ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 31 October 2010

ස්වර්ණවාහිනියේ පචවිම හෙවත් බුද්ධිකගේ මන්ද බුද්ධික මෙගා කෙළිය...



අපේ රටට Reality TV වැඩසටහන් හදුන්වා දුන්නේ මහරාජාගේ "සිරස TV" ආයතනයයි. මිනිස්සු කොයිතරම් සිරසට බැන්නත් ඔවුන් වැඩක් කරන්න ගියාම ඒ වැඩේ තිතට අකුරටම කිරිමේ පුරුද්දක් එම ආයතනයට තිබින. එහෙත් එම reality tv වැඩසටහන් කොපි කරමින් ස්වර්ණවාහිණිය ආරම්බ කරන ලද "මෙගා ස්ටාර්" වැඩසටහන මුල ඉදලාම විහිලුවක් බවට පත්ව තිබිනි. "සිරස"ට පහර ගැසිමට මර්වින් සිල්වා යොදාගැනිමත් සමග මෙම වැඩසටහන ජොකර් වැඩසටහනක් බවට කෙමෙන් කෙමින් පත් උනි. මේ අවස්ථාවේදි මා "සිරස"ට සුදු හුනු ගැමටද යන්නේ නැත. එහෙත් අපට "සිරසෙන්" ගතහැකි පාඩම් බොහොමයක් ඇත. නිර්මාණශිලිත්වය මේ අතරි ප්‍රධානය.

ඊයේ රාත්‍රියෙදි මෙගා ස්ටාර් අවසන් තරගයෙදි සිදු වු දේ මුලු ලොකයක්ම බලාසිටින්නට ඇත. කමල්ගේ නොගැලපෙන විහිළු හා මර්වින්ගේ රසකථා මෙන්ම අවසානයේදි වු ගුටි කෙලියද ලංකික reality කලාවට එල්ලකලේ කළු පැල්ලමකි. මෙහිදි මෙහි ප්‍රධාන වගකිම් බාරගත යුත්තේ වැඩසටහන් අධ්‍යක්ෂක "බුද්ධික කුලසේකරයන්ය." බුද්ධික සමග මාගේ කිසිම අමනාපයක් නැත. එහෙත් ඔහු රුපවාහිනි නාලිකාවක ප්‍රධානියකුට ගැලපෙන බුද්ධි මට්ටමකින් හා නිර්මාණශිලි බවින් යුක්ත් පුදිගලයකුද යන්න පසුගිය මාස ගනනාවටම ස්වර්ණවාහිනිය බලන ඕනැම කෙනෙකුට වැටහෙනු ඇත. හේම නලින්ලා ජැක්සන් ලා හිටපු ස්වර්ණවාහිනිය මිටවඩා කොතරම් සුන්දරද... කොයිතරම් නම් නිර්මාණශිලි වැඩසටහන් ඉදිරිපත් උනාද?.. එහෙත් වර්ථමානයේ මෙවැනි වැඩසටහන් වලින් ලාංකිය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය.. ඇගසේරම ගා ගෙන පචේ පච උනි. මෙවැනි වැඩසටහන් වලට වියදම් කරපු මුදල් වලින් අසරණ පවුල් කියකට නම් ගෙයක් දොරක් සාදා දිමට පුලුවන්කම තිබුනද?.... එහෙම නැතිනම් මේ වගේ වැඩසටහන් හරියාකාරව කිරිමට නොහැකිනම් ඒ සල්ලිවලින් බල්ලොන්ට ආප්ප අරන්දෙන්න තිබුණා.. මෙහිදි සදහන් කලයුතු වැදගත් දෙය වනුයේ " සොමා එදිරිසිංහයනි.... මේ බුද්ධිකගේ මන්ද බුද්ධික වැඩ තවදුරටත් තිබුනොත් ඔබගේ නාලිකාවට...දෙයියන්ගෙම පිහිටයි...........
දිගටම කියවන්න ->>

