ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 8 November 2010

"Hero" නැමති සංසදයේ සිටින සහෘදයා වෙතටයි..




සොයුර නුබ නමින් "Hero" උනාට සංසදයේ ඉන්න හැමොම දන්නවා උබ මනස විකෘති වෙච්ච මානසික රෝගියකු බව. එහෙත් එය උබේ කරුමේය. හැම බ්ලොග් ලියන්නෙකුටම කුණුහරුප කමෙන්ට්දාන එකම කෙනා උබය. අපි උබට වෙයිරනොකරන්නේමු. මක්නිසාදයත් උබ සමහරවිට ඔය තත්වෙට පත්වෙන්න ඇත්තේ කාගේ හෝ ආදරයක් කරුණාවක් නොලැබු නිසාවෙන් වෙන්න ඇති. සමහර විටක උබේ දෙමාපියන් දෙන්නා උබලග නොසිටින්නට පුලුවනි. සමහර විටක උබ තාත්තෙක් නැතිව මේ ලොකේට බිහිවන්ට ඇති. ඒ නිසයි නුබ මේතරම් සමාජයට වෙයිර කරන්නේ. මේ තරම් පහත් වචන උබේ ලග තියෙන්නේ. එත් උබම කල්පනා කරලාම බලපන්. උබ ඔය විදියට පහත් කමේන්ට් දාන තව එකෙක්වත් උබට මේ සංසදයේ දි මුනගැසි නැහෑ නේද? අන්න එතනයි උබගෙත් අපෙත් තියෙන වෙනස.

උබට මානසිකව යම් සතුටක් ලැබෙනවා ඇති උබ මේ කරන දෙයින්.. එහෙත් මේ නිසා කිදෙනෙක් නම් උබට සාප කරන්න ඇත්ද? සොයුර දැන් කාලය පැමින ඇත උබට ඔය ලෙඩෙන් අත් මිදිමට. උබ උබ ගැනම ස්වයං විග්‍රහයක් කරගෙන බලපන්. උබ කරන වැඩේ කොයිතරම් සාධාරණද කියලා. සමහරවිට නුබ හැදෙන්නත් පුලුවන් නොහැදෙන්නත් පුලුවන්. එත් උබවගේ එකෙකුට හරි මාර්ගය පෙන්වාදෙන්න කවුරුහරි පලමු අඩිය ඉස්සරහට තියන්න ඔනි. ඔන්න මම ඒ වැඩේ කලා. සමහරවිට උබ මේක බලලා මට තවත් තිත්ත කුණුහරුපෙන් කමෙන්ට් එකක් දාන්න පුලුවනි. එත් කමක් නැ.... උබ මේ ලිපිය කියෙව්වානම්.. උබ හැමදාම ‍රැ නින්දට යනවිට උබට හිතේවි මම මේ තාක් වෙනකම් කිදෙනෙකුගේ බ්ලොග් පොස්ට් වලට කුණුහරුප කමේන්ට් දැම්මාද කියලා.. අන්න එහෙම හිතුනුදාට මම දිනුම්...... නැත්නම් උබත් තවත් සමාජයට විණකරන පිලිලයක් බවට පත්වේවි... තිරණය උබ සතුයි.....

9 comments:

  1. එල........... දැන්වත් බලමු හැදෙයි ද කියල......

    ReplyDelete
  2. http://www.facebook.com/profile.php?id=100000859321535&v=info mohuda hero wani thawath awajathakayeki mohu Face book 1e alipita kunuharupa daana modayeki

    ReplyDelete
  3. බලමුකෝ මොකද වෙන්නේ කියලා............

    ReplyDelete
  4. ඔව්. කිසිම විදිහකින් අපිත් ඔහුට බැණ වැදිය යුතු නෑ. මගේ ලිපියකටත් ඔහු එහෙම කොමෙන්ට් එකක් දාල තිබුනා, නමුත් මට තරහක් නෙමෙයි ආවෙ දුකක්.

    ReplyDelete
  5. කිව්වා වගේම මගේ මේ ලිපියටත් කුනුහරුප කමේන්ට් දාලා.

    ReplyDelete
  6. මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හරි උස්සලා දාල තියෙන පොස්ට් වලට විතරලු. එත් මගේ බ්ලොග් එකේ කවදාවත් මම වෙනත් තැනකින් කොපි කරපු පොස්ට් දාලා නැ...

    ReplyDelete
  7. මගේ කතන්දර බ්ලොග් එකටත් කුණුහරුප දාලා තිබුණා හීරෝ හරි සෝරෝ හරි වගේ නමකින්.
    දැන් මං කමෙන්ට්ස් මොඩරේට් කරනවා.
    කතන්දරකාරයා

    ReplyDelete
  8. මෙයා කියනවා මෙයා කුණුහරුප කමේන්ට් දාන්නේ කොහෙන් හරි උස්සලා දාල තියෙන පොස්ට් වලට විතරලු.

    මොන බොරැද. සිංහල බ්ලොග් අවකාශයේ මැජික් කරන හැටි ගැන බ්ලොග් එකක් කරන එකම කෙනා මම. මැජික් වලටම වෙන්වූ වෙන කිසිම බ්ලොග් එකක් මේ වෙනකන් සිංහල බ්ලොග් අවකාශයේ නෑ. ඉතිං මම කාගෙන් පෝස්ට් උස්සන්නද? මේකා මගේ එකෙත් කුණුහරැප කමෙන්ට් දාල. මම එදා ඉදලම කමෙන්ට් මොඩරේට් කරල තිබුනෙ. ඒ නිසා පබ්ලිෂ්වුනේ නෑ.

    ReplyDelete
  9. Heroගේ Comment බලන්න මෙතනින් යන්න.


    http://hackrish.blogspot.com/2010/10/google-doodle-hikzzz.html

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්