ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 15 March 2010

පොඩි දුවේකුට නමක් යෝජනා කරන්න

මම අද මේ දමන පෝස්ට් එක ගැනනම් සමහර අය මම ගැන තරහක් ගනිවිද දන්නේ නැ. එත් මම මේ ඔයගොල්ලන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න තමයි හදන්නේ. මේ ලගදි මගේ හොදම යාළුවාට දුවෙක් ලැබුනා. ඉතින් මගේ යාළුවාකියනවා එයාගේ කුලුදුලේ උපන් පොඩි දුවට දමන්න හොද නමක් මට හොයාලා දෙන්න කියලා. මට ඉතින් ඔවා ගැන එච්චර ලොකු වැටහිමක් නොමැති නිසා කවුරු කවුරුත් පුලුවන්නම් මට උදව් කරන්න හොද නමක් හොයා ගන්න. ඔය ගොල්ලනුත් හොද නමක් යෝජනා කරන්න.

9 comments:

  1. ඔන්න එහෙනම් මම නමක් කියනවා
    1. සත්මි සිත්හාරා
    2. නෙත්මි

    ReplyDelete
  2. නමක් දාන්න හොද අකුරක් නැත්ද ?

    ReplyDelete
  3. @ ඉන්දික

    සිතුතියි නම් දෙකට.... මේ නම් දෙකත් හරි ලස්සනයි.

    ReplyDelete
  4. මේ දවස්වල නැගල යන නම්, අනෝමා, ගීතා, පබා, රෝසි.

    ReplyDelete
  5. ලයිලා (තරු පිරි අහස -අරාබි )
    චාරුලතා (සුන්දර ලතාව )
    මංජු ශ්‍රී ( පිරිමි මහායාන බෝදි සත්ත්වයෙක් ගෑණුන්ට ගැලපෙනවා)
    තාරා (මහායාන බෝධිසත්ත්ව වරියක්, තරු - මේ මගේ ආසාම එක )
    උමා (ශිව බිරිඳ , පාර්වතිය, දේව මාතාව )
    ශ්වේතකී (සුදු කෙල්ල්ල - ගෞරි කිව්වත් ඒකමයි )
    හරිනි (මුව කෙල්ල)
    හරිණ ලෝචනා (මුවා වගේ ඇස් -ලස්සන ඇස්)
    සරසි (සරස්වතී, නෙළුම් මල )
    ළමයෙකුට නම තියනකොට පෞරුෂයක් ඇති නමක් තියන්න කියන්න. අරිසෙන් ගෙ 'සමාස විකාර' නම් නොතියා

    ReplyDelete
  6. @හෂිත
    බොහෝම ස්තුතියි සහෝ උබ යෝජනාකරපු නම් ටිකනම් අගෙයි....

    ReplyDelete
  7. නවාංජනා
    විහංගා
    මියැසි
    දිල්මි

    නම් දෙකකට වඩා එක නමක් තියන එක පහසුයි කියල මට හිතෙනවා... අනික ලංකාවෙ නම් කාලෙක් කාලෙට වෙනස් වෙනවනෙ... ඒක නිසා ලමයා තරුණ කාලෙට එනවිට ඒ කාලෙට ගැලපෙන නමක් තෝරල බේරලා දැන් දාන්න...

    ReplyDelete
  8. "ර" අකරින් දුවට නමක් ෙසායලා ෙදන්න

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්