පලමු කොටස කියවලා එකම සහෝදරයයි කමෙන්ට් දාලා තිබුනේ. ඉතින් මම හිතනවා මෙවැනි දේවල් කියවන්න ඉන්න පාඨක ප්‍රමාණය අඩුයි කියලා. එත් මම මෙවැනි දැ ගැන ලිවිමට හා සෙවිමට ආසාවක් ඇතිනිසා , මම වගේ මේ ගැන උනන්දුවක් දක්වන අනෙත් සුළු පිරිසට හෝ කියවිමට ඉදිරියේදිත් මෙවැනි ලිපි දැමිමට බලාපෙරොත්තු වෙනවා. මේ පිලිබදව ආසාවක් හා උනන්දුවක් දක්වන අයට මේ පිලිබදව තවත් තොරතුරු ඉදිරියේදිත් බලාපොරොත්තුවන්න. ඒ වාගේම මෙවැනි දැ ගැන ඔබ දන්නා තොරතුරුත් අපි හා බෙදා ගැනිමට කාරුණිකවන්න.
පලමු ලිපිය බලපු නැති අය මෙතන කොටන්න....
මෙන්න එහෙනම් දෙවැනි කොටස...
මේ දක්‌වා පවත්වනු ලැබූ පරීක්‍ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ චන්ද්‍රයාගේ පිටත පෘෂ්ඨය නිර්මාණය වී ඇත්තේ අඳුරු පැහැති ඉතාමත්ම තද ටයිටේනියම් වැනි ලෝහ වර්ගයන්ගෙන් වන අතර පෘථිවියේ මේ ලෝහ ගුවන් යානා හා අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරලීම සඳහා පරිශීලනය කරනු ලබයි. චන්ද්‍රගාමීන් සඳහා චන්ද්‍ර පෘෂ්ඨය හාරා පස් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම නිමවන ලද විශේෂ උපකරණ චන්ද්‍රයා මතට රැගෙන ගිය නමුත් ඒවා ක්‍රියාත්මක කරමින් සිදුකිරීමට හැකිවූයේ සෙන්ටිමීටර් කිහිපයක් පමණක් යටට විද පස් ලබා ගැනීම පමණි. ඔවුන් ගොඩබසින ලද "මරේ හෙවත් මුහුද" නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයන්හි ධූලී ස්‌ථරයද ඉතාමත් තුනී විය. පෙරදි විශ්වාස කරනු ලැබුයේ චන්ද්‍රයා මත මීටර් කීපයක ඝන ධූලී තට්‌ටුවක් පිහිටා තිබිය හැකි බවය.
චන්ද්‍රයා පිළිබඳ මහා අබිරහසක් චන්ද්‍ර පෘෂ්ඨය විදීමේදී සොයාගැනීමට හැකිවිය. එනම් චන්ද්‍රයාගේ මතුපිට පස් තට්‌ටුව සෙන්ටි මීටර් කිහිපයක් ගැඹුරින් ඉතා දැඩි තද ලෝහ වර්ගයන්ගෙන් නිර්මාණය කරන ලද පෘෂ්ඨයක් පවතින බවය. විද්‍යාඥයන් විසින් චන්ද්‍ර පෘෂ්ඨයේ ධූලී, පස් හා චන්ද්‍ර පාෂාණ පරීක්‍ෂණයට භාජනය කරන ලදුව චන්ද්‍ර පාෂාණයන්හි විශාල ප්‍රමාණයක් පිත්තල, මයිකා හෙවත් තලාතු මිනිරන් ඇම්ච්බොල් හා අතිශයින්ම ශුද්ධ වූ ටයිටේනියම් ආදී පිරිසිදු කර සකස් කරන ලද ලෝහ වර්ගයන් සොයා ගැනීම ඔවුන් විමතියට පත්කර ඇත. චන්ද්‍ර මුහුදු අඳුරු පැහැ ගැන්වී ඇත්තේ ඉල්මනයිට් නම් කාල වර්ණ ඛනිජ වර්ග ඉතා විශාල ප්‍රමාණයක් ටයිටේනියම් ලෝහය