චන්ද්‍රයා පිලිබදව එහෙම නැත්නම් සද පිලිබදව අපට ඇත්තේ සෞම්්‍ය සිතුවිලි සමුදායකි. සද පිලිබදව විවිද වු කවි , ගිත නිර්මාණය වි ඇත්තේ එහි තිබෙන අපුර්වත්වය හා ලස්සන නිසාය..
එහෙත් මේ චන්ද්‍රයා කොතරම් ගුප්තදැයි කාට හෝ මිට පෙර වරක් හෝ සිතුනේද?
මම මේ ලිපිය ලිවිමට උනන්දුවක් ඇතිඋනේ චන්ද්‍රයා වෙනත් ජිවින් කොටසකගේ නිර්මාණයක් යැයි මා මිට පෙර අසාතිබුනත් ඒ පිලිබදව වැඩිපුර සොයා බලා ලිපියක් ලිවිමට තිරනය කලෙමි.
චන්ද්‍රයා මතට 06 වරක්‌ම ගොඩ බැස කිලෝ ග්‍රෑම් 400 - 500 පමණ පස් හා නොයෙකුත් පාෂාණ වර්ගද ඡායාරූප හා වීඩියෝ පට විශාල ප්‍රමාණයක්‌ද පෘථිවි ගෝලයට ප්‍රවාහනය කර චන්ද්‍ර තලය පර්යේෂණ කිරීම සඳහා න්‍යෂ්ඨික බල විද්‍යාත්මක පර්යේෂණාගාර 05 ක්‌ම සවිකරනු ලැබූවද චන්ද්‍රයා සම්බන්ධ මූලික ප්‍රශ්නයක් වන එහි නිර්මාණය හා භෞතික පිහිටීම කෙසේ සිදුවීද යන්න ගැන විද්‍යාඥයන්ගේ ඒකමතික තීරණයක් අද වන තුරු ප්‍රකාශයට පත් කර නැත.
පෘථවි චන්ද්‍රයා අනියමය ස්‌වභාවයෙන් යුක්‌ත බවද එම නිසාම එහි නිර්මාණය හා පිහිටීම අතිශයින්ම ගුප්ත ස්‌වරූපයක් ප්‍රකාශ වන බවද චන්ද්‍රයා පිළිබඳව විවිධාකාර පර්යේෂණයන්හි යෙදී සිටින විද්‍යාඥයන්ගේ මතයයි. බොහෝ විද්‍යාඥයන් පෙරදී විශ්වාස කරන ලද්දේ චන්ද්‍රයා, සූර්යයාට හා පෘථිවියට වඩා කාල ප්‍රමාණයෙන් අඩු කාල සීමාවක නිර්මාණය විය යුතු නමුත් නවතම සොයාගැනීම් අනුව පැහැදිලි වී ඇත්තේ එය පෘථිවියට පමණක් නොව අපගේ සූර්යාටත් වඩා පැරණි බවය. විද්‍යාඥයන් විසින් අන්තරීක්‍ෂ කිරණ චන්ද්‍ර පාෂාණ මත පතිත වීමෙන් හටගන්නා ලද පථයන් පරීක්‍ෂා කරන ලදුව ඒවා බිලියන 4.5 වඩා පැරණි මෙන්ම, ඒ අනුව පෘථිවියටද වඩා පෞරාණික බව සොයා ගන්නා ලද අතර නාසා ආයතනයේ චන්ද්‍ර විමර්ශන කමිටුවේ ආචාර්ය රොබර්ට් ජස්‌ට්‍රොa ප්‍රකාශ කරන පරිදි චන්ද්‍රයා සෞරග්‍රහ මණ්‌ඩලයටත් වඩා පැරණිය. පෘථිවියේ දැනට සොයාගෙන තිබෙන පාෂාණ වර්ග බිලියන 3.5 ක් පමණ පැරණි වන අතර මේ අනුව පොදු වශයෙන් පෘථිවිය බිලියන 4.6 ක් පැරණි යෑයි පොදු පිළිගැනීමය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ සඟරාවේ (SKY & TELESCOPE HARVARD ASTRONOMY JOURNAL)එක් චන්ද්‍ර පාෂාණයක් වර්ෂ බිලියන 5.3 පැරණි බව වාර්තා කර ඇත. වඩාත් පුදුම සහගත සොයාගැනීමක් වනුයේ චන්ද්‍ර පාෂාණ මත වූ ධූලි එම පාෂාණයන්ට වඩා වර්ෂ බිලියනයක් පැරණි වන බවය. රසායනක විශ්ලේෂණයන්ට අනුව චන්ද්‍ර පාෂාණ ඒ අවට තිබූ පස්‌වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක සම්මිශ්‍රණයකින් නිර්මාණය වී ඇති බව සොයාගෙන ඇත. සත්‍ය වශයෙන්ම ධූලී නිර්මාණය වනුයේ පාෂාණ හා පස් විවිධ කාලගුණික හසුවීමෙන් වන අතර මේ චන්ද්‍ර පාෂාණ වෙනත් ස්‌ථානයකින් පැමිණියේ යෑයි සැක පහළ වී ඇත.
