ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 9 February 2011

බලාගෙනයි!..කට පරිස්සමින්. මේ ගංවතුර ගලන්නේ ගාල්තැන්නේ දේවියක් කෝපවිම නිසාද?...


මේ ඊයේ දවල් වරුවේ කියවන්න ලැබුනු පුවතක්. අද gossip9 එකෙත් මේ පිලිබදව ලිපියක් දාලා තිබුනා. සිද්ධියේ හැටියට මේ ගංවතුර ගලන්නේ ගාල්තැන්න දේවාලයේ දේවියන් කෝපවිම නිසාලු. ඊයේ දිවයිනේ මේ පිලිබදව දැන්විමක් අදාල දේවාලයේ සංවිධායක කමි‍ටුව දාලා තිබුනාලු. මේ තියෙන ජායාරුපය තමයි එම දැන්විම. කියවලාම බලන්නෙකෝ. හැබැයි මේහි තියෙන බැ‍රැරුම් කම තමයි මෙයට බුදුදහමත් ගාවාගෙන තිබිම.
" මේ අහිකුන්ටක පාපතර බල්ලන්ට පුලුවන්ද පිරිසිදු බුදු දහමත් එක්ක හැප්පෙන්න?"
මේ එම දැන්විමේ සදහන් වැකියක්. මොවුන් මේ සැරසේන්නේ කුමක් සදහාද?
මේවැනි තැන් නිසා පිරිසිදු බුදුදහමටත් සිදුවන විනාශය සුළුප‍ටු නොවේ...
අපේ සංඝයාවහන්සේලවත් මේ පිලිබදව අවධානය යොමුකර සිටිනවනම් එය මහගු පිංකමක්...
මොකද අන්ධකාරයේ සිටින පිරිස් ආලොකය කරා ‍රැගෙන යාම තරම් පිංකමක් තවත් නොමැති නිසා...

ගොසිප් 9 හි තිබුන ලිපිය මෙතනින් කියවන්න.

5 comments:

  1. අම්මගේ ගාල් තැන්නේ දෙයියා. ඔය "බඩ්ඩ කෑලි" කියන්නේ නාකි සෝමාද දන්නේ නෑ.

    ReplyDelete
  2. අනේ ගාල්තැන්නෙ බම්බුව.. බුදුහාමුදුරුවො කවද්ද කිව්වේ කොහෙවත් යන යකින්‍නියොන්ට බය වෙලා ඉන්න කියලා??

    ReplyDelete
  3. එතකොට ඕස්ට්‍රේලියාවට ගංවතුර/සුලි කුනාටු/ලැව්ගිනි ඇතිවෙලා තියෙන්නෙත් ගාල්තැන්න දේවාලයේ දේවියන් කෝපවිම නිසා ද?
    අනේ අම්මප ස්වර්ණවාහිනියත් මේවට අනුබල දෙනවනේ....
    සමහර විට රත්තරන් ටික ස්වර්ණවාහිනියෙන්ම ගන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
  4. ඕකා බඩ්ඩ කාලිගේ හොර මිනිහා...
    ඒකයි ඔය තරනම් මල ...

    ReplyDelete
  5. mama oya lipiya mama danne na.namuth eka eka pradesha walata arakgath devi warun sitina bawath(deviwarun pamanak nowa amanushya wishesha)e diwiyan e e palath walin adala wasaya karana pudgala balapam matha e kiyanne karana naraka wada matha e pradesha walin iwath wena bawa bududahame kiyawenawa.yakhsa naga kiyala kottasha hitiya bawata shakshi thiyanawa kiyala dannawane.e wage thama.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්