හා මිශ්‍ර වීම නිසා බවද ස්‌වාභාවික වශයෙන් නොපවතින යුරේනියම් 236 හා නෙප්චූනියම් 237 යන විකිරණශීලි ද්‍රව්‍යයන්ද එක්‌සත් ජනපද එර්ගොන් ජාතික පරීක්‍ෂණාගාරය මගින් චන්ද්‍ර පාෂාණයන්හි අන්තර්ගත වී තිබෙන බව සොයා ගත්තේය. එසේම මරේ ක්‍රීසියම් ප්‍රදේශයෙන් රැගෙන එන ලද පස්‌වල මළනොබැඳෙන යකඩද පවතින බව හෙළි විය. 1970 දී සෝවියට් දේශය මිනිසුන් රහිත ස්‌වයංක්‍රීය යානයක් චන්ද්‍රයා මතට ගොඩ බස්‌සවා ඒ මගින් චන්ද්‍රයාගේ පස් පෘථිවියට ගෙන එන ලැබූ පසු පවත්වන ලද පරීක්‍ෂණ මගින් 1976 දී හෙළිවී තිබෙනුයේ එම පස්‌වලද මළ නොබැඳෙන යකඩ අඩංගු වී ඇති අතර එවැනි තාක්‍ෂණයක් අද්‍යතන පෘථිවි කාර්මික ක්‍ෂේත්‍රයේ දක්‌නට නොලැබෙන බවද එය කිසියම් උත්තරීතර සුපිරි තාක්‍ෂණයට අයත් වන බවද සෝවියට් විද්‍යාඥයෝ නිගමනය කළහ.
ඇපලෝ චන්ද්‍රයා වෙත ගමන් ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ මතය වූයේ චන්ද්‍රයා කාලාන්තරයකට පෙර පෘථිවියෙන් වෙන් වී ගිය කොටසක් බවය. එසේ වුවද නූතන ගුරුත්වාකාර්ෂණ නියමය අනුව විශාල වස්‌තුවක් නිර්මාණය වීමේදී ඉතිරිවන හෝ ඉවතට විසිවන කැබලි එම වස්‌තුවේම ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එය වෙතටම පතිත වේ. මේ අනුව පෘථිවිය නිර්මාණය වීමේදී ඉවතට විසිවූ කැබලි එකතු වී චන්ද්‍රයා ද නිර්මාණය වී යෑයි යන මතයද පිළිගෙන නොමැත.
මේ පිළිබඳව අද්‍යතනම මතය වන්නේ චන්ද්‍රයා වෙනත් ස්‌ථානයක නිර්මාණය වී ඉතා ඈත යුගයෙහි එක් කාලසීමාවකදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රයට ඇතුළු වූ බවය. උක්‌ත සංකල්පය පිළිබඳ විවිධ මත හා සිද්ධාන්තයන් ඉදිරිපත් වී ඇත. සමහර විද්‍යාඥයන්ගේ මතය වනුයේ චන්ද්‍රයා ග්‍රහලෝකයක් වූ අතර එය පෘථිවිය හා ගැටීමෙන් විසුරුණු කොටස් වලින් අද පවතින චන්ද්‍රයා නිර්මාණය වූ බවය. එහෙත් ඇතැම් විද්‍යාඥයන්ගේ මතය අනුව චන්ද්‍රයා සෞරග්‍රහ මණ්‌ඩලයෙහි භ්‍රමණය වෙමින් පවතිද්දී එක් යුගයක පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් එය වෙතට ඇදී කක්‍ෂයක පිහිටවූ බවය. නමුත් මේ සිද්ධාන්තයන් පිළිගැනීමට අවශ්‍ය හේතුන් වන පෘථිවිය හා චන්ද්‍රයා එසේ භෞතික වශයෙන් ඝර්ෂණයට ලක් වූ බවට සාක්‍ෂි ඉතාමත් විරල වන උක්‌ත අදහස් පිළිගැනීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අල්පය.