Saturday 30 October 2010

තවත් ebay කථාවක්ම පමණක් නොවේ..(මගේ පලමු ebay ගණුදෙනුව)

මම මේ පොස්ට් එක ලියන්න ඉස්සෙල්ලා මගේ හදවතින්ම ස්තුතිකරන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි " ධනික සහෝදරයා". මම පලමුවෙන්ම ebay එක ගැනත්,එහි භාණ්ඩයක් මිළදි ගන්න ආකාරයත් A to Z දැන ගත්තේ ධනික සහෝ ලියාපු මෙන්න මේ පොස්ට් ටිකෙන්. මේවගේ දෙවල් ඉදිරියටත් තවතවත් ලියන්න ධනික සහෝදරයාට ශක්තිය ලැබේවා.....ස්තුතියි නුබට සොයුර..

ඔන්න එහෙනම් මම මගේ කථාව පටන් ගන්නම්. මමත් ඉතින් හා හා පුරා කියා sampath web card එකකට apply කරා කියමු. දවස් 27ක් ගියා කාඩ් එක ලැබෙන්න. මගෙන් address verification එකකුත් ගත්තා. මේ පාර නම් සම්පත් බැංකුව ගැන මගේ විශ්වාසයනම් බිංදුවට බැස්සා. මොකද කාඩ් එක එන්න දින 27ක් ගියා කියන්නේ.. කොහොම හරි කාඩ් එක paypal වලට link කරා විතරයි මෙන්න බොලේ මගේ account එක limited උනා. පස්සේ මම බොහොම අමාරුවෙන් එකත් ගොඩදාගත්තා.(ඒකට මම මගේ මේ බ්ලොග් එක හරහා පොස්ට් එකක් දලා උදව් ඉල්ලුවා. ගොඩාක් සහෝදරයන් කමෙන්ට් දාලා මාව දැනුවත් කරා මෙහෙම කරොත් ඔක හරි යාවි කියලා. මම ඒ සහෝදරයන්ටත් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.) .

ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ebay එකෙන් බඩුගන්න ලැස්තිඋනා. ගන්න ඔනි මොනාද කියලා ඉටපස්සේ හිතා ගන්න බැ. ඔන්න මට එකපාරටම හොද අදහසක් ආවා. අපිත් දැන් ‍රැවුල වැවෙන කොල්ලෝ නිසා හිතුවා electric shaver එකක් ගත්තොත් හොදා කියලා. බලලා බලලා අඩුවට තිබ්බා top rated seller කෙනෙක් ගාව මෙන්න මේ භාණ්ඩේ.මට මේකට වියදම් උනේ $7.99 විතරයි. අවුරුදු 01ක් warranty එකකුත් එක්ක. භාණ්ඩේත් එලකිරිවාගේ වැඩ. මම මේකට මුදල් ගෙවලා දින 10ක් ඇතුලත භාණ්ඩේ ගෙදරටම ආවා. මම තවත් gadgets කිපයක්ම ගෙන්න එදාම සල්ලි බැන්දත් තාම ආවේ නැ. බලාපොරුත්තුවෙනවා ඒවත් ලගදිම ලැබෙයි කියලා.. ඔන් එහෙනම් මගේ පලමු ebay ගණුදෙනුව සාර්ථකයි.



දිගටම කියවන්න ->>

Friday 29 October 2010

ඔබගේ වටිනා කියන files US military standard එකට හංගන්න කැමතිද?




