අද අපේ රටේ බොම්බ පිපිරිම් නැත,වෙඩි හඩවල්ද ඇසෙන්නේ නැත. අවු 30ක් පැවති කුරිරු යුද්ධය දැන් අවසන්ව ඇත. පසුගිය අවුරුදු 30 පුරාවටම මේ යුද්ධය නිසා කොපමන සොල්දාදුවන් හා සාමාන්‍ය ජනතාවක් මියයන්නට ඇත්ද? එහෙත් මම අද මේ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධයට සක්‍රියව තම දායකත්වය ලබා දුන් මෑත කාලීන ඉහල පෙලේ හමුදා නායකයින්ට අත්වු ඉරණම ගැනය.ඉතා ඛෙදජනක වුවත්, මිලේච්ජ වුවත් සත්‍ය මෙයයි. සදාකාලික විරයන් හට දේශපාලුවන් සලකපු ආකාරයයි. මේ ලිපියේදි මම සදහන් කරනුයේ 1994 න් මෙපිට මට දැනුම් තේරුම් ඇති කාලයේ සිදුවු සිද්දින් කිහිපයක් පමනි.
මම මෙතනින් පටන් ගන්නම්... කාටත් මතක ඇති
ලුතිනල් ජනරාල් සිසිල් වෙද්‍යරත්න මහතා.
මෙතුමා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක්.(16th Nov. 1991 - 31st Dec. 1993) මේතුමා ප්‍රභාකරන් කියන නරුමයාව විනාශ කරන්න පුදුම උනන්දුවකින් කටයුතුකල යුදසෙබලෙක්. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙකෙම මෙතුමාගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් රැසක්ම දියත් කලේය. එහෙත් 1994 දි චන්දිකා රජය බලයට පත්විමත් සමගම මේතුමාට දේශද්‍රෝහි ලෙබලය අලවා අත්ඩංගුවට ගැනිනි. හේතුව වුයේ මෙතුමා 1994 දි උතුරු නැගෙනහිර චන්ද දුෂනයක් කොට ආණ්ඩුවිරොදි කුමන්ත්‍රනයක් කරන්න ගියාය කියන චොදනාව මතය. පසුව මෙතුමා මේගැන සිත්තැවුලට පත්වි අසරණව ලෙඩවි මියගියේය. අන්න ඒ ආකාරයටයි එදා චන්ද්‍රිකා ආණ්ඩුව එම යුධසෙනවියාට සැලකුවේ.
මෙය මෙතනින් නතරවුයේද නැත. ඊලගට මෙම චොදනාවම එල්ල වුයේ
"ලකි අල්ගම" විරුවාටය
. නැගෙනහිර පළාත කොටි ග්‍රහනයෙන් මුදවා පළාත්පාලන චන්දය සාමකාමිව තියන්නට ඉඩකඩ හදාදුන්නේ මෙම විරුවාය. එහෙත් චන්ද්‍රිකා ආණ්ඩුව මොහුද දුටුවේ ද්‍රොහියකු ලෙසය.මොහුටද එල්ලකලේ ලුතිනල් ජනරාල් සිසිල් වෙද්‍යරත්න මහතාට එල්ල කල චොදනාවමයි. එනම් 94 දි චන්ද්‍රිකා ආන්ඩුව බලයට පත්විම වැලැක්විමට කුමන්ත්‍රනය කලා කියා කිමයි. මොහු හමුදාවෙන් විශ්‍රාම යවනු ලැබිය. අනතුරුව 99 ජනාධිපතිවරණයේදි එ.ජා.ප වේදිකාවක කතාකරමින් සිටියදි කොටි කුරුමානමක් බවට පත්වි මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයකින් මියගියේය... මෙය අතිතය තුල සිදුවු සත්‍යයි. විරුවන් හට සැමවිටම අත්වු ඉරණමයි..