පෘථිවිය හා චන්ද්‍රයා ගැටීමෙන් ඇති වූ කැබලි ආසන්න අවකාශයෙහි දක්‌නට නොමැති අතර පෘථිවිය හා චන්ද්‍රයා එකම කාලසීමාවක් තුළදී ප්‍රාදූර්භූත වූ බවට අදාළ සාධකද දක්‌නට නොලැබේ. පෘථිවිය හා චන්ද්‍රයා ගැටීමෙන් ඇති වූ කැබලි ආසන්න වූ අවකාශයේ දක්‌නට නොමැති අතර පෘථිවිය හා චන්ද්‍රයා එකම කාලසීමාවන් වලදී ප්‍රාදූර්භූත වූ බවට සාධක ද දක්‌නට නොලැබේ. සමහර විද්‍යාඥයන්ට අනුව පෘථිවි භූගර්භ ස්‌වභාව විමර්ෂණයේදී සොයාගෙන තිබෙනුයේ චන්ද්‍ර ලාවා පෘථිවි ක්‍රියාකාරිත්වයට වඩා ඉතා ඈත යුගයකදී සිදුවූ බවය. චන්ද්‍රයාගේ කක්‍ෂය සෞරග්‍රහ මණ්‌ඩලයෙහි අන්‍ය ග්‍රහලෝකයන්ට අයත් බොහෝ චන්ද්‍රයන් මෙන් ඉලිප්සාකාර නොවන අතර එය වෘත්තාකාර වීම හා එතරම් සුවිශාල ග්‍රහ වස්‌තුවක් තම කක්‍ෂය වටා භ්‍රමණය නොවී සදාකාලිකව පෘථිවියට එක් පාර්ශවයක් මුහුණලා පැවැතීමේ ස්‌වභාවය සහිත වන අතර දැනට විමර්ශනයට භාජනය වී ඇති චන්ද්‍රයන්ගෙන් එවැනි එකම වස්‌තුව පෘථිවි චන්ද්‍රයා වේ.
චන්ද්‍රයාගේ වෘත්තාකාර කක්‍ෂ මාර්ගයක් පැවැතීම වඩා අරුම පුදුම විකාරයක් වනුයේ චන්ද්‍රයාගේ මධ්‍ය ස්‌කන්ධය එහි ජ්‍යාමිතික මධ්‍යට වඩා පෘථිවියට කිලෝ මීටර් 1.6 ක් සමීපව පිටතට නෙරා නිර්මාණය වී තිබීමය. උක්‌ත පිහිටීමම පමණක් ඉතා අස්‌ථිර වූ දඟර වූ කක්‍ෂයක ගමන් මාර්ගයක් නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් වන අතර ගෝලාකාර වස්‌තුවක මධ්‍ය ස්‌කන්ධය එක් පාර්ශ්වයකට බරව පිහිටා තිබීම එම වස්‌තුව සෘජු මාර්ගයක ගමන් නොකිරීමට හේතු භූත වේ, එහෙත් චන්ද්‍රයා දඟර නොවූ සෘජු මාර්ගයක වෘත්තාකාරව ගමන් කරයි.
සෞර මණ්‌ඩලයේ සියලුම ග්‍රහයන්ට අයත් සියලුම චන්ද්‍රයන්ගේ ගමන් මාර්ග පිහිටා තිබෙනුයේ එම ග්‍රහයන්ගේ නිරක්‍ෂයට සාපේක්‍ෂ වන අතර පුදුමය නම් අපගේ චන්ද්‍රයාගේ කක්‍ෂය පෘථිවිය සූර්යයා වටා යන කක්‍ෂ මාර්ගයට අතිශයින්ම සමාන්තර කක්‍ෂ තලයක අංශක 5 කටත් වඩා ඇළ වී ගමන් කිරීමය. එසේම චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් පිටතට නෙරා පවතින කොටස පිහිටා ඇත්තේ පෘථිවියට මුහුණලා තිබෙන පාර්ශ්වයේ නොව අපට නොපෙනෙන පශ්චාද් භාගයේ වීම එවැන්නක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵලයක් හේතුවෙන් නිර්මාණය වූවක් ලෙස දැක්‌වීමටද නොහැකි වේ. එසේම දැනට පරීක්‍ෂණ මගින් සොයාගෙන තිබෙන කරුණු අනුව මෙවැනි විෂමතාවන්ගෙන් ගහන වූ විකාරමය ලෝකයක් ස්‌භාවිකව වෘත්තාකාර නියත වූ කක්‍ෂ මාර්ගයක ගමන් කිරීමටද නොහැකි බවය.
