ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 14 March 2011

ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්....


රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.

මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.

මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.

ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.

වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.

ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.

“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”

“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”

ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.
නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.

(මෙම ලිපිය ලිවිමට එරන්ද සොයුරාගේ ලිපියක් මුලාශ්‍රකොට ගත්තකි)

27 comments:

  1. මෙ ලිපියට මූලාශ්‍ර වූ හැම දෙයක්ම සටහන් තබන්න. අපටත් සොයා ගන්න.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.රාවණා යුගය කෙරෙහි ක්‍රමවත් විද්‍යාත්මක පරීක්ෂණයක් කල යුතු බව මම විෂ්වාශ කරම්.මේ පිලිබද ඉතාමත් හොද විස්තරයක් රිවිර පත්තරෙත් ගියා.

    ReplyDelete
  3. මේ ලිපිය අති සාර්ථකයි...මා ළඟ තව කරුණු තියෙනවා. පස්සෙ දමන්නම්

    ReplyDelete
  4. නියම ලිපියක්. සෑහෙන තොරතුරු තිබුණා. ගොඩක් ස්තූතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  5. පුළුවන්නම් මේ ලිපි ඉංග්‍රීසියෙන් පළ කරන්න... වෙන රටවල් වල අය බලන සිංඩිකේටරයක පල කරන්න පුළුවන්නම් තව ගොඩක් වටිනවා

    ReplyDelete
  6. @all
    මේ ලිපියක් ලියන්න මට ප්‍රබල ලෙස බලපැවේ "එරන්ද" සොහොයුරාගේ fecebook එකේ තිබුනු ලිපියක් දැකිමෙනුයි.
    රිවිර පත්තරේ පල උන ලිපි පෙලත් මා කියවුවා.

    ReplyDelete
  7. @නීනු නෙරංජි
    හෙළ අසුර අධිරාජ්‍යයේ රාවනා යුගය කියනමේ ලිපියත් කියවන්න. මෙය ලියලා තියෙන්නේ උදිත අයියාගේ සෙල්ලිපිය අඩවියේ..
    http://sellipiya.blogspot.com/2010/02/blog-post.html

    ReplyDelete
  8. සිරා ලිපියක්.. නොදන්නා දේ බොහෝමයක් දැනගත්තා..

    ReplyDelete
  9. ඉතාමත් වටින ලිපියක්. බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට. ඉතිරි ලිපි ටිකත් ඉක්මනින්ම දාන්න ලැබේවා :D

    ReplyDelete
  10. වැදගත් ලිපියක්... ඉතුරු කොටස් ටිකත් කියවන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  11. ස්තූතියි. තවත් ලියන්න. ශ්‍රී රාවණ යුගයක් යලිත් ලැබෙනවා සිකුරුයි....

    ReplyDelete
  12. මේ ලිපියේ වටිනාකම වචනයෙන් කිව නො හැකියි. තව ලියන්න.

    ReplyDelete
  13. ඔබගේ ලිපියෙන් බොහෝ නොදන්නාදේ දැනගතිමි .නමුත් සොයුර මාත් ඔබමෙන් රාවණා විශ්වස කරමි මට ඇති ගැටලුවනම් මෙතරම් විස්තර සෝයගැනීමට ඔබට උපකර කල මාරගය හො එයට අදාල තොරතුරු කිසිවක ඔබ සපයානොමැති අතර ඔබ මෙන්ම රවණා ගැන කතාකරන සියළුදෙනාත් මෙම විදිහටම තොරතුරු හෙලිනොකරන බවක් පෙනේ කරුණාකර ඔබට හැකිනම් මාගේ .....aravinda_hiran@yahoo.com...ලිපිනයට මෙම තොරතුරු ලාබාදෙන්න ඔබට පිං

    ReplyDelete
  14. ගොඩක් හොද ලිපියක්. මමත් විස්තර හොය හොයා හිටියෙ රාවණා පුවත ගැන. 2008වස‍රෙදි මට රාවණා පුවත ගැන පොතක් කියවන්න ලැබුණා. එම පොතේ තිබුණු කරුණු ඔබ ලිපියේ සදහන් වෙනවා. තවත් කරුණු රුස්කරන්න. මම ඒ පොත නැවත සොයා ගන්න උපරිම උත්සාහයක් දරන්නම්.

    ReplyDelete
  15. ඉහත ලිපියේ (16 May) සදහන් පෙතේ නම ශී රාවණ්ණා පුවත කතුවරයා භදුජි මහින්ද ජයතිලක මහතා.

    ReplyDelete
  16. රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේතුව ඒ තරම් ඈත කාලයේ පටන් මෙහේ ජිවත් වුන අය නැවත ඉපදිලා ඉන්නවා. අනික විජය වගේ පල් හොරෙක්ගෙන් රට පටන්ගත්තා කියන පච වලට වඩා දැන්වත් පාසල් පෙළ පොතට මනු රාජ වංශය තාරක රාජ වංශය බලිරාජ වංශය හා රාවණා පිළිබදවත් ඇතුලත් වෙන්න ඕනෙ.