බොහෝ දෙනෙකුට ඇති ලොකු ප්‍රශ්නයක් තමයි කොහොමද අපේ වටිනා කියන ලිපි ලේඛන හා වෙනත් ෆයිල්ස් ආදිය වෙනත් කෙනෙකුට බලන්න බැරිවෙන විදියට හංගන්නේ කියලා. මෙන්න ඒ සදහා විසදුම.Folder Lock 6.5.0 මේ මෘදුකාංගය තමයි මේ වැඩවලට කියාපු වැඩකරු. මේ සොප්ට්වෙයාර් එකෙන් අපේ ෆයිල්ස් හංගන්න බාවිතාකරන ක්‍රමය ඉතාමත් ඉහලයි. එය බාවිතා කරන්නේ US military standard 256-bit Algorithm රෙන්ජ් එකක්. මෙය ඉතාමත් එහල ආරක්ෂිත ක්‍රමයක් හැටියටයි සලකන්නේ. එහෙනම් මෙන්න මෙතනින් මේ Folder Lock 6.5.0 සොප්ට්වෙයා එක බාගන්න. මෙය serial Noඑකත් එක්කම තමයි තියෙන්නේ. 5.46Mb

HotFile
දිගටම කියවන්න ->>

Thursday 28 October 2010

Graphics Design කරන අය සදහාමයි..(part 2)

මම කලින් ලිපියෙනුත් ඔයගොල්ලන්ට ලස්සන eps සාම්පල් ටිකක් දුන්නා මතකයි නේ. ඉතින් තවත් ඒවාගේම eps design sampale ටිකක් ලැබුනා. මේවත් ගොඩාක් ප්‍රයෝජනවත්වේවි. මෙන්න එහෙනම් ඩවුන්ලොඩ් කරගන්න.

Stock Vector Sale #1576
2 EPS | JPEG Preview | 11.49 Mb



Stock Vector Labels #1578
2 EPS | JPEG Preview | 8.41 Mb




Stock vectors Logos #1574
2 EPS | JPEG Preview | 8.93 Mb




Vector Wafer #1563
2 EPS | JPEG Preview | 6.83 Mb




Vector - Medicine #1575
6 EPS | JPEG Preview | 8,4 MB



Stock vectors - Pens
5 EPS | JPEG Preview | 25,3 MB

දිගටම කියවන්න ->>

Wednesday 27 October 2010

කොහොමද pdf file එකක් autocad file (.dwg.dwf) එකක් බවට පත්කරගන්නේ..


අපිට Auto cad file එකක් නම් pdf බවට පත්කර ගැනිමට එම මෘදුකාංගයේම පහසුකම් සපයා තියෙනවා. (වෙනත් මෘදුකාංගත් තියෙනවා) නමුත් අපේ pdf file එකක් online ඉදගෙනම .dwg /.dwf ෆයිල් එකක් බවට පත්කරගන්න මෙන්න නියම අඩවියක් තියෙනවා. මේක කරන්න හරිම පහසුයි.අපිට තියෙන්නේ converte කිරිමට අවශ්‍ය pdf file එක ලබාදි අපගේ email එක ලබාදිම විතරයි.
මෙන්න site එකේ නම

www.convertpdftoautocad.com/
දිගටම කියවන්න ->>

ග්‍රැපික් ඩිසයින් කරන අය සදහාමයි....

මෙන්න තියෙනවා ග්‍රැපික් වලින් වැඩ දාන්න දන්න අයට උදව්වට ලස්සන psd හා eps ඩිසයින් ටෙම්ප්ලේට් ටිකක්. මේවා ඉතින් යොදාගන්න ඕන මොනවාගේ වැඩවලටද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ නැනේ. තමන්ගේ නිර්මාණකාර්ය්‍ය වඩාත් හොදින් කර ගැනිමට හා කාලය ඉතිරිකරගෙන ලස්සන වැඩක් කරන්න නම් ඉතින් මෙන්න ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය ටිකක්...
Stock Vector - Envelopes
5 EPS | JPEG Preview | 22 Mb



