ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 28 September 2010

ජනරාල් ෆොන්සේකාගේ හඩ සිරගත කල හැකිද?



ජනරාල් සරත් ෆොන්සේකා කියන්නේ ත්‍රස්ත්‍රවාදය මේ රටින් මුලිනුපුටා දැමිමට සක්‍රිය ලෙස දායක වු යුධ විරුවෙකි. තුන්වතාවක්ම ත්‍රස්තයන්ගේ ප්‍රහාර වලට ලක්වුවත් ජාතියේ පිනට මෙන් එම අවස්ථා තුනේදිම ජිවිතය ගලවාගත් මිනිසෙකි. අවසන් සටන් පවතින කාලවකවානුව වෙද්දි නිදි නොලබා යුධ සැලසුම් කල විරුවන්ගෙන් කෙනකි. යුද්ධයේ ජයග්‍රහනය අපේ සේනාධිනායක ජනපතිතුමාගේ සිට එම සටනට උරදුන් සාමාන්‍ය සෙබලා දක්වාම අයිතිවන්නකි. මේ සටනේදි වැඩිපුරම තම රුධිරය මේ පොළව මත හෙලුවේ අපේ විරෝධාර සෙබලුන්ය. එහෙත් වර්ථමාන තත්වය හාත්පසින්ම වෙනස් වි ඇත. මේ යුද්ධය නිම කිරිම සදහා උරදුන් ප්‍රධානම විරුවා සිරගෙයතුලය. දහස් ගනනින් ජනතාව මැරු,ඒ සදහා අනුබල දුන් කරුණා අම්මාන් හා පිලෙයන්ලා රජමැදුරු වලය. දහස් ගනනින් එල්.ටි.ටි යට ආයුද ලාබාදුන් කේ.පි ලා ට රජ සැපය. එක අතකින අපට සතු‍ටු විමට පුලුවන් කාරනයක් වන්නේ තුවක්කුව අතහැර කරුනා හා පිල්ලෙයාන්ලා ප්‍රජාත්‍රන්ත්‍රවාදය වැලද ගැනිම පිලිබදවය.

ජනරාල් සිරගත කිරිමට තරම් ඔහු කල වරදවල් වන්නේ හමුදාවේ ටෙන්ඩර් පටිපාටියට අනුකුල නොවන අයුරින් ආයුධ මිලදි ගැනිමත්, හමුදාවතිපරයෙක්ව සිටියදි දේශපාලනය කිරිමත් යන දෙවල්ය. එහෙත් අප රටේ මුදල් කාබාසිනියා කරන, කෝටි ගනනින් වැට් බදු වංචාකල ,මහජන මුදල් අයතාලෙස වියදම් කරන නියම වරද කරුවන් හට දඩුවම් දිමගැන නොසිතනවාත් තරම්ය. මේ මට සිතෙන හැටිය,දැනෙන හැටිය. ඇයි අපි අපේ යුද විරුවකුට මේ ආකාරයට සලකන්නේ. අනාගතයේ දවසක කිසිම කෙනෙක් අප රට වෙනුවෙන් මේතරම් කැපකිරිම් නොකරනු ඇත. මන්ද යත් අපි මේ තරම් කැපකිරිම් රට වෙනෞවෙන් කලත් අවසානයේ අපට අත්වන ඉරනම මෙයනම්? ඔවුන් සිතනු ඇත.


14 comments:

  1. කොටින්ගෙන් තුන්පාරක්ම ජීවිතේ ගලවාගන්න හැකි වුනාට ජවිපෙ-මංගල හවුලට අහුවෙලා සරත් පොන්සෙකා නිකං ජීවිතේ නැති කරගත්තා.
    තමං යටතෙ වැඩකරන සේවකයෙක් ආයතනයෙ බොස් ට විරුද්දව ක්‍රියා කලාම කාටත් වෙන්නෙ ඔයටික තමයි. හරියට පාසලක ප්‍රදාන ශිෂ්‍ය නායකයා විද්හල්පති තනතුරට අභියෝග කලා වගේ වැඩක් නෙ වුනේ. මේකට ආංඩුවටවත් මහින්දට වත් බැනලා වැඩක් නෑ. රටක් වටින සෙන්පතියෙක් විනාශ කළ ජවිපෙ-මංගල හවුල තමා මේ තත්වෙට වගකියන්න ඕනෙ.
    -සාරංග

    ReplyDelete
  2. ඇයි සුදු කොඩි කතාව? ෆොන්සේකට හිමි ඉතිහාසයේ කුණුකූඩය. දැන් එයා ඉන්නේ ඒකේ ගැට්ට ගාව.