    රාවණා ගැනම කතා කළාට මීට පෙර ඒ කියන්නෙ මේ මහා භදු කල්පයේම තවත් බුදුවරැන් කකුසද / කෝණාගම/ කාශ්‍යප යුග පසු කලේ මේ පොලෝ තලයේම බව සාක්ෂි එකිනෙක හෙලි වෙනාව. ඒ අතරින් තමයි මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද සදහන් වෙන්නේ....... බොහෝ දෙනෙක් මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද දන්නෙ නැහැ.

    ඇත්තටම මේවා අවුරැදු 30,000 කට වඩා පැරණියි.

    ReplyDelete
  17. රාවණ යුගය ගැන හොයන්න බොහෝ දෙනෙක් උනන්දුයි. ඒකට හේතුව ඒ තරම් ඈත කාලයේ පටන් මෙහේ ජිවත් වුන අය නැවත ඉපදිලා ඉන්නවා. අනික විජය වගේ පල් හොරෙක්ගෙන් රට පටන්ගත්තා කියන පච වලට වඩා දැන්වත් පාසල් පෙළ පොතට මනු රාජ වංශය තාරක රාජ වංශය බලිරාජ වංශය හා රාවණා පිළිබදවත් ඇතුලත් වෙන්න ඕනෙ.

    රාවණා ගැනම කතා කළාට මීට පෙර ඒ කියන්නෙ මේ මහා භදු කල්පයේම තවත් බුදුවරැන් කකුසද / කෝණාගම/ කාශ්‍යප යුග පසු කලේ මේ පොලෝ තලයේම බව සාක්ෂි එකිනෙක හෙලි වෙනාව. ඒ අතරින් තමයි මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද සදහන් වෙන්නේ....... බොහෝ දෙනෙක් මනු / තාරක/ බලි යන රාජවංශ පිළිබද දන්නෙ නැහැ.

    ඇත්තටම මේවා අවුරැදු 30,000 කට වඩා පැරණියි.

    ReplyDelete
  18. @kalutharadistrict EDU
    ඔබට අවශ්‍ය තොරතුරු මම ඔබගේ email ලිපිනයට එව්වා..

    @MAKELAND PICTURES®™
    ඇත්ත. රාවණා රාජ වංශය ගැන සොයන්න ගොඩාක් දෙනෙක් උනන්දුයි. එත් පුරාවිද්‍ය දෙපාර්තුමේන්තුව මේ පිලිබදව වැඩි උනන්දුවක් නැ. අපි ඉගන ගන්නෙත්..සෙනරත් පරණවිතාරණයන් ඉගැන්නුවෙත් කොඩ්‍රින්ටංගේ ඉතිහාසය. ඒ ඉතිහාසයේ බොහෝ කරුණු වැරදියි....

    ReplyDelete
  19. යාළුව මේකෙ යක්ෂ ගෝතරය නෙවෙයි. යක්ක ගෝතරය හැටියට සදහන් වුනා නම් හරි. මොකද නැත්න්ම් මිනිස්සු හිතන්නෙදළ තියෙන මහ නපුරැ යක්කු කියලා.... ඒ නිසා මේ අය යක්ෂ නෙවෙයි යක්ක....

    ReplyDelete
  20. @ MAKELAND PICTURES
    ඈත්ත... යක් යනු යකඩ සන්කේතවත් නාමයක් බවත් ඔවුන් කර්මාන්ත කරුවන් බවත්,කුස රෑකිමට ගොවිතෑන් කල අය රක්+කුස රකුස් අය බවත්(එනම් ගොවින්), නා යනු නාවික කර්මාන්ත කල අය බවත් වන්නිහාමි නෑමති අය ලියු පුස්කොල පොතක සදහන් බව ආචාර්ය සුරිය ගුණසේකර මහතා සදහන් කරයි

    ReplyDelete
  21. දෙමල අන්තවාදීන් මුලින්ම තටමුවේ මහාවංසය බොරු කරන්න... නමුත් පුරාවිද්‍යාත්මක සක්ෂිමත බොහෝ කරුණු ඔප්පු කල හැකි නිසාවෙන් එය ලොව පිළිගත්තේ නෑ... ඊළගට ඔවුන්ගේ උත්සාහය උනේ මහාවංසයට පෙර සිටිය යයි කියන රාවණ ව බද ගැනීම... නමුත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මේ කතාව විහිළුවක් උනා.... නමුත් මෙහිදී මේ මතය පසු පස මෝඩ අන්තවාදී සිංහලයක් රොත්තක් දුවන්න ගත්ත... මුන්ගේ උත්සාහය තමා රාවණ අයිති කර ගැනීම.... එහිදී මේ අය මහාවංසය බොරු කරනවා... අර දෙමල අන්තවාදයට කර ගැනීමට අවශ්‍ය වුදේ කරලා දෙනවා... ඉන් පසු කිසිදු ලෙසකින් පුර විද්‍යාත්මක ඔප්පු කරගත නොහැකි මේ මිත්‍යාව නිසා සිංහල අයිතිය විනාස වෙලා කුඩු පට්ටම් වෙලා යනවා... මේ ගෝත්‍රවාදී හෙටක් දකින්න බැරි අන්තවාදී නරුමයින් කරන විනාසයේ රග ඉදිරියේදී බලාගත හැකි වේවි... ඉතිහාසය සොයා යා යුත්තේ විද්‍යාත්මක පදනමක් උඩ ලොව පිළිගත් අයුරෙනුයි... මේ විජාතික ආයතන වල බත් බැලයින් වන සුරිය ගුණසේකර, නලින් ආසනික් ද සිල්වා වැනි පුද්ගලයින්ගේ උවමනාවලට නොවේ...

