ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 19 December 2009

Feng Shui


මම හිතුවා ෆෙන්සුඉ ගැන ලිපි පෙලක් ලියන්න ඕන කියලා. ඉතින් ඔන්න අද ඉදන් මම මේ ෆෙන්සුඉ ගැන මම දන්න තරමින් ලිපි පෙලක් ඉදිරිපත් කරන්නම්. මුලින්ම අපි බලමු මේ ෆෙන්සුඉ කියන්නේ කුමක්ද කියලා.ෆෙන්සුඉ යන වචනයේ අර්ථය වන්නේ සුළග හා ජලයයි. වසර දහස් ගනනක සිට චින ජාතිකයින් මෙම ශාස්ත්‍රය අනුගමනය කරමින් සිටි. තවද මෙම ක්‍රමය නිවාසතුල ගෘහ භාන්ඩ ස්තපනය කරන හා ශක්තිය ගලනයට අදාල ඉපැරනි කලාවක් ලෙසද හදුන්වා දිමට හැක.

* ෆෙන්සුඉ ක්‍රියා කරන්නේ කෙසේද?
"චී" නමින් හදුන්වන ශක්ති දාරා නිවසක් හරහා ගලන පදනම මත ෆෙන්සුඉ ක්‍රියාත්මක වේ. ඔබට හා ඔබගේ ජිවිතයට සෞභග්‍යය ලබා ගැනිමට නම් ඔබගේ නිවස පුරා මෙම ශක්ති ධාරාවන්ට නිදහසේ ගැලිමට හැකිවන පරිසරයක් නිර්මානය කර තිබිය යුතුය.
ෆෙන්සුඉ වලින් වැඩ ගැනිමට නම් ඔබට නිවසේ විවිද දිශාවන් ගැන අවබෝදයක් තිබිය යුතුය.
ඒ ඒ දිශාවන්ට අදාලව අස්ට අභිලාශයන් මෙසේ නිරුපනය කරයි.
දකුණ = පිලිගැනිම හා කිර්තිය
උතුර = වෘත්තිය
නැගෙනහිර = පවුල හා සුවසෙත
බටහිර = දුදරුවන්
නිරිත = විවාහය හා ප්‍රෙමය
වයඹ = අන් අයගේ සහයෝගය
ඊශාන = අධ්‍යාපනය හා නුවන
ගිණිකොන = ධනය හා සමෘද්ධිය.

5 comments:

  1. මටනම් මේක, ජෝතිෂයවගේ තවත් ගුප්ත විද්යාවක් විතරයි. මිනිස්සු හරි කැමතියි ලේසි ක්‍රම වලින් ජීවිතය ජයගන්ඩ. අනිත්ය ලොකය නිත්ය කරගන්ඩ.. නමුත්, අවාසනාවකට සියලු සත්වයන් පහරකන්නෙ අනිත්ය කියන ධර්මතාවෙන්.ලාභ අලාභ යස අයස ආදිය ස්වභාවිකදේ හැටියට පිලිගන්න කැමති නෑ.

    ReplyDelete
  2. හොඳ මාතෘකාවක්

    ReplyDelete
  3. මේකට ඉ-කෝලම කියලා දාන්න බැරිද?

    ReplyDelete
  4. මොනාහරි කුණුගොඩක් පිටරටින් ආවොත් ඒක තමා ලොකු...

    මේවට රැවටෙන්නේ ඉතින් නැකැත් නැකැත් කිය කිය දත නියවන් ඉන්න අයම තමා.. පොඩ්ඩක් හිතු‍වොත් තේරේවි මේකත් private school, private hospital, වගේම private business එකක්ම විතරක් කියල.

    දියුණුවේ නියම රහස නිසි වේලාව‍ට (අවශ්‍ය අවම කාරනා සම්පූර්ණ වූ විට) නිසි කාර්යයන් සම්පූර්ණ කිරීමයි.

    නැකත් බල බල සිටින්නේ දුර්වල යන්ය!

    ReplyDelete
  5. ඔය දිශාවන් ඔක්කොම හරියට පිලිවලට තියගන්න මනුස්සයෙක් කොහොමත් හරියට වැඩ කරලා දියුනු වෙනවා. නෙද... මෙව හොදයි දැනුමට නමුත් මෙක ඇත්තක් නම කාට කොයින් ප්‍රශ්?යක්ද..?

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්