ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 23 March 2009

"ඩිලොන්" අප ඔබ සමගයි.


M.I.A. නමින් හැදින්වෙන දෙමළ බිරිතාන්‍ය ගායිකාවක වන මාතංගී අරුල්පරගාසම් යනු ඊරෝස් (ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය) සංවිධානයේ නිර්මාතෘ සහ එල්ටීටීඊ සංවිධානයේ පබල සාමාජිකයෙකු වන අරුල්පරගාසම්ගේ එක් දියණියකි. ඇය විසින් නිකුත් කළ Arular ගීත ඇල්බමය සහ Kala ගීත ඇල්බමය හරහා කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සාධාරණිකරණය කරමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට "කඩේ යමින්" සිටී. කොටි සංවිධානය නිදහස් අරගලයක යෙදෙන බව හුවා දක්වන්නට මෙම ගායිකාව උත්සාහ දරා ඇති අතර ඇගේ ගීත ඔස්සේ "ඇඟට නොදැනෙන ලෙස" ඊළාම් මතවාදය ලෝකය පුරා ව්‍යාප්තකරමින් ජාත්‍යන්තරය රැවැට්ටීමේ උත්සාහයක් නිරත වී සිටී.මැයගේ මෙම නින්දිත උත්සාහය හෙළිදරව් කිරීම සහ එල් ටීටීඊ සංවිධානයේ මිලේච්ඡත්වය ලෝකයට හෙළිදරව් කිරීම සඳහා එක්සත් ජනපදයේ උපත ලබා හැදීවැඩුනු ඇමරිකන් රැප් තරුවක් වන ඩිලෝන් ජයසිංහ නම් රැප් ගායකයා ඉතා විශිෂ්ඨ උත්සාහයක නිරත වෙමින් සිටී. MIA විසින් "Paper Planes" වැනි ඇගේ ගීත නිර්මාණ ඔස්සේ මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට උදව් කරන බවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය යනු ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය බවත් පවසමින් ඩිලෝන් විසින් "M.I.A. - Paper Planes (Diss by Delon)" නමින් වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇත. Youtube වෙබ් අඩවියට එකකර තිබූ මෙම වීඩියෝපටය UMG (Universal Music Group) සංවිධානයේ ඉල්ලීමක් මත ඉවත් කළ බව Youtube වෙබ් අඩවිය පවසයි. මෙය ත්‍රස්තවාදීන්ගේ බලපෑම මත සිදුවූවක් බව ඩිලෝන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් ප්‍රකාශ කරති. නමුත් මෙම ඉවත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් "MIA DISS (RESPONSE TO UMG AND MIA) BY DELON" නමින් තවත් වීඩියෝපටයක් ඩිලෝන් විසින් නිකුත් කර ඇති අතර "ඔබලාට මාව නතර කළ හැකිමුත් සියල්ලන්ම නතර කළ නොහැකියි" යනුවෙන් පවසමින් UMG හා MIA ඇතුලු කොටි හිතවාදීන් ඉතා දැඩි විවේචනයක් ලක්කරයි.කෙසේ වෙතත් ඩිලෝන් විසින් මෙම වීඩියෝ පට ඕනෑම අයෙකුට බාගත කරගැනීමට හැකි පරිදි අන්තර්ජාලයේ ස්ථාන කිහිපයක රඳවා ඇත. එමෙන්ම ලඟදීම තවත් වීඩියෝපටයක් නිකුත්කරන බවද ඔහු පවසයි.ලංකාවේ ඉපදුන, ලංකාවේ හැදුනු වැඩුනු එකම කලාකාරයෙකුවත් කොටි සංවිධානයේ මිලේච්ඡත්වය ලොවට හෙළිකරන හෝ හෙළාදකින ආකාරයේ නිර්මාණ මනුෂ්‍යත්වනයේ නාමයෙන් බිහිකර නැත. නමුත් ඇමරිකාවේ උපත ලබා ඇමරිකාවේ හැදීවැඩී බටහිර සංස්කෘතියේ අභාෂයලත් ඩිලෝන් ජයසිංහ තම මව්බිමේ නාමය වෙනුවෙන් දිවිය සහ තම වෘත්තිය පරදුවට තබා අමිල මෙහෙයක් ඉටු කරයි.ලංකාවේ කලාකරුවෝ කරන්නේ කුමක්ද? මානව අයිතිවාසිකම්, සාමය, සාධාරණය වැනි මාතෘකා ඉදිරියට දමාගෙන කොටි ත්‍රස්තවාදයේ ගැත්තන් වී ඩොලර් කීයක් හෝ වෙනුවෙන් නිර්මාණ කිරීමයි. නමුත් ඔවුන් තමන්ගේ හෘදයසාක්ෂියෙන් විමසූවොත් සැබැවටම මානවඅයිතිවාසිකම්, සාමය හා සාධාරණත්වය විනාශ කරන්නේ කොටි ත්‍රස්තවාදීන් බව දනිති. එහෙත් ඔවුන් තම හෘදයසාක්ෂිය උකසට තබා මුදල් වෙනුවෙන් ජාතිය පාවා දෙති, ජාතිය පමණක් නොව මනුෂ්‍යත්වයද පාවා දෙති.ලංකාවේ ඊනියා කලාකරුවනි, ඔබ "ලැජ්ජයි" යනුවෙන් සටහන් කළ බෝඩ් ලෑලි උස්සාගෙන පෙළපාලි ගියා අපට මතකය. කියන්නට ඇත්තේ "ඔබලාට ලැජ්ජයි නම්, අපිට විලි ලැජ්ජයි" යනුවෙනි.සැබෑ කළාකරුවෝ කවුද? තීරණය ඔබට බාරයි.මට නම් ඩිලෝන් සැබෑ දේශප්‍රේමියෙකි. ඊටත් වඩා ඔහු සැබෑ අවංක මනුෂ්‍යයෙකි.ඩිලෝන්, දේශයේ නාමය වෙනුවෙන්, මනුෂ්‍යත්වයේ නාමය වෙනුවෙන් ඔබ කරන "රැප් විප්ලවය"ට අපගේ ආචාරය.ඩිලෝන්ගේ වීඩියෝපට නරඹන්න. ඔබටත් හෘදයසාක්ෂියක් තිබේ නම් එසේ සිතේවි. එසේ නම් ඩිලෝන්ගේ මෙහෙවරට ඔබට හැකි අයුරින් සහයෝගය දෙන්න. ජාතිය නිසා නොව, මනුෂ්‍යත්වය වෙනුවෙන්!‍
මෙන්න තවත් විස්තර සඳහා සබැඳුම්:
(ඔබට පුලුවන් ආකාරයට මෙම වීඩියො පට හා මෙම සබැදුම Publish කරන්න.)
උකුස්සාගේ ස්තුතිය www.asipatha.blogspot.com

5 comments:

  1. එල එල මචන් ඩිලෝන් ගේ මේ වැඩේ එලකිරි වැඩක්........!!

    ReplyDelete
  2. නියමයි

    ReplyDelete
  3. http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්