Stock vector - Logo Set Icons
2 EPS | 15.5 Mb



Stock Vector - Tattoo Dragon
5 EPS | JPEG Preview | 9.7 Mb RAR



Vector Green Earth
5 EPS | JPG Preview | 10 Mb


Stock Vector - School Tools
EPS | JPEG Preview | 11,7 Mb



Stock Vector – Christmas Icons
4 EPS files | JPEG Preview | 21,2 MB


Stock Vector - Header 1
AI | JPEG Preview | 11.4 MB | RAR
[/center]
දිගටම කියවන්න ->>

Sunday 24 October 2010

Blloger Navigation bar එක නැතිකරගන්නේ කොහොමද?

blogger බාවිතා කරලා බ්ලොග් ලියන අය දන්නවා ඇති තමන්ගේ බ්ලොග් එකට් උඩම කොටසේ මෙන්න මේ ආකාරයේ blog N/B එකක් දිස්වෙනවා.

ඉතින් කාටහරි අවශ්‍ය නම් මෙම bar එක ඉවත් කර ගන්න ඒ සදහා මෙන්න මේ උපදෙස් පිලිපදින්න.
*පලමුව ඔබගේ blogger account එකට යන්න.
*එහි design කියන ටැබය ක්ලික් කරන්න.

*එම desin කියන ටැබය යටතේ ඇති උප මෙනුවක් වන Edith HTML යන ටැබය ක්ලික් කරන්න.


*අනතුරුව මෙන්න මේ code එක

#navbar {
height: 0px;
visibility: hidden;
display: none;
}


පහත දි අති රුපයේ රතුපාටින් කො‍ටුකරලා තියෙන තැනට යොදන්න.(මේ රුපයේ දිස්වෙන්නේ අප code එක යෙදුව පසුව ඇති ආකාරයයි.


* අවසානයට Save the changes ටැබය ක්ලික් කර ඔබගේ බ්ලොගය තුලට පිවිස බලන්න.
දිගටම කියවන්න ->>

අලුත්ම Magazine ටිකක්......

මෙන්න යාළුවනේ තවත් අලුත්ම Magazine ටිකක් තියෙනවා. කියවන්න ආස අය ඉන්නවනම් ඩවුන්ලොඩ් කරගන්න. මෙතන තියෙනවා සුප්‍රකට මැගසින් කිපයක්ම.
මෙන්න අන්තර්ගත වන Magazine ටික

New Scientist – 23 October 2010


Car and Driver(December 2010)


The Economist - 23 October 2010


Custom Home - March/April 2010


Macworld Magazine 2010 Full Collection
Part 1
Part 2

Layers - November/December 2010

WWE Magazine - November 2010

Leatherneck Magazine November 2010

Cycle World Magazine 2010 Full Collection
Pert 1
Part 2
Part 3
දිගටම කියවන්න ->>

Saturday 23 October 2010

ඔබේ link එකෙන් මුදල් සොයන්න.



මම හිතුවා මේක හැමොටම වැදගත් වෙවි කියලා. මොකද අපේ රටේ වැහි වැහැලා ඉන්න ඉන්ටර්නෙට් ගුරාලා නිසා google adsense ලංකාවේ අයට ගන්න ගොඩාක් අමාරුයි. ඉතින් අපි පොස්ට් කරන වෙබ් ලින්ක් වලට මුදල් ගෙවන සයිට් එකක් හමූඋනා. මේසයිට් එකෙන් අපි පොස්ට් කරන ලින්ක් වලට සැලකියයුතු මුදලක් ගෙවනවා. ඉතින් මේගැන ප්‍රයෝජනවත් වන අය ඉදිවි කියලා හිතුන නිසා මේ පොස්ට් එක දානවා. එත් මම මේ මාතෘකාව ගැන වැඩිය කථා කරන්න අකමැතියි. එත් ඉත්න් දන්න දෙයක් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න කියලා දෙන එක හොද නිසා ලිව්වා.
මේ අඩවියේ register වෙන්න කැමති අය මෙතනින් ඔබන්න.