    ReplyDelete
  3. @ සාරංග
    ඔය කථාවට මාත් එකග වෙනවා. ජනරල් විනාශ වෙන්න එක හේතුවක් උනේ ජවිපෙ- මංගල හවුල තමයි. එත් සෙන්පතියෙකුට සලකන විදියක් තියෙනවා නේද? මේක අනාගත පරපුරටත් වැරදි ආදර්ශයක්

    ReplyDelete
  4. To first anno
    How do you compare to this between boss and servent?According to your theory no one should challange Mahinda.

    ReplyDelete
  5. Ya even today General is saying that he is ready to go and reveal everything he knows about war to western countries. At the same time this so called great general cannot understand that both JVP and UNP used him to cover their weaknesses and JVP is still doing this. So how can a person who doesnot know that he is being used by other be a great leader. What is want is revenge and power. That is all. So nothing wrong with what he is deserving togay

    Palagatiya

    ReplyDelete
  6. @Ami

    "එත් සෙන්පතියෙකුට සලකන විදියක් තියෙනවා නේද? "

    මෙහෙම දේවල් ඉදිරියට නොවෙන්නයි සලකන්න ඕන.
    මොකද රටක පාලකයා කියන්නෙ සෙල්ලම් තනතුරක් නෙවෙයි නෙ.
    ඔහු/ඇය අනුව තමයි රටේ ඉදිරි ගමන තීරණය වෙන්නෙ.
    හමුදා සේවයේ සිටියදී දේශපාලනයට දඩුවම් ලැබිය යුතුනම් එසේ විය යුතුයි.
    කොහොමද මේක පොඩි එකෙක් කලා නම්? කවුරුත් ඔහොම කතා කරන එකක් නෑ නේද..?

    ReplyDelete
  7. බල්ලෝ රජවුනාම සිංහයන්ට යන කල තමා......

    ReplyDelete
  8. ජනරාල් ෆොන්සේකාගේ හඩ සිරගත කල හැකිද?

    ඔව් ,ඔය අපි කොරේ.ලෝල්ස්

    ReplyDelete
  9. @Anonymous
    "මෙහෙම දේවල් ඉදිරියට නොවෙන්නයි සලකන්න ඕන"

    එහෙමනම් ඉති ඉදිරියටත් වැට් බදු , රාජ්‍ය දේපල විනාශකරන , සුරාකන අයටත් මේ විදියට දඩුවම් දිය යුතුයි නේද? එතකොට ඒ අයත් වැ‍රැද්දක් කරනකොට, හොරකමක් කරන කොට දෙපාරක් හිතාවි. ඇයි මෙහෙම හැදි දෙකකින් බෙදන්නේ.

    ReplyDelete
  10. පක්ෂ , පාට වලට බෙදිලා උඹලා මෙ කරන ලැජ්ජා නැති වැඩෙට දවසක මුලු අනාගත පරපුරම උඹලට සාප කරනවා. දැන් බලහල්ලා තොපෙ උගත්තු මාහා ලොකුවට උඩින් තියන් හිටපු මහාවංශෙට වෙච්චි දෙ, එක්කො එක ඇත්ත, නැත්තම් බුදු වචනෙ ඇත්ත. අද ලියවෙන දෙ හෙට කියවද්දි මිනිස්සු කල්පනා කරනවා. ශ්‍රේෂ්ඨතවය බලෙන් ඔබ්බවගන්න බැහැ, සරත්ටත්, මහින්දටත් එ දේ වලංගුයි. අපි බලමු තවම ගොඩක් දෙ ඉතුරුයි.