සාමාන්‍ය වශයෙන් පාෂාණ පසෙහි ගිලා බැස හෝ යටට කා වැදී පවතින බව අප ප්‍රත්‍යක්‍ෂ කර ඇති මුත් චන්ද්‍රයාගේ අධි බර පාෂාණ චන්ද්‍ර පෘෂ්ඨයෙහි මතු පිට රැඳී තිබේ. මේ පිළිබඳව පරීක්‍ෂණයන්හි නියුතු ආචාර්ය දොන් විල්සන් සඳහන් කරන පරිදි ටයිටේනියම් ලෝහය වැනි තාපසහ (අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන) මූල ද්‍රව්‍යයන් චන්ද්‍රයා මතුපිට බහුල වශයෙන් දක්‌නට ලැබෙන අතර භූ විද්‍යාඥයන්ගේ මතය වනුයේ උක්‌ත තාප හා මූල ද්‍රව්‍යයන් කිසියම් නොදන්නා ආකාරයකින් චන්ද්‍ර තලය වෙත ගෙන එන ලද බව ප්‍රශ්න කළ නොහැකි බවය.
චන්ද්‍ර පෘෂ්ඨයේ ප්‍රථම ස්‌තරය කිලෝ මීටර් තිස් දෙකක ඝනත්වයකන් යුතු වන අතර එය පෘථිවියේ ගිනි කඳුවලින් ගලායන ලාවා වැනි හා සමාන ද්‍රව්‍යයකින් සමන්විතය. ද්විතිය ස්‌තරය අවම වශයෙන් කිලෝ මීටර් 80 ක් හෝa ඊට වැඩි ඝනත්වයකින් යුතු වන අතර එය ඝනිභූත වූ පාෂාණ වැනි ද්‍රව්‍යයකින්ද තෘතිය ස්‌තරය කිලෝ මීටර් 128 ක ඝනත්වයක් දරන අතර පෘථිවි පෘෂ්ඨය හා සමාන අධි බර ඇති ද්‍රව්‍යයකින් නිර්මාණය වී තිබේ. පෘථිවිය හා චන්ද්‍රයා එකම අවස්‌ථාවක නිර්මාණය වූයේ නම් පෘථිවියේ පමණක් යකඩ ලෝහය විශාල වශයෙන් දර්ශනය වන අතර චන්ද්‍රයා තුළ අතිශයින්ම සුළු ප්‍රමාණයක් අන්තර්ගත වී ඇත්තේ කෙසේ දැයි විද්‍යාඥයෝ ප්‍රශ්න කරති. එසේම චන්ද්‍රයාගේ හා පෘථිවියේ රසායනික මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර තාරකා භෞතික විද්‍යාඥයන්ට චන්ද්‍රයා පෘථිවියේ චන්ද්‍රයෙකු බවට පත්a වූයේ කෙසේ දැයි විස්‌තර කිරීමට මේ දක්‌වාම නොහැකි වී ඇත. චන්ද්‍රයා අතිශයින්ම වියළි වන අතර එහි මතුපිට කිසියම් ප්‍රමාණයක් ජලය පැවැතියේ යෑයි චන්ද්‍ර පාෂාණයන්ගෙන් කිසිසේත්ම හෙළිවී නොමැත. එසේ වුවද චන්ද්‍ර පාෂාණ චුම්භකත්වයෙන් යුතු වන නමුත් චන්ද්‍රයා පූර්ණ වශයෙන්ම චුම්භක ස්‌වභාවයෙන් විරහිතය. බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනුයේ අතීත යුගයෙහි චන්ද්‍රයා පෘථිවියට සමීපව ප්‍රවර්තනය වූ නිසා පාෂාණ චුම්භකත්වයෙන් යුතු වන්නට ඇති නමුත් එවැනි ප්‍රමාණයක චුම්භකත්ව දරා ගැනීමට චන්ද්‍රයා පෘථිවියට ආසන්න වූයේ නම් පෘථිවියෙහි ආකර්ෂණය හේතුවෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සුණුq විසුණු වී යනු ඇතැයි යන්නය.
