ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 14 June 2011

චේ නම් සොදුරු විප්ලවවාදියා.....


චේ ගුවේරා... නම ඇසු පමණින් මුළු ලෝකයක්ම හදුනන මේ සොදුරු මිනිසා 1928 ජුනි 14 වනදා, එනම් අදවගේ දිනක අර්නස්ටෝ ගුවේරා ලින්ච් සහ සිලියා දි ලා සෙර්නාට දාව අර්ජන්ටිනාවේ රෝසයිරෝ නගරයේදි මේ ලෝකයේ එලිය දු‍ටුවේය. අද ඔහුගේ 83 වන ජන්මදිනයයි.
ඔහුව මේ ලෝකයෙන් උදුරාගෙන වසර හතලිස් තුනකට ආසන්න කාලයක් ගෙවි ඇතත් මේ සොදුරු මිනිසා අපගේ මතකයෙන් නම් තවම ඇත් වි නොමැත. එසේ විමටද හේතුවක් ඇත. බෙදුනු දකුණු ඇමරිකානු මහද්විපයේ අවාසනාවන්ත ඉරනම වෙනස් කිරිමට තමාගේ ජිවන බාවිතයෙන් පමනක් නොව මරනයෙන්ද තම කැපකිරිම සිදු කලේය.. චේ අපුරු සොදුරු විප්ලවවාදියකු වන්නේ ඒ නිසාම පමණක් නොවේ.. චේ යනු අපුර්වතම සංකලනයන් කැටිවු සොදුරු මිනිසෙකි.. විටෙක සංචාරකයෙකු තවත් විටක වෙද්‍යවරයකු , රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස, තානාපතිවරයෙකු ලෙස, උපාය සැලසුම්කරුවෙකු ලෙස, ලේඛකයෙකු ලෙස සහ අප හොදින්ම දන්නා පරිදි සටන් කරුවෙකු ලෙස ලෙස ඇදහිය නොහැකි තරමටම පරිපුර්ණ විය.
ඔහු නියළුනු සැම වැඩකදිම අවසානය දැකිමේ හා ලගාකර ගැනිමේ නොනිමි පිපාසයෙන් පෙලෙන්නෙකු විය.තමා විශ්වාසකල සත්‍ය වෙනුවෙන් ඔහුම පෙනි සිටියා පමනක් නොව එම සත්‍ය වෙනුවෙන් තම ජිවිතයද පුජා කලේය..
මේවැනි සොදුරු මිනිසුන් ලොවට පහල වන්නේ ඉතාමත් කලාතුරකිනි..එහෙත් එවැනි මිනිසුන්ට ජිවිතයෙන් හරි අඩක්වත් ජිවත් විමට නොලැබියාම සමස්ථ ලෝකවාසින්ගේම අවාසනාවකි.

"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මගේ පරාජයෙන් අදහස් නොකරෙනු ඇත. එවරට්ස් කදු සිඛරයට ලගාවිමට උත්සාහකොට පැරදුන බොහෝ දෙනේකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරට්ස් කන්ද තරනය කර ඇති බවය..."

"අප තබන සෑම පියවරක්ම අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙන අරගලයේ ඉදිරියෙන් වැයෙන රණ බෙර හඩයි.මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම සතුරාට විරුද්ධව ඒකමතිකව ගොඩනැගෙන එකගතාවට ගෞරව කිරිම සදහා ගැයෙන යුධ බිමේ ගීතයයි.මරණයෙන් අප පරාජය කරනු ලැබුවහොත් එයින් ගිලිහි යන අපගේ රණ අවි මහත් සෙනෙහසින් බාර ගැනිමට තවත් අත් ඉහලට එසවෙනු ඇත..."

"ලොවපුරා කොතැනක හෝ සිදුවෙමින් පවතින්නාවු දේ පිළිබදව අප උදාසීන නොවිය යුතුය මන්ද මරණය තෙක් සිදුකරන මෙම සටනට සිමාමායිම් නොතිබෙන බැවිනි "
– අර්නස්ටෝ චේ ගුවේරා



6 comments:

  1. matak karata thankx. amataka nowana che

    ReplyDelete
  2. මොටර් සයිකල් ඩයරි....
    අපුර්වතම මිනිසෙක්....
    සටහනට ස්තුතියි.. මතක් කරාට..

    ReplyDelete
  3. @රවා
    මොටර් සයිකල් ඩයරි ‍ෆිල්ම් එක මමත් බැලුවා... නියමයි

    ReplyDelete
  4. බලනවා නම් චෙ ගැන මෙන්න ‍ෆිල්ම්ස් 02ක..
    Che: Part One (2008)
    Che: Part Two (2008)

    ReplyDelete
  5. සිරා පොරක් .පොර ලන්කාවට ඇවිල්ලත් තියෙනවලු නේද?

    ReplyDelete
  6. ම්චං, පොරගෙ ජිවිත කතාව තියෙන සිංහල e-book ekak නැද්ද?

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්