(කට්ටියට අන්තර්ජාලයෙන් වැඩිවැඩියෙන් මුදල් හම්බ කරන්න කැමතිනම් ඉතින් freelancer වගේ වෙබ් අඩවියකට ගිහිල්ලා බලන්න. තමන්ගේ ටැලන්ට් එක අනුව මුදල් හම්බ කරන්න එහිදි පුලුවන්.)
දිගටම කියවන්න ->>

Friday 22 October 2010

විරයන් මරා දමා ඇත.. උබලාගේ අත්වලත් ලේ තැවරි ඇත්දැයි බලාපල්ලා...

අද අපේ රටේ බොම්බ පිපිරිම් නැත,වෙඩි හඩවල්ද ඇසෙන්නේ නැත. අවු 30ක් පැවති කුරිරු යුද්ධය දැන් අවසන්ව ඇත. පසුගිය අවුරුදු 30 පුරාවටම මේ යුද්ධය නිසා කොපමන සොල්දාදුවන් හා සාමාන්‍ය ජනතාවක් මියයන්නට ඇත්ද? එහෙත් මම අද මේ ලිපියෙන් ලියන්නට බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධයට සක්‍රියව තම දායකත්වය ලබා දුන් මෑත කාලීන ඉහල පෙලේ හමුදා නායකයින්ට අත්වු ඉරණම ගැනය.ඉතා ඛෙදජනක වුවත්, මිලේච්ජ වුවත් සත්‍ය මෙයයි. සදාකාලික විරයන් හට දේශපාලුවන් සලකපු ආකාරයයි. මේ ලිපියේදි මම සදහන් කරනුයේ 1994 න් මෙපිට මට දැනුම් තේරුම් ඇති කාලයේ සිදුවු සිද්දින් කිහිපයක් පමනි.


මම මෙතනින් පටන් ගන්නම්... කාටත් මතක ඇති

ලුතිනල් ජනරාල් සිසිල් වෙද්‍යරත්න මහතා.

මෙතුමා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක්.(16th Nov. 1991 - 31st Dec. 1993) මේතුමා ප්‍රභාකරන් කියන නරුමයාව විනාශ කරන්න පුදුම උනන්දුවකින් කටයුතුකල යුදසෙබලෙක්. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙකෙම මෙතුමාගේ නායකත්වයෙන් යුද මෙහෙයුම් ‍රැසක්ම දියත් කලේය. එහෙත් 1994 දි චන්දිකා රජය බලයට පත්විමත් සමගම මේතුමාට දේශද්‍රෝහි ලෙබලය අලවා අත්ඩංගුවට ගැනිනි. හේතුව වුයේ මෙතුමා 1994 දි උතුරු නැගෙනහිර චන්ද දුෂනයක් කොට ආණ්ඩුවිරොදි කුමන්ත්‍රනයක් කරන්න ගියාය කියන චොදනාව මතය. පසුව මෙතුමා මේගැන සිත්තැවුලට පත්වි අසරණව ලෙඩවි මියගියේය. අන්න ඒ ආකාරයටයි එදා චන්ද්‍රිකා ආණ්ඩුව එම යුධසෙනවියාට සැලකුවේ.

