ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 23 April 2011

මොනවද මේ සර්පිළ කුහර (Wormhole)නැත්නම් තරුදොර‍ටු


අපි කළු කුහර ගැනනම් අසා තිබෙනවා. එත් මේ සර්පිළ කුහර එහෙම නැතිනම් සර්පිළ බිළ කියා හදුන්වන මේ කුහර පිලිබදව ගොඩාක් දෙනෙක් අසා නැතුව ඇති. විශේසයෙන් මේ කුහර ගැන වැඩිපුර කියවෙන්නේ මේවා චක්‍රාවාටයන් අතර ගමන් කිරිම සදහා දියිණු ජිවින් යෝදාගන්නා අවකාශයක් ලෙසයි.

තවටිකක් පැහැදිලි කරනවා නම් මේ Wormhole යනු චක්‍රාවාටයන් අතර මෙන්ම චක්‍රාවාටයන් තුලද විශ්වය තුල හෝ විශ්වයන් අතර සම්බන්ධිකරණ ස්වභාවය සහිතව නිර්මාණය වි පවතින්නේ යැයි විශ්වාසය කරනු ලබන අතිශය දුරස්ථ ප්‍රදේශ සම්බන්ද කල හැකි කාල-අවකාශ විනිර්මුක්ත, දව්‍ය අංශු ශුන්‍ය වු අද්ධාන නලාකාර හිස් ප්‍රදේශ වේ.


ඇල්බට් අයින්ටයින් විසින් 1915 දි සාමාන්‍ය සාපෙක්ෂතාවාදය මගින් මේ සර්පිළ කුහර සංකල්පය අවධාරනය කර ඇති අතර රුසියානු න්‍යෂ්ටික භෞතික විද්‍යානයකු වන හයිඩ්‍රජන් බෝම්බය සොයාගනු ලැබු " ආන්ද්‍රේ ඩිමිට්‍රියෙව් ප්‍රකාශකර ඇත්තේ විශ්වයේ ඕනැම තැනක මේ සර්පිළ කුහර ඇති බවත් දියුනු පිටසක්වල ජිවින් මේ සර්පිළ කුහර උපයෝගි කරගෙන අන්තර් චක්‍රාවාට තරනයේ නියුතු වන බවත්ය. එමෙන්ම මෙම දියුනු ජිවින්හට තමන්ට අවශ්‍ය ආකාරයට කෘතිම සර්පිළ කුහර නිර්මාණය කරගෙන තමන් අභිමත ඕනැම ස්ථානයකට ගමන් කල හැකි බවය.

නමුත් නවින භෞතික විද්‍යාව අනුව මෙය තවමත් තියරියකට පමනක් සිමාවි ඇත. කවදා හරි දිනෙක අපහට මෙම සුත්‍රය විසදා සර්පිළ කුහරයක් විවෘත කර ගැනිමට හැකිනම් ඔන් එදාට අපිටත් පුළුවනි අන්තර්චක්‍රාවට අතර පමනක් නෙවි කාලය හරහාද ගමන් කිරිමට...

මේ තියරිය පිලිබදව තවත් වැඩිදුර හදාරන්න මෙතනට යන්න

1 comment:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්