ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 12 April 2010

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර



* පරණ අවුරුද්ද සදහා ස්නානය:-
අප්‍රේල් මස 12 වන සදුදාදිවුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේහි යෙදි වාසය මැනවි.

*අලුත් අවුරුදු උදාව :-
අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 06.58ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

*පුණ්‍ය කාලය :-
අප්‍රේල් මස 13 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 සිට 14 වන බදාදා ප.ව 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන අගහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 ට පලමුව ආහාර අනුබව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යේදිමද මැනවි.

* ආහාර පිසිම:-
අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 07.01ට පළාවන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක්ද, උදු මිස්‍ර කැවිලි වර්ගයක්ද පිලියෙල කර ගැනිම මැනවි.

*වැඩ ඇල්ලිම, ගණුදෙනු කිරිම හා ආහාර අනුභවය:-

අප්‍රේල් මස 14 වන බදාදා පුර්ව භාග 09.07ට පළාවන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උතුරු දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

*හිස තෙල් ගැම:-

අප්‍රේල් මස 15 වන බ්‍රහස්පතින්දා පුර්ව භාග 10.06ට උතුරු දිශාඅව බලා හිසට බෝ පත්ද, පයට කොහොබ පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි තෙල් සහා බෝපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරිම මැනවි.

*‍රැකීරක්ෂා සදහා පිටත්ව යැම:-
අප්‍රේල් මස 19 වන සදුදා පුර්ව භාග 06.42ට සුදු පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසි උදු මිශ්‍ර කැවිලි වර්ගයක් හා කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්විම මැනවි.


සැ. යු: ඉහත සදහන් සියලු වේලාවන් ශ්‍රි ලංකා සම්මත වේලාවට අනුව සකසා ඇත.( උපුටා ගැනිම. සංස්කෘතික දෙපර්තුමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමි‍ටුවෙනි)

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්