මෙය මෙතනින් නතරවුයේද නැත. ඊලගට මෙම චොදනාවම එල්ල වුයේ

"ලකි අල්ගම" විරුවාටය

. නැගෙනහිර පළාත කොටි ග්‍රහනයෙන් මුදවා පළාත්පාලන චන්දය සාමකාමිව තියන්නට ඉඩකඩ හදාදුන්නේ මෙම විරුවාය. එහෙත් චන්ද්‍රිකා ආණ්ඩුව මොහුද දු‍ටුවේ ද්‍රොහියකු ලෙසය.මොහුටද එල්ලකලේ ලුතිනල් ජනරාල් සිසිල් වෙද්‍යරත්න මහතාට එල්ල කල චොදනාවමයි. එනම් 94 දි චන්ද්‍රිකා ආන්ඩුව බලයට පත්විම වැලැක්විමට කුමන්ත්‍රනය කලා කියා කිමයි. මොහු හමුදාවෙන් විශ්‍රාම යවනු ලැබිය. අනතුරුව 99 ජනාධිපතිවරණයේදි එ.ජා.ප වේදිකාවක කතාකරමින් සිටියදි කොටි කුරුමානමක් බවට පත්වි මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයකින් මියගියේය... මෙය අතිතය තුල සිදුවු සත්‍යයි. විරුවන් හට සැමවිටම අත්වු ඉරණමයි..


මින් පසුව දේශපාලන පලිගැනිමට හා ගොදුරක් බවට පත්වන්නේ

"මේජර් ජනරාල් ජානක පෙරේරා"

විරුවාණන්ය.1995 දි යාපනය මුදාගැනිමේ "රිවි‍රැස" මෙහෙයුමේ විරුවා මොහුය.මොහුද ප්‍රභාකරන් ඉවරයක් කල යුතුමයි කියා ඉව අල්ලමින් සිටි විරුවෙකි.එහෙත් චන්ද්‍රිකා ආණ්ඩුව මොහුටද වල කැපිය. හමුදාපතිධුරය මොහුට නොදි හමුදාවෙන් විශ්‍රාම යන තැනට වැඩ සිද්ද කලේය.පසුව මෙතුමාටද කිසිම ආරක්ෂාවක් නොලැබි කොටි කුරුමානමක් බවට පත්විය. කිසිඩු කොටි අවදානමක් නොමැති මන්ත්‍රි ඇමතිලා වාහන 10ය 15ක් හා හමුදාබටයන් 10ක්15ක් ආරක්ෂාවක් පිරිවරා ගමන් කලද කොටි කුරුමානම් වෙච්ච් මේ ඉහල පෙලේ නිලධාරින් හට ආරක්ෂාව නොලැබින. මෙතුමා මේ සම්බන්දව කිහිප විටක්ම උසාවි පවා ගොස් තිබින. අන්තිමේදි මෙතුමාද දේශපාලනයට අවතිර්න විය. එදාපටන් රජයට මේජර් ජනරාල් ජානක පෙරේරා ද්‍රොහියෙකි. රජය පහර පිට පහර මොහුට ගැසිය. තමන්ට කොටි තර්ජන ඇතිබව දිගින් දිගටම කියා ආරක්ෂාව වැඩිකර දෙන ලෙස රජයෙන් ඉල්ලුවත් එය පලක් නොවිය. අවසානයේ කොටින්ගේ මරාගෙන මැරෙන ගොදුරක් බවට පත්ව මේ යුධ විරුවාණන්ද රටට අහිමි කලේය....

වර්තමානය තුලද යුද විරුවකුට මෙවැනිම ඉරණමක් අත්වෙමින් පවති. එනම් එය අපි කවුරුත් දන්නා

"ජනරාල් සරත් ෆොන්සෙකා"