ඉතා ඈත අතීතයේ සිදු වූවාක් මෙන් චන්ද්‍රයාගේ ගිනි කඳු හේතුවෙන් ගලා ගිය ලෝහ ගංගාවන් හේතු කොටගෙන සිනිඳු පැහැදිලි පාෂාණ චන්ද්‍රයා මත දක්‌නට ඇත. එසේම චන්ද්‍ර ආවාටයන් උල්කාපාත හේතුවෙන් නිර්මාණය වී ඇති නමුදු සමහර ආවාටයන් චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන්ම ප්‍රසාරණය වී නිර්මාණය වී තිබේ. නමුත් චන්ද්‍රයාගේ ගිනි කඳු ඇති වීමට අවශ්‍ය උෂ්ණත්වය හා සංසන්දනය කරන විට චන්ද්‍ර අභ්‍යන්තරයෙහි ඉතාමත් සුළු විකිරණශීලි බවක් පවතින අතර සමහර විද්‍යාඥයන් අදහස් කරනුයේ වර්ෂ බිලියන ගණනාවකට පෙර චන්ද්‍රයා උෂ්ණත්වයෙන් ඉහළ මට්‌ටමක පැවැති අතර එකල ගිනිකඳු පුපුරා යන්නට ඇති අතර චන්ද්‍රයා ග්‍රහ වස්‌තුවක් ලෙස ගත් විට ඉතාම කුඩා නිර්මාණයක් වන හෙයින් පසුව ඉතා වේගයෙන් උෂ්ණත්වය අතිශයින් පහත බැස ඇති බවය. නමුත් ගිනි කඳු නිසා ඇති වූ ලාවා පරීක්‍ෂා කළ විද්‍යාඥයන් ඒවා පෙර දිනයේ ඇති වූ ඒවා මෙන් ඉතා නව්‍ය ස්‌වභාවයෙන් යුතු බව පෙනී යන්නේ යෑයි ප්‍රකාශ කර ඇත. උක්‌ත සොයා ගැනීම් හේතුවෙන් චන්ද්‍රයාගේ සම්පූර්ණ ඉතිහාසය මුළුල්ලෙහි ගිනි කඳු පුපුරා යමින් පැවැතියේ යෑයි අවධාරණය කරමින් සිටි විද්‍යාඥයනගේ මතය මේ හේතුවෙන් බිඳ වැටුණි.
