6. වැරදි පෙන්නන්නේ ඒ වගේ වැරදි තව තව කරන්න කියලා නෙවී නේ.

    වැරැද්දක් නම් ඒක පෙනනලා දුන්නාම හදාගන්න ඕනේ.

    ස්වර්ණවාහිනිය කරන වැඩේ වැරදීද? ඒ ඇයි?

    ReplyDelete
  7. කුජිත වැඩක්. දන්නෙ නැහැ කියන්න බැහැ.. උන් පස්සෙ කරා කියන්න බැහැ. ලංකාවෙනෙ හදෙන් වැටිලා නෙමෙ නෙ :D

    ReplyDelete
  8. මම හරියටම 9.25 ඉදලා 9.27 වෙනකම් බැලුවා. වෙනත් නාලිකා සියල්ලම නිශ්ශබ්දව සිටියදි ස්වර්ණවාහිනිය විතරක් තමන් ගේ සුපුරුදු වැඩසටහන් විකාශය කරා. මට මේක සැකහැර දැනගන්න අවශ්‍ය උනා. මොකද 9.25ට් කලින් වත් නිහැඩියාව තිබ්බ්ද කියලා. නමුත් මගේ මිතුරෙකුත් මේ කථාවම කිව්වම තමයි වැඩේ සැක නැර දැනගත්තේ. එකයි පොස්ට් එක දාන්නත් දවසක් පමා උනේ

    ReplyDelete
  9. Anonymous said...
    "ඉතින් දැන් උඹට පුකද?"

    මෙහෙම දෙවල් වලට කටයි පුකයි වහන් ඉන්න නිසා තමයි උන් අපිට ඇරලා යන්නේ?

    ReplyDelete
  10. ඔව් ... ඒක හරි. ඒ ගොල්ලො එහෙම කළා .. ඒ වෙලාවෙ ඇඩ් පවා විකාශනය වුනා. මම ඕක ගැන ලියන්නයි හිටියෙ. මේ මල්ලි ලියපු එකට ස්තූතියි. මේව ප්‍රසිද්ධ කරල මුන්ට ලැජ්ජ කරන්න ඕන මේ වගේ දේවල් තවත් නොකරන්න.

    ReplyDelete
  11. @kumaraya

    බොහොම ස්තුතියි කමෙන්ට් එකට Kumaraya. මේ වගේ කිසිම වගකිමක් නැතිව වැඩසටහන් ඉදිරිපත් කරන නාලිකා තමයි අපේ රටේ සංස්කෘතිය කන්නේ. මේ වට විරුද්දව කටවල් වහගෙන බලාගෙන හිටියොත් අපේ රට විනාශයි..

    ReplyDelete
  12. @සුදුහංසිගේ
    මමත් සුදුහංසිගේ කථාවට එකගයි. හේම නලින්ලා, ජැක්සන් ඇන්තනිලා, රොස්මන්ඩ්ලා හිටිය කාලවල් වල ස්වර්ණවාහිණියේ කොයිතරම් හොද වැඩසටහන්ද තිබුනේ. ඒකටත් එක්ක දැන්....

    ReplyDelete
  13. මෙම පලකිරීම ගැන ඔබට ස්තූති වන්ත වෙමි...කොහේටහරි කඩේ ගිහින් මොනාහරි ගන්න දඟලන බ්ලොග් කලාවට ඔබගේ පෝස්ටය ආදර්ශයක්...(ඒත් ඉතින් දැන් මුරුංග අත්තේ නැගල පිස්සු කෙලින්න එපා හරිද???)

    ReplyDelete
  14. ස්වර්ණවාහිණිය මෙලෝ රහක් නැ

    ReplyDelete
  15. @indi
    කමෙන්ට් එකට ස්තුතියි. මම ඔයිට වඩා මුරුන්ගා අතුවල නැගලා තියෙනවා.

    ReplyDelete
  16. ස්වර්ණවාහිණිය මෙගා ස්ටාර් වලියෙන්වත් පාඩම් ඉගෙනගෙන නැහැ.ඒ අය බලන්නේ සල්ලි ගැන විතරයි යාළුවා.අර ඇනෝට දීල තිබ්බ උත්තරේ නම් මරු

    ReplyDelete
  17. apo swarnawahiniya kiyanne homo channel ekak ne appa.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්