ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 11 May 2011

බින් ලාඬන් මැරුනේ උණ හැදිලාලු....


(මුලාශ්‍රය :lankacnews)
අල්-කයිඬා නායක ඔසාමා බින් ලාඬන් මීට බොහෝ කලකට පෙර උණ ගැනීමෙන් මිය ගිය බව ඉරාන බුද්ධි අංශය නැවතත් ප්‍රකාශ කර සිටියි.

පසුගිය මැයි 2 වන දින ඇමෙරිකානු නාවුක සේනාංක මෙහෙයුම් කණ්ඩායමක් වන සීල් මෙහෙයුම් කණ්ඩායමක් විසින් පකිස්ථානයේ දී ඔසාමා බින් ලාඬන්ව ඝාතන කළ බවට කරනු ලබන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බව ඉරාන බුද්ධි අංශ ප්‍රධාන අමාත්‍යය හයිඩ්‍රා හොස්ලෙහී (Heydar Moslehi) විසින් ප්‍රකාශ කර ඇති බව රෂියා ටුඩේ වෙබ් අඩවිය වාර්තාවක සඳහන් වේ.

“ඔසාමාට ඉතා දරුණු උණක් තිබුණා. ඔහු එම උණ හේතුවෙන් මිට බොහෝ කලකට පෙර ස්භාවික ලෙසම මිය ගිය බවට සනාත කළ හැකි ඇසින් දුටු සාක්ෂි සහා සනාත කළ හැකි ලිඛිත වාර්තා අප සතු වෙනවා.” යැයි හොස්ලෙහී විසින් ඉරාන මාධ්‍ය වෙත පවසා ඇතැයි එම වාර්තාව සඳහන් කර සිටියි.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් බින් ලාඬන් මරා දැමූ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුයේ ලබන වසරේ එළැඹෙන ඇමෙරිකානු ජනාධිපතිවරනයේදී ඔහුට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණින් උපක්‍රමයක් ලෙස බව ඔහු නැවතත් ප්‍රකාශ කර ඇත.
වැඩිපුර තොරතුරු මෙතනට ගොස්ම කියවන්න...

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්