ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 26 March 2009

ස්වර්ණවාහිනියේ හෙට දවස...

මටත් හිතුනා ශ්‍රිලංකීය අභිමානය යැයි කියාගන්නා විද්යුත් නාලිකාවේ වර්තමානය ගැන පොඩ්ඩක් ලියන්න. ඉස්සරනම් අපි ඇත්තටම ස්වර්ණ්වාහිනියෙන් බලපු දේවල් ගැනනම් අපිට ශ්‍රිලංකීය අභිමානයක් තිබුනා. ගග දිගේ, සලංහන්තේ, මහා සිංහලයේ වංසකතාව. ආදි වැඩසටහන් අපි බැලුවේ කොයිතරම් ආසාවෙන්ද. එච් ඩි ලා හේම නලින්ලා ජැක්සන් ඇන්තනිලාගෙන් මේ නාලිකාව මේතරම් දුරක් එන්න කොයිතරම් නම් පන්නරයක් ලැබෙන්න ඇතිද. එත් වර්තමානයේ මේ නාලිකාව තවත් එක් "මොලයක් නැති කොපිකැට් සිරසක්" බවට පත් වෙලා හො ඒ තත්වයට පත්කරවලා.මගේ පුද්ගලික අදහස නම් මේ තත්වයට වර්තමාන වැඩසටහන් අධයක්ෂක වගකිවයුතු බවයි. අද මෙම නාලිකාවේ විකාශය වන එක වැඩසටහනක් වත් පිරියකින් බලන්න පුලුවනිද? (live@8 හා අමාදහර හැර)
රටෙම ඉන්න නළු නිලියන්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විදියට යොදවලා දැන් ස්වර්ණවාහිනිය "විකාරවාහිනියක්" වෙලයි තියෙන්නේ.මේ නාලිකාවට තවදුරටත් ශ්‍රිලංකීය අභිමානයක් විදියට තවත් කාලයක් අපේ රටේ කිරුළු දරන්න අවශ‍ය නම් මේ යනවිදිය වෙනස් විය යුතුය.මේ පිලිබදව ස්වර්ණවාහිනියේ ඉහල ඇත්තන්ගේ අවදානය යොමුවෙවා.

5 comments:

  1. ඔය කතාවට මම සම්පුර්නයෙන් එකග වෙනවා!!! ඉස්සර අපි බලපු ඒ නිර්මානාත්මක ස්වර්ණවාහිනිය දැන් අපිට දකින්න ලබෙන්නෙ නෑ!!
    නමුත් මම live@8 වැඩසටහන ඉතාමත් ඉහලින් අගය කරනවා!!!

    ReplyDelete
  2. ඉතිං මොකක් කරන්නද? එකෙක් කලා කියලා ඔක්කෝම ඒ ගොඩට පැනලානේ ඉන්නේ.

    ReplyDelete
  3. මට නම් ස්‍වර්ණවාහිනි යනු :

    1. "Live@8"
    2. "මුල් පිටුව" සහ "ලෝක සිතියම" (ගෙදර ඉන්න දවස් වලට)

    පමණි.

    ඉඳල හිටල යන හොඳ චිත්‍රපටියක් බලමි.

    ReplyDelete
  4. Live@8 යන වෙලාවට තිරයෙන් 1/3 ක් විතර scrolers දාන්න පටන් අරන්. ඒකත් මහ මෝඩ වැඩක්. මම හිතන්නෙ ඒක අමු අමුවෙ ඉන්දියාවෙ news channel වලින් copy කරලා ගත්තු අදහසක්.

    ReplyDelete
  5. හැම චැනල් එකක්ම බලන්නේ මාකට් වෙන්නෙ මොනවද, අන්න ඒක කොහොමහරි කරන්න. හොඳද නරකද ගැලපෙනවද සභ්‍යද කියන එක උන්ට වැඩක් නෑ.
    හොඳම වැඩේ ඕවා නොබල ඉන්න එක. මේ මං වගේ. හදිසි සිදුවීමක් වෙච්ච දවසක නිව්ස් බලනව ඇරෙන්න ටීවී එක අහලකටවත් යන්නෑ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්