ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 17 October 2010

සංසදයේ සහොදරයන්ගේ කාරුණික අවදානය පිණිසයි.... මට මේ උදව්ව කරන්න?


කට්ටියට මතක ඇතිනේ මම මිට කලින් ලිපියේ දැම්මනේ මට උන ඇබැද්දිය ගැන. ඉතින් තාමත් මගේ paypal account එක limited වෙලයි තියෙන්නේ. හැබැයි https කියලා රතුපාටින් වැටිලා කැන්සල්වෙන එකනම් දැන් හරි. ඒක හරිගියේ මම දාගෙන හිටපු Internet downloder එක unstall කරාට පසුවයි. මොකද මම එක දාගත්තේcrack කරලා නිසා මට නිකමට හිතුනා මේකේ ලෙඩක් වෙන්න ඇති කියලා. ගොඩාක් සහෝදරවරු මට කමෙන්ට් දාලා උදව්කරා . මම ඒ සහෝදරයන් සියලුදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේ උදව් කිරිමට සිටින අය සංසදය තුල සිටිම ගැනත් මම සන්තෝස වෙනවා.
ඉතින් තවමත් මගේ paypa account එක limited නිසා මම හිතුවා මේ paypal account එක desable කරන්න. මෙතනදි මට නැගෙන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න. ඔය සහෝදරවරු එකටත් මට උදව් කරාවි කියලා හිතනවා.

* දැනට තියෙන paypal account එකක් කැන්සල් කරගන්න පුලුවනිද?
* හැකිනම් පරණ paypal account එකේ තියෙන නමටම අලුත් paypal account එකක් සැදිය හැකිද?( ලිපිනය හා දුරකථන අංක පරණ account එකේම තිබුන එවා දැමිමෙන්)
* පරණ paypal account එකට link කරපු sampath web card එකක් එම paypal account එක කැන්සල් කිරිමෙන් පසුව අලුතින් සාදන paypal account එකකට link කල හැකිද?

ඉතින ඔන්න ඕය ටික තමයි මට තියෙන ප්‍රශ්න මගේ ebay සිහිනයට යන්න. ඉතින මම බලාපොරොත්තුවෙනවා මේක කියවන සහොදරයන් මට මේක විසදාගන්න උදව් කරාවි කියලා.... මගේ සිහිනය බොදවෙන්න නම් දෙන්න එපෝ................

3 comments:

  1. මම දන්නා තරමින් දැනට තියෙන ‍එකවුන්ට් එක කැන්සල් කරලා නැවතත් ඒ නමින්ම එකවුන්ට් එකක් හදන්න පුලුවන්. ‍මම පේපෑල් සමග හදපු එකවුන්ට් එකේ නමේ වැරැද්දක් තිබිලා ඒක එයාලට කියලා නිවැරදි කර ගන්න අමාරු උනාම මම කලේ මේ දේම තමයි. ඒ වගේම කලින් ක්‍රෙඩිට් කාඩ් එකම පාවිච්චිත් කලා. හැබැයි සම්පත් කාඩ් එක ගැනනම් මට දැනුමක් නැහැ. පේපෑල් නම් වැ‍ඩේ කරන්න පුලුවන් කියලා ෂුවර්

    ReplyDelete
  2. ඔයාගෙ ප්‍රශ්න 1 සහ 2ට ටම පිලිතුර ඔවු අනික නම් දන්නෙ නෑ...

    ReplyDelete
  3. අලුතින් හැදුවත් ඒකත් limited.මයා card එක paypalට vrify කරලා පෙන්නනකම්

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්