ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 25 February 2011

ලිබියාවේ ගඩා‍ෆිගේ ඉරණම කුමක්වේද?


මේ දිනවල ලිබියාවේ ඒකාධිපති පාලනය නතරකිරිම සදහා වන උද්ඝෝශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සදහා දහස් ගනන් ජනයා මහමගට බැස තිබෙනවා. අවුරුදු 41ක් තිස්සේ ලිබියාව පාලනය කල මේ පාලකයාගේ ඉරණම කුමක් වේවිදැයි ලගදිම අපට දැක ගත හැකිවනු ඇත.
එහෙත් ලිබියාව තුල දැනට පවතින තත්වය අනුව ගඩා‍ෆි පාලනය බොහෝම දරුණු විදියට උද්ගෝසකයින්ව මැඩලිමට පටන්ගෙන ඇත. දැනට ආසන්න ලෙස 400 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවට තොරතුරු වාර්ථා උවත් නිලනොලත් ආරංචි වලට අනුව මෙම මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවනු ඇති බව සදහන්ය. මෙම ඝාතන වල මිලේච්ජාත්වය ප්‍රදර්ශනය කරනු ලැබුවේ උද්ඝෝශකයින්ට හෙලිකොප්ටර් යෝදා වෙඩි තැබිමෙනුයි.
කෙසේවෙතත්, දරුණුතම ගැටුම් ඇතිවී තිබෙන්නේ ලිබියාවේ ට්‍රිපොලි නගරයේයි. එහි දරුණු වෙඩි ප්‍රහාර සිදුවී තිබේ. කිසිදු වග විභාගයකින් තොරව ඕනෑම අයෙකුට වෙඩි තැබීමෙන් මිනිස් සංහාරයක් සිදුවන බව ප්‍රදේශ වාසීහු පවසති. මේ අතර මරණය දක්වා සටන් කරන බවට ගඩාෆි ප්‍රතිඥා දී තිබේ. යෝජිත ප්‍රතිසංස්කරණවලට විරෝධතාකරුවන් ඇහුම්කන් දීමට අපොහොසත් වුවහොත්, රට පුරා ලේ ගංඟා ගලායනු ඇති බවට ගඩාෆිගේ පුත්‍රයා අනතුරු අඟවා තිබේ.
පසුගිය අඟහරුවාදා ජාතිය අමතමින් ගඩාෆි විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු පැවසුවේ රට වෙනුවෙන් මිය යන්නට වුවත් ඔහු සූදානම් බවයි. විරෝධතාකරුවන් “කුඩුකාරයන්, රස්තියාදුකාරයන් සහ දඩාවතේ යන බල්ලන්” ලෙස ඔහු හැඳින්වූයේය. ලිබියාවේ ගෙයක් ගෙයක් පාසා සුද්ධ කරන බව කී ඔහු තම ආධාරකරුවන්ට වීදි වලට පැමිණ මෙම විරෝධතාකරුවන් මර්දනය කරන්නැයිද ඉල්ලා සිටියේය.
“මම තාම මේක ආයුධවලින් මර්දනය කරන්න අණ දුන්නෙ නැහැ. මම එහෙම කළොත්, හැම දෙයක්ම විනාශ වෙලා යාවි” ඔහු තර්ජනාත්මක හඬකින් කීවේය.
මේ අතර ගඩාෆිගේ රජයේ ප්‍රබල අමාත්‍යවරු පවා විරෝධතාවලට සහය පළ කරමින් ඉල්ලා අස්වෙති. ගඩාෆිගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ ජෙනරාල් අබ්දුල් ෆටා යුනිස් දැන් ඉල්ලා අස් වී තිබේ. ඔහු කීවේ “පෙබරවාරි 17 විරෝධතාවලට” සහය පළ කරමින් තමන් ඉල්ලා අස්වෙන බවය.ඔහුට කලින් අධිකරණ අමාත්‍යවරයා වූ මුස්තාෆා අබ්දෙල්ජලිල් ද තනතුරෙන් ඉල්ලා අස්වූයේය. මෙය ගඩාෆිට ප්‍රබල අනතුරු හැඟවීමකි. ගඩාෆිගේ පුත්‍රයා වන සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆිගේ ප්‍රබල සහායකයෙකු වූ යූසුෆ් සවානි ද ඉල්ලා අස්වූයේය. එමෙන්ම හමුදා නිලධාරිහුද දැන් වැඩි වැඩියෙන් විරෝධතාකරුවන්ට එක්වන ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේ.
එක්සත් ජාතීන්ගේ සංගමයේ රාජ්‍යතාන්ත්‍රිකයන් ගඩාෆි රටින් පැනයාමට තැත් කළහොත් ඔහුට රැකවරණය නොසපයන ලෙස සෙසු රටවලින් ඉල්ලා තිබේ. ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ අධ්‍යාත්මික නායක පූජක යූසුෆ් අල් – ක්වරඩාවි, ලිබියාව ගඩාෆිගෙන් ගලවා ගැනීමට හමුදා භටයෙක්ට ඔහු මරාදමන ලෙස ඉල්ලා තිබේ.
ඇමෙරිකානු හිටපු ජනපති රොනල්ඩ් රේගන් වැනි ලෝකයේ මහා බලවත්තු අතීතයේ ගඩාෆි සමග හැප්පුණහ. ගඩාෆිගේ පාලනය පෙරළන්නට සැලසුම් කළහ. එහෙත් එය කරන්නට බැරි විය. දැන් ගඩාෆිට එරෙහිව නැගිට ඇත්තේ ඔහුගේ රටේම ජනතාවයි. කලින් සිටි කාටත් කරන්නට බැරි වුණු දේ ලිබියාවේ ජනතාවට කරන්න පුළුවන් වී තිබේ. එය ජනතාවගේ බලයයි.දශක 4ක් ලිබියාව පාලනය කළ ගඩාෆිගේ පාලනය තව කොපමණ කාලයකට සීමා වේදැයි තවම හරියට කියන්න බැරිය.
ටියුනිසියාවෙන් පටන්ගත් මෙම මහජන නැගිටිම ඊජිත්තුවේද එකාධිපති පාලනය බිද දමා කෙමෙන් අන් අරාබි රටවල් හරහාද වියාප්ත වෙමින් පවති. බහරේනය,යේමනය,...... හා තවත් කොපමන රටවල් ප්‍රමාණයක් කරා මෙය පැතිරේවිදැයි කාට නම් කිව හැකිද?
එහෙත් මින් පැහැදිලිවන එක් දෙයක් ඇත. පාලකයින්ට සදාකාලිකව ජනතාව පිඩාවට පත්කරමින් සිටිමට නොහැකි බවයි...

1 comment:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්