ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 13 December 2009

සියත ටි.වි

සියත කියලා අලුතින් ටි.වී චැනල් එකක් පටන් අරගෙන.දැන්නම් අපේ රටට අතේ ඇගිලි දහයටත් වඩා ටි.වි චැනල් තියනවා. ඒත් ඉන් එකකින්වත් ප්‍රයොජනවත් වැඩසටහන් නම් පෙන්වනවා බොහොම අඩුයි. ඉතින් මට සියත ගැන ලියන්න්න හිතුනේ සියත වැඩිපුරම දේශියත්වයට තැන දෙන නාලිකාවක්ලු. එත් සියත බලනවිට තමයි එහි නියම දේශියත්වය පෙන්නන්නේ.ඇත්තටම මේ මිනිසුන්ට මොලයක් නැද්ද?. ටි.වි චැනල් එකක් පටන් ගන්නවනම් හොද ඉදිරි දැක්මක් තියෙන්න ඕන. අපි මෙන්න මේ මේ විදියේ වැඩසටහන් ඉදිරිපත් කරනවා කියලා.නමුත් සියත ටි.වි වල පෙන්නනේ මොනවද? හවස් වරුවේ චැනල් එක පටන් අරගෙන විදේශිය කා‍ටුන් වගයක් පෙන්නනවා. ඒ අතරට තව මොනවාහරි පැරනි ටෙලිනාට්‍ය වගයක් පෙන්නනවා. ඊටපස්සේ සියතේ ජනප්‍රියයි කියාගන්නා "පොප් කොන්" කියලා විදේශිය නාලිකාවකින් අමුඅමුවෙම කොපිකරපු ඉංග්‍රිසි වැඩසටහනක් යනවා. ‍රැට සියත දැන්මොත් කවුරුහරි ගායකයෙක්ගේ සංගිත සැදැවක් යනවා. අනේ ඇත්තටම මේ වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ට ඉහ මොල නැද්ද? තමන් චැනල් එකක් පටන් ගන්නවනම් අඩුමතරමින් මිනිසුන්ට ප්‍රයොජනවත් හොද වැඩසටහන් කිපයක් හරි පටිගතකරලා තියාගෙන පෙන්නන්න බැරිහැටි. තමන්ගේ කියලා හරිහමන් හොද වැඩසටහන් නැත්තම් අඩුමතරමේ "ඩිස්කවරි " හරි " නැශනල් ජියොග්‍රැපි" හරි මිනිසුන්ට හිරිකිතක් නැතුව බලන් ඉන්නපුලුවන් වැඩසටහන් කිපයක්හරි පෙන්නනවනම් ඒක බාල,වැඩිහිටිකාහටත් ප්‍රයොජනවත් වෙවි. මේ වගේ මනොවිකාර පේන්නනේ නැතුව.මේදේ සියතට විතරක් නෙවි අනිත් චැනල් වලටත් පොදුකාරනයක්. මේවා ඉතින් හරිගස්සන්න නම් ඇගවිතරක් නෙවි මොලේ තියෙන වැඩසටහන් අධ්‍යක්ෂකවරු අදාල තැන්වලට පත්කරන්න සිද්ද වෙවි. ඒක ඉතිං අදාල චැනල් වල ප්‍රධනින්ගේ යුතුකමක්. එතකන් ඉතිං ප්‍රෙක්සක ජනතාව අතරමං.