මින් පසුව දේශපාලන පලිගැනිමට හා ගොදුරක් බවට පත්වන්නේ
"මේජර් ජනරාල් ජානක පෙරේරා"
විරුවාණන්ය.1995 දි යාපනය මුදාගැනිමේ "රිවිරැස" මෙහෙයුමේ විරුවා මොහුය.මොහුද ප්‍රභාකරන් ඉවරයක් කල යුතුමයි කියා ඉව අල්ලමින් සිටි විරුවෙකි.එහෙත් චන්ද්‍රිකා ආණ්ඩුව මොහුටද වල කැපිය. හමුදාපතිධුරය මොහුට නොදි හමුදාවෙන් විශ්‍රාම යන තැනට වැඩ සිද්ද කලේය.පසුව මෙතුමාටද කිසිම ආරක්ෂාවක් නොලැබි කොටි කුරුමානමක් බවට පත්විය. කිසිඩු කොටි අවදානමක් නොමැති මන්ත්‍රි ඇමතිලා වාහන 10ය 15ක් හා හමුදාබටයන් 10ක්15ක් ආරක්ෂාවක් පිරිවරා ගමන් කලද කොටි කුරුමානම් වෙච්ච් මේ ඉහල පෙලේ නිලධාරින් හට ආරක්ෂාව නොලැබින. මෙතුමා මේ සම්බන්දව කිහිප විටක්ම උසාවි පවා ගොස් තිබින. අන්තිමේදි මෙතුමාද දේශපාලනයට අවතිර්න විය. එදාපටන් රජයට මේජර් ජනරාල් ජානක පෙරේරා ද්‍රොහියෙකි. රජය පහර පිට පහර මොහුට ගැසිය. තමන්ට කොටි තර්ජන ඇතිබව දිගින් දිගටම කියා ආරක්ෂාව වැඩිකර දෙන ලෙස රජයෙන් ඉල්ලුවත් එය පලක් නොවිය. අවසානයේ කොටින්ගේ මරාගෙන මැරෙන ගොදුරක් බවට පත්ව මේ යුධ විරුවාණන්ද රටට අහිමි කලේය....
වර්තමානය තුලද යුද විරුවකුට මෙවැනිම ඉරණමක් අත්වෙමින් පවති. එනම් එය අපි කවුරුත් දන්නා
"ජනරාල් සරත් ෆොන්සෙකා"
විරුවාණන්ටය. මිට අවුරුද්දකට පමන ප්‍රථම රජයම පැවසුයේ ලෝකයේ හොදම යුදහමුදාපතිවරයා ජනරාල් සරත් ෆොන්සෙකා බවයි. එහෙත් අද ඒ කටවල් වලින්ම ඔහුව දේශද්‍රෝහියකු ලෙස හන්වඩු ගැසෙයි. එදා යුදවිරුවා අද කොටි මරාගෙන මැරෙන සැකකරුවන් පවා සිටින වැලිකඩ බන්දනාගාරය තුල එකට සිටියි. මේවා දේශපාලන කුහක කම්ය. රට වෙනුවෙන් තම ජිවිතය දෙවෙනිකොට ලේ මස් දන්දුන් මෙම විරුවන් හට අතිතයේ සිට බලයේ හිටපු ආණ්ඩුන් සලකා ඇත්තේ නින්දිත,පහත්ම විදියටයි. මේ ක්‍රමය වෙනස් විය යුතුය. සැබැ යුදවිරුවන් හට ඔවුන්ට ලැබිය යුතු ගරුබුහුමන් ලබාදි රැකගත යුතුය. මට මේ වෙලාවේ මතක් වෙනවා මගේ විදේශිය මිතුරෙක් කි කථාවක්... "උබලා මහ පහත් ජාතියක්.උබලයි රට බෙරා ගත්ත සෙන්පතියන්ටත් උබලා ඔහොම සලකනවා නම්..වෙනත් අය ගැන කවර කථාද? අන්න ඒකයි උබලගෙයි අපෙයි වෙනස. උබලා ඔයතත්වෙන් ඉන්නත් අපි මේතරම් දියුනු වෙන්නත්... උබලගේ ආකල්ප වෙනස් කර ගනිල්ලා"...... මම මේ දේ ගැන එදා ඒතරම් හිතුවේ නැතත් දැන් මට තේරෙනවා ඌ කියාපු කථාව ඇත්තක් නෙද කියලා.......
දිගටම කියවන්න ->>