1970 දී ඇලෙක්‌සැන්ඩර් ෂෙර්බාකොව් හා මිෂායෙල් වේසින් නම් රුසියානු විද්‍යාඥයන් දෙදෙනා විසින් අසන ලද ප්‍රශ්නය වූයේ චන්ද්‍රයා උත්තරීතර සුපිරි සභ්‍යත්වයන්ගේ නිර්මාණයක්‌ද? යනුයි. ඔවුන්ගේ මතය වූයේ ඉතා ඈත යුගයකදී පෘථිවි වාසීන්ට වඩා අතිශයින්ම දියුණුව උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් විසින් විශාල ග්‍රහකයක් වූ චන්ද්‍රයා ඔවුන්ගේ අධි සුපිරි තාක්‍ෂණයේ බලමහිමයෙන් හාරන ලදුව ඔවුන්ගේ අභ්‍යවකාශ තරණයේ විශාලත්වයට අනුකූලව මෙන්ම පරීක්‍ෂණ හා පර්යේෂණයන්ට උපයෝගි වන ආකාරයෙන් චන්ද්‍රයා නිර්මාණය කරන ලද බවය.
අති විශාල යන්ත්‍රොaපකරණ උපයෝගි කරගෙන චන්ද්‍ර පෘෂ්ටයේ පාෂාණ උණු කර ඒවා පිටතට පොම්ප කරන ලදුව සුවිශාල කුහර හා උමං මාර්ගයන් ගොඩනංවන ලද අතර සිවියක් බඳු අභ්‍යන්තර පෘෂ්ටයට අමතරව ලෝහ හා පාෂාණමය බාහිර පෘෂ්ඨයකින් සමන්විත වන පරිදි නිර්මාණය කරන ලද උක්‌ත යෝධ අභ්‍යවකාශ යානාව චක්‍රාවාටය හරහා රැගෙනවිත් පෘථිවිය ආසන්නයෙහි කක්‍ෂයක රඳවා තබන ලද බව එම විද්‍යාඥයන්ගේ මතය විය. ෂර්බාකොව් හා වේසින් අදහස් කරන පරිදි මේ ආකල්පය සමහරු වගකීම් රහිත මන(කල්පිත සංකල්පයක් මෙන්ම පාරම්පරික චින්තන මාර්ගයේ සාමාන්‍ය විශ්වාසයන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද මතයක් ලෙස හුවා දැක්‌වීමට හැකි අතර 2002 වසර වන විට හා එම මතය ඉදිරිපත් කර වසර 32 ගත වීද පෘථිවි මානුෂ වාර්ගිකයන් විසින් චන්ද්‍රයා පිළිබඳ ඒකරාශි කරගත හැකිවූ සියලුම තොරතුරු හා දත්තයන් විශ්ලේෂණය කිරීමේදී එයට විරුද්ධව එක් කරුණක් හෝ ඉදිරිපත් කිරීමට නොහැකි බව අවධාරණය කර ඇත. එම විද්‍යාඥයන් සඳහන් කරන පරිදි චන්ද්‍රයාගේ ගුප්ත ස්‌වරූපය ඔවුන් ඉදිරිපත් කරන ලද මතය අනුව වඩ වඩාත් පැහැදිලි කිරීමට හැකිවන බවය.
1975 දොන් විල්සන් නම් විද්‍යා ප්‍රබන්ධකයා චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණ කරුණු විමර්ශනයට භාජන කරමින් ලියූ "අපගේ චන්ද්‍ර අභ්‍යවකාශ යානයේ අභිරහස්" නම් ග්‍රන්ථයේ ෂර්බාකොව් හා මේසින්ගේ මතය විද්‍යාඥයන් විසින් වැදගත් ලෙස සැලකිය යුතු බව ප්‍රකාශ කර ඇත.