    මුලු ලොක ඉතිහාසය පුරාම එක එක පාට රජවරු මතු වෙනවා. හැබැයි එක එක කතෘවරුන්ගෙ පොත් වල එක එක පාටෙන් විස්තර කරන්නෙ. මහින්දටත්, සරත්ටත් හිමි වෙන්න ඔනා දෙ කාලයා විසින් ලබා දෙවී. උඹලා මහන්සිවෙන්න එපා. උඹලාගෙ අතෙ කිසි බලයක් නැහැනෙ. ඉතින් බලන් හිටපන්. රෙඩියො එකෙ යද්දි විතරක් සරත්ව මතක් කරලා කැගහන්න අවශ්‍ය නැහැ. දැන් නිශ්ශබ්ද වෙයල්ලා. කාටවත් උබලගෙ හඬ ඇහෙන්නෙ නැත්තම එ හඩ උගුරෙන් පිට කරලා තෙරුමක් නැහැ.

    බ්ලොග් අවකාශයෙ අපිට පාට ලෙබල් ගහන්න ගොඩක් අය බලන් ඉන්නවා. මෙ ඉතිහාසය එක තැනක නෙමෙ ලියවෙන්නෙ..

    ReplyDelete
  11. ඔය ජෙනරල් සරත් ෆොන්සේකාගේ වැරදි කියන ඇනෝලා මේ ගැනත් හිතන්න.

    අපි LTTE එකට ත්‍රස්තවාදීන් කියන්නේ ඇයි ඔවුන් යුධනීති පිළිපැද්දේ නැති නිසා ඓහෙනම් පිළිගත් හමුදාවක් යුද්ධයේ දී නීති කැඩුවා නම් ඔවුන් සහ ත්‍රස්තවාදීන් අතර වෙනස මොකක් ද?

    සරත් ෆොන්සේකා වීරයකු වුවත් වරදට දඩුවම් ලැබිය යතුනම් යුද්ධයේදී සිදුකල යුධ නීති කැඩීම් හෙලි කිරීම රට පාවා දීමක් වන්නේ කෙසේද?

    ReplyDelete
  12. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිස රාජාන්ඩුවක් නොවේ. ඕනෑම අයෙකුට තවත් කෙනෙකුට එරෙහිව දේශපාලනයට පිවිසිය හැක එසේ සිදු කිරීම ඒ පුද්ගලයාගෙන් පන්න පන්නා පළි ගැනීමට හෙතුවක් නොවිය යුතුයි නමුත් දැන් ජෙනරල් ට එරෙහිව සිදු වන්නේ එයයි.

    ජෙනරල් හමුදාවේ සිට දේශපාලනය කරනවා අපි දැක නැත. ඔහු විශ්‍රාම යාමට පෙර දේශපාලනයට එන්නේ දැයි ඇසූ විට මම නිළ ඇදුම ගැලවූ පසු ඒ බව ප්‍රකාශ කරන බව ඔහු පැවසූ අයුරු හැමෝටම මතක ඇතැයි සිතමි.

    නමුත් ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාර සමයේ හමුදාවේ බොහෝ ඉහල නිළධාරීන් නිල ඇදුම් පිටින් ම රූපවාහිනියේ ප්‍රසිද්ධියේ ම පෙනී සිටිමින් ජනාධිපතිවරයාට කඩේ යන ආකාරය ඔබ දුටුවා නේද?

    එසේ නම් මේ එකම පුද්ගලයෙකුට එ‍රෙහිව සිදුවන පහත් දේශපාලන පළි ගැනීම අප තේරුම් ගත යුතු අතරම එයට එරෙහිව හඩක් නැගීමද කළ යුතුය.

    ReplyDelete
  13. ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
    සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
    වැසියන් විඳින දුක රජු හට දැනීයන්
    අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්

    මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
    දළ බිම නොඇණු ඇත්රජු සිරගෙට කැන්දා
    කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
    පළමුව මොකා හට සහගහවිද මන්දා

    ReplyDelete
  14. @රවා
    මමත් රවා අයියගේ කතාවට එකගවෙනවා.
    "කාටවත් උබලගෙ හඬ ඇහෙන්නෙ නැත්තම එ හඩ උගුරෙන් පිට කරලා තෙරුමක් නැහැ."

    එත් අසාධාරණකම් දැක දැක ඇස් කන් නැති අන්දයෝ ,බිරෝ වාගේ අපිත් ඉන්න ඔනද?

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්