ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 30 October 2010

තවත් ebay කථාවක්ම පමණක් නොවේ..(මගේ පලමු ebay ගණුදෙනුව)

මම මේ පොස්ට් එක ලියන්න ඉස්සෙල්ලා මගේ හදවතින්ම ස්තුතිකරන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි " ධනික සහෝදරයා". මම පලමුවෙන්ම ebay එක ගැනත්,එහි භාණ්ඩයක් මිළදි ගන්න ආකාරයත් A to Z දැන ගත්තේ ධනික සහෝ ලියාපු මෙන්න මේ පොස්ට් ටිකෙන්. මේවගේ දෙවල් ඉදිරියටත් තවතවත් ලියන්න ධනික සහෝදරයාට ශක්තිය ලැබේවා.....ස්තුතියි නුබට සොයුර..

ඔන්න එහෙනම් මම මගේ කථාව පටන් ගන්නම්. මමත් ඉතින් හා හා පුරා කියා sampath web card එකකට apply කරා කියමු. දවස් 27ක් ගියා කාඩ් එක ලැබෙන්න. මගෙන් address verification එකකුත් ගත්තා. මේ පාර නම් සම්පත් බැංකුව ගැන මගේ විශ්වාසයනම් බිංදුවට බැස්සා. මොකද කාඩ් එක එන්න දින 27ක් ගියා කියන්නේ.. කොහොම හරි කාඩ් එක paypal වලට link කරා විතරයි මෙන්න බොලේ මගේ account එක limited උනා. පස්සේ මම බොහොම අමාරුවෙන් එකත් ගොඩදාගත්තා.(ඒකට මම මගේ මේ බ්ලොග් එක හරහා පොස්ට් එකක් දලා උදව් ඉල්ලුවා. ගොඩාක් සහෝදරයන් කමෙන්ට් දාලා මාව දැනුවත් කරා මෙහෙම කරොත් ඔක හරි යාවි කියලා. මම ඒ සහෝදරයන්ටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.) .

ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ebay එකෙන් බඩුගන්න ලැස්තිඋනා. ගන්න ඔනි මොනාද කියලා ඉටපස්සේ හිතා ගන්න බැ. ඔන්න මට එකපාරටම හොද අදහසක් ආවා. අපිත් දැන් ‍රැවුල වැවෙන කොල්ලෝ නිසා හිතුවා electric shaver එකක් ගත්තොත් හොදා කියලා. බලලා බලලා අඩුවට තිබ්බා top rated seller කෙනෙක් ගාව මෙන්න මේ භාණ්ඩේ.මට මේකට වියදම් උනේ $7.99 විතරයි. අවුරුදු 01ක් warranty එකකුත් එක්ක. භාණ්ඩේත් එලකිරිවාගේ වැඩ. මම මේකට මුදල් ගෙවලා දින 10ක් ඇතුලත භාණ්ඩේ ගෙදරටම ආවා. මම තවත් gadgets කිපයක්ම ගෙන්න එදාම සල්ලි බැන්දත් තාම ආවේ නැ. බලාපොරුත්තුවෙනවා ඒවත් ලගදිම ලැබෙයි කියලා.. ඔන් එහෙනම් මගේ පලමු ebay ගණුදෙනුව සාර්ථකයි.



1 comment:

  1. මමත් e-bay එක්ක ගනු දෙනු 2ක් කලා.මගේ නිකෝන් el-10 battery & charger එකක්.ඒ දෙක එන්න සති 2ක් විතර ගියා.ඒවාට මට වියදම් උනේ රු900 ක් විතර.ඩනික සහෝදරයා ලියපු ලිපි පෙල කියවලා තමයි මමත් e-bay එක්ක ගනු දෙනු කරන්න පටන් ගත්තේ.ඩනික සහෝදරයාට වගේම අපිව දැනුවත් කරපු අනිත් සහෝදරයන්ටත් බොහෝම ඉස්තුතියි....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්