දොන් විල්සන් තමා ප්‍රථමයෙන්ම මෙම මතය ප්‍රතික්‍ෂේප කරන ලද බවද එහෙත් ඇපලෝ ගමන් රැස්‌කරන ලද අති විශාල තොරතුරු සම්භාරය නිරීක්‍ෂණයට ලක්‌කිරීමෙන් තම ආකල්පය වෙනස් කරන ලද බවද සඳහන් කර ඇත. විද්‍යාඥයන් විසින් මේ දක්‌වා රැස් කරන ලද විද්‍යාත්මක සාධක කරුණු හා සාක්‍ෂි අනුව චන්ද්‍රයා පූර්ණ වශයෙන්ම ස්‌වභාවික නිර්මාණයක් නොවන බව තීරණය කර ඇත. එම අදහස් සංක්‍ෂිප්ත වශයෙන් මෙසේ දැක්‌විය හැකිය.
මෙතෙක් අනාවරණය වූ තොරතුරු අනුව විද්‍යාත්මක වශයෙන් පෘථිවියට හා අප සෞරග්‍රහ මණ්‌ඩලයටත් වඩා පෞරාණික නිර්මාණයක ස්‌වරූපයක් චන්ද්‍රයාගේ දිස්‌වේ.
චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි අතිශයින්ම අෙන්‍යාaන්‍ය වශයෙන් විවිධාකාර වූ ද්‍රව්‍යයන්ගෙන් සැදුම් ලත් පෘෂ්ටයන් ත්‍රිත්වයක් දක්‌නට ලැබෙන අතර චන්ද්‍රතලය මතුපිටට ආසන්නවම පිහිටා ඇති පෘෂ්ටය ඉතාමත්ම දැඩි තද ලෝහ හා ඛනිජ සම්මිශ්‍රණයෙන් යුක්‌ත වේ. මෙය සුවිශාල යෝධ අජටාකාශ යානාවන්හි අත්‍යන්තයෙන්ම බලාපොරොත්තු විය යුතු වූ නිර්මාණයක ස්‌වරූපයයි.
චන්ද්‍රයා අභ්‍යන්තරයෙහි ජලය විශාල වශයෙන් රඳවා ඇත. පිටත දක්‌නට ලැබෙනුයේ ස්‌වල්ප වශයෙන් අයිස් වැනි ස්‌වරූපයක් වන අතර චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පාර්ශ්වයෙහි කුඩා නොගැඹුරු විල් හෝ ජලාශ පිහිටා ඇති බව ඡායාරූපයන්ගෙන් පවා හෙළිවී ඇතැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි.
චන්ද්‍රයාගේ ඉතා සුළු චුම්භක ශක්‌තිය චන්ද්‍රයා අභ්‍යවකාශ යානයක් වශයෙන් චක්‍රාවාටය හරහා ගමන් කිරීමේදී තාරකාවන්ගෙන් හා ග්‍රහයින්ගෙන් ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
චන්ද්‍රයා මතුපිට දක්‌නට ඇති අපූර්ව ජනක "මරේ" හෙවත් "මුහුද" නමින් හඳුන්වන අඳුරු ප්‍රදේශයන් චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි පුපුරුවන ලද පාෂාණ හා උණු කරන ලද පාෂාණ ලාවා ඉවතට දැමීමෙන් නිර්මාණය වන්නට ඇති අතර සියලුම මුහුදු මධ්‍යයෙහි දක්‌නට ඇති ගෝලාකාර, වෘත්තාකාර ආකෘතින් චන්ද්‍ර අභ්‍යන්තරයෙහි උමං හා කුහර නිර්මාණය කිරීමෙන් පසු ඉවත දමන ලද යන්ත්‍රොපකරණ හෝ කිසියම් ආකාරයක ගොඩනැඟිලි විය හැකිය.
චන්ද්‍රයා ආරම්භයේදී ශීතල ලෝකයක් වූ අතර පසුව එය ඌෂ්ණ ස්‌වභාවයකට පත් වන්නට ඇතත් මුලදී එම ග්‍රාහකය කෘත්‍රීම වශයෙන් උෂ්ණ බවට පත් කර එහි අභ්‍යන්තරය විශාල වශයෙන් ලාවා ආදී ද්‍රව ආකාරයෙන් පිටතට ගලා යැමට සකස් කරමින් යෝධ අජටාකාශ යානාවක් හෙවත් සුවිශාල විමානයක් ආකාශ නගරයක් ලෙසට විපරිණාමය කිරීමේදී මෙසේ වන්නට බොහෝ ඉඩඇත.
