ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 9 October 2010

සදාදරණිය චේ




ඔබව මේ ලොකයෙන් උදුරාගෙන අදට (ඔක්තොබර් 09 වනිදාට) හරියටම අවුරුදු 43ක් ගතවෙනවා. එහෙත් සදාකාලික විරුවානණි, තවමත් ඔබ අපහදවත් තුල ජිවමානව වැඩසිටියි.1967 ඔක්තොබර් මස 9 වැනිදා හමුදාබටයින් කිපදෙනෙකුගෙම තුවක්කු වලින් පිටවි ගිය වෙඩි උන්ඩවලින් ඔබේ ලය පසාරුකරගෙන යද්දි, ඔබට සිතෙන්නට ඇති ඒය ඔබගේ විප්ලවයේ අවසානය නොවන වග.
ඔබ මරා දැමිමට හෝරා කිපයකට කලින් CIA නිලදාරියකු ඔබෙන් ඇසු ප්‍රශ්නයත්, එයට ඔබ පිලිතුරු දුන් අන්දමත් මා ඔබ ගැන කියවු පොතක තිබු ආකාරය මට දැන් සිහිවෙනවා.
"මොකක් ගැනද ඔබ දැන් හිතමින් ඉන්නේ"
"මම මේ හිත හිතා ඉන්නේ මේ විප්ලවයේ අමරණියත්වය ගැන"
සත්තකින්ම විරුවාණනි, ඔබ කල විප්ලවය සදා අමරණිය එකකි. ඒකයි ලොකයාට ඔබව අමතක කරන්න බැරි. ඔබවාගේ විරුවන් ලෝකයටම අවැසි කාලයකි මෙය.
ඔබව ශාරිරිකව මරාදැමිමට සතුරන්ට හැකි උවත් ඔබගේ ආකල්ප,ඔබගේ විප්ලවකාරි මතවාද ඔවුන්ට විනාශ කිරිමට නොහැකි විය.
"සියෙරා මිස්ට්‍රා" කදුකරයටවෙලා ඔබ අලුත් කියුබාවක් තැනිය. එතැනින් නොනැවතුන ඔබ නිදහස් බොලිවියාවක් තැනිමට අරගලයක් ඇරබිය. එහෙත් ඔබට නිදහස් බොලිවියාවක් තැනිමට නොහැකි උවත් ඔබගේ ඒ අරගලය ලොකයේ බොහෝ රටවල් වලට නිදහස ලබා ගැනිමට අඩිතාලමක් විය. එහෙයිනි විරුවාණනි ඔබට ලොකයා මේතරම් ගරු කරනුයේ. සැබවින්ම ඔබ විරුවෙකි.

"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මාගේ පරාජයෙන් අදහස් නොකෙරෙනු ඇත. එවරස්ට් කදු මුදුනට ලගා විමට උත්සාහ කොට පැරදුන බොහෝ දෙනෙකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරස්ට් කන්ද තරණය කර ඇති බවය."
අර්නස්ටෝ චේ ගුවේරා


No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්