චන්ද්‍රයා පිළිබඳ තවත් ගැටලුවක් නම් චන්ද්‍රයාගේ ලාවා ගලා යාමෙන් නිර්මාණය වූ මරේ හෙවත් මුහුද නමින් හඳුන්වන සියලුම ප්‍රදේශයන්ගෙන් පහෙන් හතරක්‌ම පෘථිවියට මුහුණලා ඇති කොටසේ පිහිටා තිබෙන අතර ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පෘථිවියට නොපෙනෙන පාර්ශ්වයෙහි පිහිටා තිබීමයි. චන්ද්‍රයාගේ උක්‌ත අඳුරු කොටස නමින් වැරදි ආකාරයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශය ආවාට හා කඳු රාශියකින් සමන්විතය. මරේ හෙවත් මුහුද නමින් හඳුන්වන ප්‍රදේශය බොහෝ විට තැනිතලා ප්‍රදේශ බවට පත්වී තිබෙනුයේ ගිනි කඳු පිපිරීමෙන් ගලාගිය ලාවා හේතුවෙන් ආවාට පිරීගොස් ඇති හෙයින් බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. සෑම මුහුදකම මධ්‍යයේ එනම් කිලෝ මීටර් 64 හා 32 ත් අතර ප්‍රදේශයක සුවිශාල ලෝහමය ගෝලාකාර ආකෘතීන් දක්‌නට ලැබේ. පෙරදි මේ වස්‌තූන් චන්ද්‍රයා මත පතිත වූ කිසියම් උල්කාපාත හෝ කුඩා ග්‍රාහක ලෙස සලකන ලද නමුත් එම ආකෘතින්හි ගෝලාකාර ස්‌වරූපය නිසා කිසියම් කෘත්‍රිම නිර්මාණයක් බව පිළිගෙන ඇත. ආචාර්ය විල්සන්ගේ මතය අනුව සෑම විශාල මුහුදකම මධ්‍යයේ මෙවැනි ගෝලාකාර වෘත්තාකාර ආකෘතීන් දක්‌නට ලැබීම අහම්බයක් නොවන බවය. මේ ආකාරයට ඉහළින් හෝ සමීපව ගමන් කළ සියලුම පෘථිවි අභ්‍යාවකාශ යානාවන් එසේ ගමන් කළ හැකි සෑම අවස්aථාවකම යානයේ කක්‌ෂ මාර්ගයෙන් ඈත් වී ගමන් කර තිබෙන හෙයින් මේ අපූර්ව ආකෘති පිළිබඳව වඩාත්ම විමර්ශනයට භාජනය කර ඇත.
චන්ද්‍රයා මතට ගොඩ බසින ලද ලූනර් මොඩුල් නමින් හඳුන්වනු ලැබූ යානාවන් 1968 සිට 1970 දශකයේ මුල් කාර්තුව දක්‌වා ක්‍රියාත්මක විය. ඇමරිකානු අභ්‍යවකාශ යානා ඉංජිනේරුවරයකු වන තෝමස් ඡේ. කෙලි මෙහි නිර්මාතෘවරයාය. (LUNAR MODULE, THE AMERICAN AEROSPACB ENGINEER, THOMAS J. KELLY) උක්‌ත යානා සියල්ලම චන්ද්‍ර ගාමීන් විසින් චන්ද්‍රයා මතට පතිත කරනු ලැබූ විට ලෝකයා ඒ පිළිබඳව කල්පනා කළේ එම යානා ආපසු රැගෙන ඒම අනවශ්‍ය බැවින් එම යානා සඳ මත හෙළන ලද බවයි. නමුත් එවැනි පතිත කිරීම් චන්ද්‍රයා පිළිබඳ පවත්වනු ලැබූ පර්යේෂණයන්හි එක් අවස්‌ථාවක් වූ අතර එයින් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වූයේ එම යානා චන්ද්‍රයා මතට පතිත වීමෙන් කෘත්‍රිම භූ චලන ඇති කර චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි ප්‍රතික්‍රියාවන් සොයා මැන බැලීම මගින් චන්ද්‍රයාගේ ඝනත්වය, භෞතික පිහිටීම හා ස්‌වභාවය නිර්ණය කිරීමය. චන්ද්‍රයාගේ ඝනත්වය වර්ග සෙන්ටි මීටරයකට ග්‍රෑම් 3.34 වන අතර පෘථිවියේ ඝනත්වය ග්‍රෑම් 5.5 ක්‌ය. චන්ද්‍ර පාෂාණයන්ගෙන් හෙළිවූ වැදගත් කරුණක් නම් පෘථිවි පෘෂ්ඨය හා සසඳන විට චන්ද්‍රයාගේ අභ්‍යන්තරය ඉතාම කුඩා හරයක් හෝ බොහෝ විට කුහරයක් බවය.
චන්ද්‍රයාගේ අඳුරු කලාපයේ පිහිටි මෙම වස්‌තුව සුපිරි සභ්‍යත්ව ජීවීන්ගේ යානාවක් බවට විද්‍යාඥයෝ සැක පහළ කරති.