    ReplyDelete
  22. Rajitha Karunasinghe12 Sept 2011, 23:19:00

    meka niyama kaalochitha lipiyak, Raawana kiyanne ape rate hitapu shreshta raja kenek, eth ape minissuma waalmiki kiyala pisseka liyapu raamayaneyakma allagena ekatama awadanawa, e unata ramayanaye unath kathawa purawatama rawana rajathuma dushtai qwata karapu eka dushta kamakwath kiyaganna waalmikita be.
    tharkanukoolawa hithala rawana rajathuma gena therum ganna me wage lipi godaak wedagath,

    ReplyDelete
  23. http://o3wall.com/forum/56 kamathi aya mekata post danna.

    ReplyDelete
  24. thawa tikak inna e ape MAHAEKA Lagadima aaaye enawa api atharata. SINHALA Jaathiye ekamuthuwai ,thripitaka parisheelanayai one ekata. Ape e prauda Ithihasaya Yali bihi wenta nam api hamoma thripitakayata yomu wenna one. DANATA API ATHARE OHU INNAWA.(HOYANTA EPA WADAK NA.) Me lipiyanam Niyamai Godaak de Aththa.Ape Sinhala Jaaathiyata Jayawewa.SRI RAWANAYAN NAWATHA BIHIWEWA................(Saka nam Iwasanna)

    ReplyDelete
  25. //මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී //
    සහොදරයා මෙතන පොඩි නිවැරදි කිරිමක් කරන්න ඔනෙ.. ඔබතුමා වෛශ්‍රවන රාවණ රජුගෙ පියා ලෙස පවසා තියෙනවා.. රාවණ රජුගෙ පියා විශ්‍රවස් රජු වෙ.. මව ගැන නම් පටත් පොඩි ගැටලුවක් තියෙනවා.. මන්ද ඇතැමුන් රාවණ රජුගෙ මව කෛකාසි කියන අතව තවත් අය පුෂ්පොත්කටා කුමරිය ලෙස කියයි.. එම නිසා එ ගැන මා මුකුත් නොකියමි.. නමුත් පියා විශ්‍රව රජු වෙ..

    ReplyDelete
  26. සමාවෙන්න සහොදරයා... මන් කියවන ගමන් අසහස්දක්වන නිසායි දෙකක් විදිහට අදහස් ආවෙ.. මෙක සියල්ල කියවා ඉවර වු පසු අසහස දාමි..
    සහොදරයා මන් ගැන වැරදියට යමක් හිතන්න එපා.. අපි කවුරු අතිනුත් වැරදි සිදිවෙනවා.. එවැනි වැරැද්දක් දැක්ක විට නිවැරදි කිරිම අපෙ යුතුකමක්..
    //විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි// මෙතන සහොදරයා එක කුසෙ උපන්නෙ රාවණ රජු හා කුම්භකර්ණ විතරයි. විභිෂණ කියන්නෙ විශ්‍රව රජු හා නාග කන්‍යාවක් වන මලිනි කුමරියට දාව කුමරෙකි.අභිරාවණ කියලා නම් සහොදරයෙක් ගැන මා අසා නැත.රාවණ රජුට කරන් හා තිරිසරන් කියලා සහොදරියන් දෙදෙනෙක් ඉන්නවා එ විශ්‍රව රජු හා කුම්බිනාසි කුමරියට දාව. නමුත් සුපර්ණිකා කුමරිය උපත ලබන්නෙ විශ්‍රව රජු හා රාගා දෙවියට දාව.. මෙ ගැන නම් කියන්න ගොඩක් කරුනු තියෙනවා සහොදරයා.. මෙහෙම අදහස් දැක්විමෙන් නම් කියලා ඉවරයක් කරන්න අමාරුයි.. ඔයාගෙ මෙ ගැන තියෙන උනන්දුව ගැන මට බොහොම සතුටුයි.. ඔයා මෙ කරන දෙ ගොඩක් හොදයි.. අපෙ ඉතිහාසය ගැන සමාජයට කියන එක.. මුහුණත්පොතෙහි "හෙළයෙක්" එහෙමත් නැත්තම් "හෙල යකෙක්" කියලා හොයන්න ස්වාස්තික ලකුණක් දාලා ඇති. අපි මෙ ගැන කාතා කරමු..

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්