ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 28 December 2009

සුරපුරයකි මගේ රට ... රට කන්නන්හට

ශ්‍රි ලංකාව ඉංදියන් සාගරයේ මුතුඇටයයි. එහෙත් ඒ මුතු ඇටය තුල අද කොයිතරම් නාස්තිය හා දුෂනය රජකරනවාද කියලා එදිනෙදා පුවත් පතක් බලන ඕනැම පුද්ගලයකුට වැටහෙන සත්‍යකි. අප රට තුල ඇති සම්පත් හා ස්‍රමයෙන් දකුනු ආසියාවේම දියුනු රටක් බවට පත්කිරිමට හැකියාව තීයේද්දිත් රටේ සිදුවන මේ නාස්තිය හා දුෂනය එන්න එන්නම මේරට විනාෂය කරා ‍රැගෙනයමින් සිටි. රටට අයත් සම්පත් හා ප්‍රග්ධනය සියල්ලම පුද්ගලයින් කිහිප දෙනේකු වටා එක් ‍රැස් වෙමින් පවති. රටට උහුලන්නට බැරිතරම් ඇමති මංඩලයක් සිටියත් උන් එකෙක්ගෙන්වත් රටට සිදුවන සේවාවක් නම් පෙනේන්නට නැතිය. මේ පුංචි රටට මේ තරම් විශාල ඇමති මංඩලයක් අවශ්‍යමද? නැත කොහොමටවත් නැත.
එමෙන්ම විධායක ජනාධිපතිවරයා සතු අසිමිත බලයද එම විධායකය නඩත්තුව සදහා වැයකරන අතිවිශාල ධනස්කන්දයද රටට හෙනහුරකු වි ඇත. පසුගිය සතිඅන්ත පුවත් පතක සදහන්ව තිබු ආකරයට විධායක ජනාධිපති නඩත්තුව සදහා තප්පරයකට රුපියල් 182.58 ක් වියදම් කරති. දවසකට වැයකරන මුදල රුපියල් 15,774,912 කි.(රු. එක්කෝටි පනස් හත්ලක්ශ හැත්තෑ හතර දහස් නවසිය දොලහකි.) එසේනම් වර්ශයකට වැයකරන මුදල කොයිතරම්ද කියලා හිතාගන්න පුලුවන් නේද? තවද කොප් වංචා වලින් රු කෝටි 15000 ක් ද හෙජින් ගිවිසුම නිසා කෝටි 8000 ක්ද වැට් වංචා නිසා මිලියන 38000 ක්ද මිහින් ලංකා පාඩුව මිලියන 32000 ක් ද රටට අහිමි කර ඇත. මේතරම් විශාල මුදල් ප්‍රමානයක් රටට අහිමිකලත් තවමත් මෙම පුද්ගලයින්ට දඩුවම්නම් ලැබි නොමැත. ඒ වෙනුවට ඔවුන්හට තවතවත් රජයේ ඉහලපෙලේ තනතුරු ලැබි ඇත.(උදා: හෙජින් ගිවිසුමට , මිහින් ලංකා වලට වගකිවයුතු )
රටේ ජනතාවමත අදික බදුබරක් පටවමින් අසරනජනතාව තව තවත් අන්ත අසරණ තත්වයකට පත්වෙමින් සිටිනවිට රජය කිවේ යුද්ධය නිසා ඉවසන ලෙසය. අපි ඉවසුවෙමි. යුද්ධය දැන් අවසන්වි මාස 07කුත් ගෙවි හමාරය.එහෙත් ගහපු බදුත් එහෙමමයි. රටේ මුදල් හොරාකාපු උනුත් එහෙමමයි. යුද්ධය නිසා තද උන අපේ පටිත් එහෙමමයි.

2 comments:

  1. ඉතිං අපි මොනවා කරන්න ඕන කියලද ඔයා හිතන්නේ?

    ReplyDelete
  2. බුදිධිමත්ව හිතලා බලලා මේ 26 වෙනිදා ඔබලාගේ ජන්දය පාවිච්චි කරන්න

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්