මේ පිළිබද වැඩි විස්‌තර දැන ගැනීමට පහත වෙබ් අඩවි නිරික්‍ෂනය කළ හැක
www.space.com
www.davidicke.com
www.skymania.com
www.apocalypse7thunders.blogspot.com
www.ufocasebook.com/moon
චන්ද්‍රයාගේ මුහුද (Sea of crises) නමින් හඳුන්වන මරේ ක්‍රීසියම් (mare Crisium) ප්‍රදේශය
නාසා විද්‍යාඥ ආචාර්ය ගෝර්ඩන් මැක් ඩොනල්ඩ් (NASA SCIENTIST
GORDON MACDONALD) චන්ද්‍රයාගේ අභ්‍යන්තර පිහිටීම පිළිබඳ බොහෝ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඔහුගේ නිගමනය වනුයේ චන්ද්‍ර අභ්‍යන්තරය චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයට වඩා ඝනත්වයෙන් ඉතාමත් අඩු බවය. ඇත්ත වශයෙන්ම චන්ද්‍රයා කුහර සහිත වන අතර එහි පෘෂ්ඨයේද එක හා සමාන ඝනත්වයක් දක්‌නට නොලැබේ යෑයි ඔහු තීරණය කර ඇත.
නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයකු වන මහාචාර්ය හැරල්ඩ් යුරේ (NABEL
PRIZE WINNER PROF:- HAROLD UREY) අදහස් කරනුයේ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි බොහෝ ප්‍රදේශයන් කුහර සහිත බවය.
මැසිචුසෙට්‌හි එම්.අයි.ටී. තාක්‍ෂණික ආයතනයේ ආචාර්ය එස්. ඩී. සොලමන් (Massachusetts Institute of Technology S. D. Solomon) චන්ද්‍රයාගේ ආකර්ෂණ ක්‍ෂේත්‍රය පරික්‍ෂා කරමින් කරුණු විමර්ශනයට ලක්‌කර නිගමනය කරනු ලැබුවේ චන්ද්‍රයා අප භීතියට පත් කරන අභිලාෂයෙන් එය සත්‍ය වශයෙන්ම යෝධ කුහරයකින් යුක්‌ත බවය.
1969 නොවැම්බර් 20 වැනි දින ඇපලෝ 12 චන්ද්‍රගාමීන්ගේ චන්ද්‍ර මොඩුලය (Apollo 12, Kennady Space Center Florida, U.S.A. Commander, Charles
Conrad J r. Third Space Flight, Command Module Pilot Richard F. Gordon
Jr. Second Space Flight Lunar Module Pilot Alan L. Bean First Space Flight) ඹවුන් චන්ද්‍රයා මත ගොඩ බසින ලද ස්‌ථානයට කිලෝ මීටර් 64 දුරින් චන්ද්‍රයා මතට පතිතවීමෙන් පිහිටුවන ලද උපකරණයන් මගින් අපේක්‍ෂා නොකළ පුදුම සහගත ප්‍රතිඵල වාර්තා විය. එනම් පැයකටත් වඩා අධික වේලාවක් ඝාණ්‌ධාරයක් මෙන් නාද වෙමින් දෝංකාර ඇති කිරීමයි. ස්‌පන්ද තරංග උච්චතම අවස්‌ථාවට පත් වීමට මිනිත්තු 08 ක් ගත වූ අතර පසුව සෙමෙන් එම දෝංකාරය හීන වී ගොස් ඇත. උක්‌ත පර්යේෂණය කළ කණ්‌ඩායමේ සම අධ්‍යක්‍ෂවරයකු වන ආචාර්ය මොරිස් එවින් (Dr. Morris Ervin) පුවත්පත් වාර්තාකරුවන් අමතමින් චන්ද්‍රයා මෙසේ දෝංකාරය නැංවීමට හේතුව අනාවරණය කිරීමට තමා අකමැති බවද එය කිසිවකු පූජනීය ස්‌ථානයක ඝන්ටාරයක් නාද කළවිට ඇතිවන ප්‍රතික්‍රියාව හා සමාන බවද පැවැසීය.