අද්‍යතන සොයාගැනීම් අනුව කුහර සහිත චන්ද්‍රයා පිළිබඳව විද්‍යාඥයන් එකිනෙකට වෙනස් වශයෙන් ගෙන හැර දක්‌වන චන්ද්‍රයාගේ මුල ස්‌වරූපය පිළිබඳ ආකල්ප අනුව එය කෘත්‍රිම වශයෙන් සකස් කරගන්නා ලද බවට ඇති බොහෝ සාධක අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා නිර්මාණය පිළිබඳ මිනිසා තුළ පවත්නා සාංකාවන් ක්‍ෂය කිරීමට හේතු වී ඇත.
කෘත්‍රිම වශයෙන් හාරන ලද්දේ යෑයි චන්ද්‍රයා පිළිබඳ පරීක්‍ෂණ සාධකයන්හි සොයාගන්නා ලද පරිදි චන්ද්‍රයා ඝණඨාරයක මෙන් පැය ගණනක් නින්නාද වීම එය නිර්මාණය කරන ලද වස්‌තුවක් ලෙස සර්ව සාධාරණ වශයෙන් අනාවරණය කරගැනීමට අවශ්‍යය ප්‍රබල සාධකයක් වන අතර සකස් කරන ලද තාපසහ (තාපයට ඔරොත්තු දෙන) ලෝහයන් වන ටයිටේනියම් (TITINIUM) (සංකේතය -TI) පරමාණුක ක්‍රමාංකය (ATOMIC NUMBER- 22) සාපේක්‍ෂ පරමාණුක ස්‌කන්ධය (RELATIVE ATOMIC MASS- 47.90&) (සංයුජතාව - 2+ 4+,) (සංයුජතාව යනු හයිඩ්රජන් පරමාණුවකට හෝ ඊට සම අනෙකකට හෝ අනුව පරමාණුවක හෝ කාණ්‌ඩයක හෝ සංයෝජනය වීමේ බලය.)
කොමීයම් (CHROMIUM) පරමානුක ක්‍රමාංකය (ATOMIC MUMBER - 24) සාපේක්‍ෂ පරමානුක ස්‌කන්ධය (RELATIVE ATOMIC MASS- 47.90) සිකෝනියම්, මළනොබැදෙන යකඩ (වානේ නොවේ) යුරේනියම් 236 සහ නෙප්චූනියම් 237 වැනි ලෝහ චන්ද්‍රයා මතුපිට බහුල වශයෙන් ව්‍යාප්ත වී තිබීම චන්ද්‍ර නිර්මාණයෙහි කෘත්‍රිම ස්‌වභාවය අනාවරණය විදහා දැක්‌වීම සහතික කිරීමට වෙනත් නවතම සාක්‍ෂි අවශ්‍ය නොවේ.
චන්ද්‍රයාගේ අරුම පුදුම කක්‍ෂ මාර්ගය හා ඉතා ඈත අතීතයෙහි එය පෘථිවියට ආසන්නව ප්‍රවර්තනය වූ බවට සාක්‍ෂි මෙන්ම පෘථිවියෙහි යුගයෙන් යුගයෙහි වෙනස් වාර්ගිකයන් ලෙස ස්‌වභාවයන් හා ස්‌වරූපයෙන් දියුණු පෘථිවි මානුෂ වාර්ගිකයන් එනම් හෝමෝ සේපියන්ස් සේපියන්ස් (HOMO SAPIENS - SAPIENS) ජනාවාස පිහිටුවීමේ යුග ප්‍රවර්තන කාලසීමාවන් දක්‌වා චන්ද්‍රයා පෘථිවියෙන් ක්‍රම ක්‍රමයෙන් දුරස්‌ථ වූ බව පෙනී යයි.
