ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 6 December 2009

මිළග ජානාධිපති විය යුත්තේ

සරත් ෆොන්සෙකා මහතා හා මහින්ද රාජපක්ෂ මහතා දැන් මිලග ජනාධිපති සටනට පැමින තිබේ. සරත් ෆොන්සෙකා මහතා රාජපක්ෂ මහතාට විරුද්දව තරග කිරිම කොතරම් සාදාරනදැයි තිරනය කිරිම ඔබට බාරකරමි. එත් මට මෙම ලිපිය ලිවිමට සිදුවුවේ ඊයේ(06) ආරක්ෂක ලේකම් ගොඪාබය රාජපක්ෂ මහතාගේ සාකච්චාවට සනන්දිමෙන් අනතුරුවය.
සටන පටන්ගෙන ඇත්තේ දැන්ය. දෙගොල්ලන්ම තමතමන්ගේ කුනු ඇවිස්සිමට පටන්ගෙන ඇතිබව එම සාකච්චාවට සවන් දුන් කාට උවද තේරුම් ගත හැකි දෙයකි. වසර තිහක් තිස්සේ පැවති යුද්දය අවසන්වි මාස හතක් ගතවිමටත් ප්‍රතම යුද්දයට සහයදුන් ප්‍රදානතම චරිත දෙක මේ ආකාරයට දෙපැත්තට විම රටේ අවාසනාවද කියා කිමට මට නොතේරේ. එහෙත් එකදෙයක් අනිවාර්යයෙන්ම කිවහැක. මේ දේවල් වලින් වාසි ලැබෙනුයේ කොටිත්‍රස්තයන් වෙනුවෙන් තවමත් හඩා වැලපෙන ඊළම් සිහිනය තවමත් දකින්නන්ටය.එමනිසා ප්‍රදාන ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනා මෙම මැතිවරන ප්‍රචාරක කටයුතු කල යුත්තේ සිහිබුද්දිය ඇතුවය. තමතමන්ගේ වැරදි තිබෙනම් එවා නිවරදි කරගෙන රජයේ ආරක්ෂක බුද්ධි තොරතුරු පිටතට නොයන ආකාරයට කටයුතු කලයුතුය. නැතිනම් දිනු නිදහස වැඩිකල් යන්නට මත්තෙන් වලපල්ලට යනු නො අනුමනයි.