චන්ද්‍රයා ආසන්නයේදී අවහිරයට පත්ව චන්ද්‍රයා මත ගොඩ නොබැස ආපසු පැමිණි ඇපලෝ 13 යානයද, (Apollo 13, 1970-04-11
Commande James A. Lovell Jr. Command Module Pilot Ken
Mattingly. Lunar Module Pilot Fred W. Haise Jr. The Apollo
13 Misson was to Explore the Fira Formation) එවැනි ඝර්ෂණය කරන ලද අතර චන්ද්‍ර මොඩුලයේ පතිත වීමේ ඝර්ෂණය ටී.එන්.ටී. ටොන් 11 ක පිපිරීමේ ශක්‌තියක් නිර්මාණය කළේය. එය විශාල බෝම්බයක් පිපිරීමේ ශක්‌තිය හා සමාන විය. නාසා ආයතනයට අනුව චන්ද්‍රයා මත මීට පෙරදී පිහිටුවන ලද භූ චලන මාපකය ඇපලෝ 13 චන්ද්‍ර මොඩුලය පතිත වූ ස්‌ථානයෙන් කිලෝ මීටර් 174 ක් දුරින් පිහිටි අතර එහි සටහන් අනුව එම ඝර්ෂණයෙන් චන්ද්‍රයා ජපන් ඝණ්‌ඨාරයක් මෙන් බොල් හඬක් නැංවූ බවද දෝංකාරය පැය තුනක් සහ මිනිත්තු 20 ක් මුළුල්ලෙහි පැවැති බවද කම්පන තරංග කිලෝ මීටර් 36 සිට 40 දක්‌වා ආසන්නයට ගමන් කරන ලද බවද වාර්තා විය.
චන්ද්‍රයා මතට මෙසේ යානා කිහිපයක්‌ම පතිත කරන ලදුව ඒ සියල්ලක්‌ම එවැනි ප්‍රතික්‍රියාවක් නිර්මාණය කරන ලද අතර එක් අවස්‌ථාවකදී දෝංකාරය පැය 04 ක්‌ම පැවැති බවට සටහන් වී තිබේ. 1972 මැයි 13 වැනි දින චන්ද්‍රයා මත පතිත වූ ග්‍රාහකයන් ටී.එන්.ටී. ටොන් 200 ක ඝර්ෂණයක් ඇති කරන ලදුව චන්ද්‍රයා මත ඒ වනවිට පිහිටුවනු ලද උපකරණ මගින් වාර්තා වූ තොරතුරු වලින් හෙළිවී ඇත්තේ එම ග්‍රාහකය නිසා ඇති වූ තරංග අභ්‍යන්තරයට ගමන් කරන ලද නමුත් ආපසු චන්ද්‍රයා මතුපිටට ගමන් නොකරන ලද බවය. නාසා ආයතනය විසින් චන්ද්‍රයා කුහර සහිත වූ අභ්‍යන්තරය හිස් වූ ලෝකයක්‌ද යන්න නිර්ණය කිරීම සඳහා පර්යේෂණයන් පවත්වන ලද නමුත් ඒවායේ ප්‍රතිඵල ප්‍රසිද්ධ නොකරන ලදී. නාසා ආයතනයේ ආචාර්ය ෆාරුක් එල්. බේස් ප්‍රකාශ කරනුයේ චන්ද්‍රයාගේ පෘෂ්ඨය තුළ සොයා නොගන්නා ලද සුවිශාල කුහර විශාල ප්‍රමාණයක් පවතින බවද ඒ බව නිගමනය කිරීමට චන්ද්‍රයා මත පර්යේෂණ කිහිපයක්‌ම පවත්වන ලද බව පමණක් ඔහු අනාවරණය කළේය.
(දෙවනි කොටස බලා පොරොත්තුවන්න)
මේහිදි මා එරන්ද ද සිල්වා සහෝදරයාට සහ දේශප්‍රිය නානායක්‌කාර සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා.තොරතුරු අයිතිය ඔවුන් සතුය.
මචන් වටිනා ලිපියක්.
ReplyDeleteදෙවනි කොටසත් ඉක්මනින්ම දාන්න.
නියමයි... තව ලියන්න... ජය
ReplyDeleteමට මතක් වෙනව ආතර් සී. ක්ලාර්ක් මහත්මයගෙ කියමනක්, "සත්‍යය ඔබ සිතනවාට වඩා විශ්මයජනක පමණක් නොව ඔබට සිතාගත හැකිවාටද වඩා විශ්මයජනකය"
ReplyDeletegodak watinawa tha liyanna
ReplyDeletetanks