ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 18 March 2011

එ.ජා.ප යට මොකද උනේ....


මෙවර පැවැත්වු පළාත් පාළන ජන්දයෙන් එ.ජා.ප යට දැවැන්ත පරාජයකට පත්ව තිබේ. පළාත් පාලන ඡන්ද විමසීම පළාත් පාලන ආයතන 234 ක පැවැත්වු අතර ඉන් පළාත් පාලන ආයතන 205 ක බලය දිනා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්ව තිබේ. එහෙත් එ.ජා.ප. යට බලය ලබා ගැනිමට පුලුවන් වෙලා තිබෙන්නේ ආයතන 09 ක් පමණි. මෙවර කැපි පෙනෙන වෙනසක් ලෙස එ.ජා.ප. මෙවර පළාත් පාලන ආයතන බලය දිනා ගැනීම අනුව තුන්වන ස්ථානයට පත්ව තිබේ. මෙයට හේතුව කුමක්ද? මේ ආකාරයට එ.ජා.ප. ජනතාවගෙන් ප්‍රතික්ෂේප විමට හේතුව කුමක්ද? අසාර්ථක නායකත්වයද? පක්ශයේ තිබෙන නායකත්ව බල අරගලය නිසාද? ....
එ.ජා.ප. මහ සමුළුව පවත්වා දින 90 කට වඩා ගතවි තිබුනත් පක්ෂය තුල කිසිදු ප්‍රතිසංවිදානයක් මෙවර පළාත් පාළන ජන්දයට ප්‍රථම නොපැවැත්විම මිට හේතුවක් ලෙස මා දකිමි.නමුත් ජන්දයට පෙර එ.ජා.ප. යේ පොරවල් පාරම්බැවේ මෙම ජන්දය ආණ්ඩුව ගෙදර යවන පලමු මැතිවරණය වනු ඇති බවයි. නමුත් වෙලා තිබෙන්නේ එ.ජා.ප. ජනතාවගෙන් ප්‍රතික්ෂේප විමයි. එ.ජා.ප. නායකයින් මෙය හොදින් තේරුම්ගත යුතුව ඇත. තමන්ට තිබු ආයතන වල බලයවත් ‍රැක ගැනිමට එ.ජා.ප. ට මෙම මැතිවරණයෙන් නොහැකි වි ඇත.

තවද මෙවර ජ.වි.පෙ ටද සිදුවි ඇත්තේ එ.ජා.ප. සිදු වු දේමය. ජ.වි.පෙ නායකයින්ද තේරුම් ගත යුතු දෙයක් ඇත. ලංකික ජනතාව තවම වෙනසකට සුදානම් නොමැති බව හා ඔවුන්ගේ තාර්කික සටන් පාඨ තවම ලංකාවට නොගැලපෙන බව.(මොකද ලංකාවේ තවමත් ඉන්නේ පිටරට ගොන් කිරි බි හැදෙන උන් නිසා...)
එහෙත් මෙම මැතිවරනයෙන් එක් දෙයක් හොදින් පැහැදිලිව පෙනි ඇත. එනම් අපේ රටේ ජනතාව බඩගොස්තරවාදින් නොව කළගුණදන්නා.... හොද...බුද්ධිමත්... දේශප්‍රේමින් බවයි..... :-)

3 comments:

  1. තෝ ඉතින් මේ කාලකණ්නි ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක් බව අපි නොදන්නවයැ. කොහොමත් ප්‍රාදේශීය මැතිවරණ වලදි ආණ්ඩු කරන පැත්තටම ඡන්දෙ දෙන එක වැදගත් කියල ලංකාවේ ඡන්ද දායකයෝ තාමත් හිතනවා. අනිත් එක ජනාධිපතිවරණය කොල්ලකා ගත්තට පස්සේ ඇතිවූ කලරීම නිසා විරුද්ධ පාක්ෂිකයන් ඡන්ද පොලට නොයාමත් ආණ්ඩුවට ලේසි වුනා.

    ජාතික තලයේ මැතිවරණයකදි මේ දූෂිත පාලකයන්ට ජනතාවම රිටන් එක දෙයි. එතකන් උබල වගේ කඩේ යන එවුවොන්ටයි ආණ්ඩුවයි නටන නැටුම් ජනතාව බලාගෙන ඉන්නේ.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ කකුළුවා නටන්නේ දිය හැළිය රත්වෙන තුරු පමණක් බවයි.

    ReplyDelete
  2. @ Namal
    සහෝට මම කියපු දේ තේරිලා නැ වගේ... මම ආණ්ඩුවට කඩේ යන එකෙක්ද නොයෙන එකෙක්ද වග මගේ අන්තිම වැකියෙන් හිතාගන්න.....

    ReplyDelete
  3. @ Namal - Sorry about u machan, Parada unata passe baila gahanna epa banz.. Paraadai kiyala piliganin.

    Ai mathakanadda Jaathika mattame chanda 2k ma tibune, Ko dinuvada??? Dan uba kiyana vidihata chande daala nati minissu okkoma aanduvata virudda aya! :) Ehemavath hithala hita hadaagamu neda machan..

    -Lakmal

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්