ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 8 April 2011

අලුත් අවුරුදු නැකැත් සිට්‍ටුව 2011



නව සද බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් 8 වන සිකුරාදාද, අභිනව සූර්ය වර්ෂය සදහා මැයි මස 5 වන බ්‍රහස්පතින්දාද නව සද බැලීම මැනවි.

පරණ අවුරුද්ද සදහා ස්නානය
අප්‍රේල් 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපර භාග 01.01 ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි.

පුන්‍ය කාලය
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 6.37 සිට එදින රාත්‍රී 7.25 දක්වා පුන්‍ය කාලය බැවින් 14 වන බ්‍රහස්පතින්දා පූර්ව බාග 6.37 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීමද, පුන්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 01.01 සිට අපර භාග 7.25 දක්වා පහත දැක්වෙන අයුරු ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීමද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 01.06ට රනවන් පැහැ වසත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප්බැද ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක්ද කැවිලි වර්ගයක්ද පිළියලකරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනුකිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් 14 වන බ්‍රහස්පතින්දා අපරභාග 03.18 රන්වන් පැහැ වස්ත්‍රාබරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියළු වැඩඅල්ලා ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑමේ නැකත.
අප්‍රේල් 16 වන සෙනසුරාදා පූර්වභාග 7.41 ට නීලවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා තෙල් සහ නුගපත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යාම
අප්‍රේල් 18 වන සදුදා පූර්වබාග 6.28ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බත්ද, දී කිරිද අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වීම මැනවි.



(සැ.යු : ඉහත සියළු නැකත් වේලාවන් සකස්කර ඇත්තේ ශ්‍රි ලංකා සම්මත ඔරලෝසු වෙලාවට අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ සිංහල අවුරුදු නැකත් කමි‍ටුව විසිනි)

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්