ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 26 March 2010

ඔබත් කැමතිද ඔබගේ Nokia ෆොන් එක ඔරිජිනල් එකක්ද කියලා දැනගන්න....



අපි හැමොම වාගේ මොබයිල් ෆෝන් එකක් මිලදිගැනිමේදි වැඩිපුර සොයාබලන්නේ මේ ෆොන් එකේ බාහිර ඔපය පිලිබදව හා ඉන් කරගන්න පුලුවන් වැඩ කොටස පිලිබදවයි. නමුත් අප මිළදි ගන්නා එම ෆොන් එක ඔරිජිනල් කම්පැනියේම නිෂ්පාදිත එකක්ද? එසේත් නැතිනම් වි්‍යාජ ලෙස එකලස් කරපු එකක්ද කියලා අපිට සොයාගන්න විදියක් නැ. එත් මෙන්න මේ මා ලබාදෙන codes ටිකෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔයාලාගේ Nokia Mobile phone එක ඔරිජිනල්ද? නැද්ද කියලා(මේක බලලා හිත නරක් කරගන්න එහෙම එපා)

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔබගේ nokia ෆොන් එකේ IMEI no එක(International Mobile Equipment Identity) සොයාගන්න එකයි. මේ සදහා මෙන්න මේ code එක ඔබගේ ෆොන් එකේ ගහන්න
*#06#
එවිට ඔබට ඔබගේ IMEI නොම්මරය දිස්වේවි.
ඔබ මෙහිදි අවදානය යොමුකල යුතුවන්නේ එම IMEI no එකේ හි 7වන හා 8 වන ස්ථානයේ ඇති අංක දෙක පිලිබදවයි.
උදා: ෆොන් එකේ IMEI no : X X X X X X ? ? X X X X X X X
*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 2 හෝ 2 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය මැදපෙරදිග රටක එකලස් කරපු එකකි. එහි තත්වය බොහොම බාල වර්ගයකි.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 8 හෝ 8 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනිය වැනි රටක වන අතර මෙහි තත්වය සතු‍ටු දායකය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 1 හෝ 1 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය පින්ලන්තයේ නිෂ්පාදිත එකකි. මෙහි තත්වය ඉතා ඉහලය.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 0 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය හොදම තත්ව යටතේ ඔරිජිනල් කම්පැනියේ නිෂ්පාදනය කර ඇත.

*ඔබගේ IMEI no එකේහි 7 වන හා 8 වන ස්ථාන වල් පිලිවලින් 0 3 සටහන්ව ඇත්නම් ඒම දුරකතනය Azerbaijan වල නිෂ්පදිතය . එමෙන්ම මෙහි තත්වය ඉතාමත් බාලය. මෙම දුරකතන පාවිච්චියේදි ඔබගේ සෞඛ්‍යටද මහත් තර්ජනයකි.

ඔන්න ඕටික තමයි ඔබගේ IMEI no අනුව දුරකතනය පිලිබදව ගන්න පුලුවන් නිෂ්පාදිතය පිලිබදව විස්තරය.( වෙනත් නම්බර් එනවිට ඒ පිලිබද සැලකිලිමත් නොවන්න. මාගේ දුරකතනයද 0 2 තත්වහේ එකකි :-) මාත් අහුවෙලා.)

12 comments:

  1. මේක අදාල වෙන්නෙ කෝපි කාලෙ NOKIA වලට. දැන් මේක outdated!

    ReplyDelete
  2. ela...ela...mage phone ekanam 0 8 ekak....

    ReplyDelete
  3. මගේ එකෙත් තියෙන්නේ 02 තමයි. මම හිතන්නේ ගොඩාක්ම දුරකථනවල තියෙන්නේ 02. හැබැයි කිසිම අවුක් නෑ. මගේ එකනම් එළකිරි වගේ වැඩ......:D :D

    ReplyDelete
  4. වැඩේ ඇත්ත්නම්.. අපොයි!!!!!

    ReplyDelete
  5. මගේ phone එකේ තියෙන්නේ 01. ඒත් MADE IN CHINA. එහෙම වෙන්නෙ කොහොමද?

    ReplyDelete
  6. අය්යො මගෙ 3120 එකත් 02 මාත් අහුවෙලා

    ReplyDelete
  7. http://www.numberingplans.com/?page=analysis&sub=imeinr

    Methanin original check ekak karaganna

    parana ewa daanna epa!

    ReplyDelete
  8. IMEI එක වෙනස් කරන්නත් පුලුවනි නේද?

    Sony Ericsson වලටත් මේ විදියේ ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  9. ගොඩාක් ස්තුතියි.මූලාශ්‍රය සඳහන් කරන්න පුලුවන්ද?
    මම දැන් මගේ ෆෝන් එක බැලුවා. 01
    ස්තුතියි දැනුම බෙදා හදා ගත්තට

    ReplyDelete
  10. මෙතනදි මම බලාපොරොත්තු උනේ යම්කිසි විදියකින් පොඩි හෝ දැනුමක් අනිත් අයට ලබා දෙන්න. මොකද අපි ෆොන් ගන්න කාලේ මෙවා දැනගෙන හිටියෙත් නැ. පිට මෙවා කවුරුත් කියා දුන්නේත් නැ. තොරතුරු අලුත් ද පරණද කියලා එකෙන් පොඩි හෝ යම්කිසි උදව්වක් වෙනවානම් මට ඒ ඇති.

    ReplyDelete
  11. මට කෙනෙක් N95 එකක් දුන්නා ඔරිජිනල්ද බලන්න ඒත් අතට ගනිද්දිම මම දැනගත්තා Fake Chinese phone එකක් කියලා මොකද ඒකෙ display, camera quality(VGA Only) ,firmware ඔක්කොම 4500/= Chinese phone එකක තියන ඒවමයි හැබැයි IMEI no එක අනුව නම් original Finland.දැන් IMEI no එකත් ඕන හැටියෙ වෙනස් කරතැහැකි.

    ReplyDelete
  12. @උකුස්සා : කතාව ඇත්හ, මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අයත් ඉන්නවනෙ. මගෙ එකේ තියෙන්නෙ 00. :)

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්