වර්ෂ මිලියන ගණනාවකට පෙර චන්ද්‍රයා පෘථිවියට ඉතා සමීපව පිහිටා තිබූ බව බ්‍රිතාන්‍යය තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් ඩී. බැරොන් පවසන අතර එවිට පෘථිවියෙහි එක් දවසක කාලය පැය 21.9 පමණ වූ බවද සඳහන්ය. දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳු වැටියෙහි මීටර් 4000 උස් ප්‍රදේශයන්හි වර්ෂ දහස් ගණනක් පැරණි සමුදු අවසාදිතයන් සොයා ගනු ලැබූ අතර එසේ පිහිටීමට හේතුව උදම් තරංග නිසා බවද චන්ද්‍රයා පෘථිවියට සමීපස්‌ථ කක්‍ෂයක පිහිටීමෙන් එසේ සිදුවන්නට ඇතැයි ඔහු නිගමනය කර ඇත.
(මේහිදි මා එරන්ද ද සිල්වා සහෝදරයාට සහ දේශප්‍රිය නානායක්‌කාර සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා.තොරතුරු අයිතිය ඔවුන් සතුය.)
දිගටම ලියන්න, ආසාවෙන් කියවනවා
ReplyDeleteමේක නියමයි බං...
ReplyDeleteමුල් ලිපිය කියෙව්වත් කොමෙන්ට් එකක් නොදැමීම ගැන මම කණගාටු වෙනවා.මේ ලිපි 2 නම් නියමයි.ඒත් ටිකක් විශ්වාසකරන්න අමාරුයි. විද්‍යාවේ සමහර දේවල් පැහැදිලි කරන්න තාම සOකල්ප නැති බව මෙයින් තවත් පැහැදිලියි.ඒත් ඒ සැනින් ඒවා අදි භෞතික ලෙසම පිලිගත යුතු නැති බවයි මගේ හැගීම..දිගටම මේ වගේ ලිපි ලියන්න
ReplyDeleteela, ela, go ahead
ReplyDeleteනියමයි... මට නම් මේක කියවලා එක එක අමුතු අමුතු දේවල් හිතට එනවා. හරිම ආසවෙන් ලිපි 2 ම කියෙව්වා. මේ වගේ විශයයන් හැමෝටස දිරවන්නේ නෑ. ඒ නිසා comments අඩු වුනත් hits නැති වුනත් සැලෙන්නෙපා. දිගටම ලියන්න. පුළුවන් නම් "චන්ද්‍ර සංචාරකයෝ" කියන පොතට ලින්ක් එකක් හොයලා දෙන්න. ජයවේවා....
ReplyDeleteමේ ලිපි දෙකේ චන්ද්‍රයා ගැන තිබුණු සමහර කරුණු දැනගෙන හිටියත් ගොඩක් දේවල් දැනගත්තේ මේ ලිපි දෙක කියවලා.
ReplyDeleteමචන් මේ වගේ ලිපි දිගටම ලියන්න. අපි බලනවා.
Interesting.Keep on writing what you think and what you are interested.All the best.
ReplyDeletehttp://srilankantheatre.blogspot.com/
@all
ReplyDeleteසියළුදෙනාගෙම දිරිමත් කිරිම් වලට ස්තුතියි...
නියම ලිපි පෙළ.දිගටම ලියන්න. මුල් ලිපිය බලලා comment නොදැම්මේ වැඩ අධික වීම නිසයි.
ReplyDeleteඅයියේ බයවෙන්න එපා.මටත් මුල් ලිපියට comment එකක් දාන්න බැරි වුනා.ඒත් මම මේ වගේ ලිපි අනිවර්යෙන්ම කියවනවා.
ReplyDeleteහරිම රසවත් ඒ වගේම නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා, කවුද දන්නෙ? හෙට සමහරවිට අද මතවාද පමණක් වෙන කරුණු ඇත්ත වෙන්ඩ හොඳටම පුලුවන්කම තියෙනවා,
ReplyDeleteGreat work. keep continuing
ReplyDeleteaththatama niyamaii. mama dan ubawa tag kara gaththa machannn....
ReplyDeleteThanks a lot for sharing this valuable information.
ReplyDelete