විරුවාණන්ටය. මිට අවුරුද්දකට පමන ප්‍රථම රජයම පැවසුයේ ලෝකයේ හොදම යුදහමුදාපතිවරයා ජනරාල් සරත් ෆොන්සෙකා බවයි. එහෙත් අද ඒ කටවල් වලින්ම ඔහුව දේශද්‍රෝහියකු ලෙස හන්වඩු ගැසෙයි. එදා යුදවිරුවා අද කොටි මරාගෙන මැරෙන සැකකරුවන් පවා සිටින වැලිකඩ බන්දනාගාරය තුල එකට සිටියි. මේවා දේශපාලන කුහක කම්ය. රට වෙනුවෙන් තම ජිවිතය දෙවෙනිකොට ලේ මස් දන්දුන් මෙම විරුවන් හට අතිතයේ සිට බලයේ හිටපු ආණ්ඩුන් සලකා ඇත්තේ නින්දිත,පහත්ම විදියටයි. මේ ක්‍රමය වෙනස් විය යුතුය. සැබැ යුදවිරුවන් හට ඔවුන්ට ලැබිය යුතු ගරුබුහුමන් ලබාදි ‍රැකගත යුතුය. මට මේ වෙලාවේ මතක් වෙනවා මගේ විදේශිය මිතුරෙක් කි කථාවක්... "උබලා මහ පහත් ජාතියක්.උබලයි රට බෙරා ගත්ත සෙන්පතියන්ටත් උබලා ඔහොම සලකනවා නම්..වෙනත් අය ගැන කවර කථාද? අන්න ඒකයි උබලගෙයි අපෙයි වෙනස. උබලා ඔයතත්වෙන් ඉන්නත් අපි මේතරම් දියුනු වෙන්නත්... උබලගේ ආකල්ප වෙනස් කර ගනිල්ලා"...... මම මේ දේ ගැන එදා ඒතරම් හිතුවේ නැතත් දැන් මට තේරෙනවා ඌ කියාපු කථාව ඇත්තක් නෙද කියලා.......

දිගටම කියවන්න ->>

Wednesday 20 October 2010

ඔන්න ගෙනාවා Kaspersky Anti-Virus 20.10.2010 නිකුත් කරපු keys




මෙන්න යාළුවනෙ මට හම්බ උනා 2010/10/20 නිකුත් උන Kaspersky keya ටිකක්. මෙහි අන්තර්ගත වෙනවා මෙන්න මේ contains වලට අදාල keyas
Keys for Kaspersky Antivirus 6 (KAV 6)
Keys for Kaspersky Antivirus 7 (KAV 7)
Keys for Kaspersky Antivirus 8 (KAV 8)
Keys for Kaspersky Antivirus 2009 (KAV 2009)
Keys for Kaspersky Antivirus 2010 (KAV 2010)
Keys for Kaspersky Internet Security 6 (KIS 6)
Keys for Kaspersky Internet Security 7 (KIS 7)
Keys for Kaspersky Internet Security 8 (KIS 8)
Keys for Kaspersky Internet Security 2009 (KIS 2009)
Keys for Kaspersky Internet Security 2010 (KIS 2010)
Keys for Kaspersky Internet Security 2011 (KIS 2011)
Kaspersky Internet Security 2010
Keys for Kaspersky Anti-Virus for WKS & FS
Keys for Kaspersky Internet Gateway
Keys for Kaspersky Open Space Security
Keys for Kaspersky Personal Security Suite 2.0
Keys for KAV-SmartSoft
Keys for KAV-Yandex

මේ පයිල් එක 7.1 mb පමන වෙනවා.
මෙතනින් Download කරගන්න.

මෙතන තවත් keys ටිකක් තියෙනවා
දිගටම කියවන්න ->>

Tuesday 19 October 2010

මෙන්න තවත් අලුත්ම මැගසින් ටිකක්

ඔන්න යාළුවනේ මෙතන තියෙනවා තවත් අලුත් මැගසින් ටිකක්. මිට පෙරත් මම මැගසින් ටිකක් දුන්නා. එක බා ගත්ත අයටනම් මේවා ලැබුනේ කොහෙන්ද කියලා බලාගන්න ඇති. ඉතින් මේටිකත් අරගෙන බලන්න.
මෙතන තියෙන මැගසින් වන්නේ
Custom PC UK - December 2010
Computer Shopper - December 2010
2011 Social Media Directory
Webuser – 21 October 2010



දිගටම කියවන්න ->>

Monday 18 October 2010

ඔන්න මටත් onbux වලින් මුදල් ලැබුණා

කියන්න සන්තොසයි, ඔන්න මටත් onbux වලින් මුදල් ලැබුනා. මගේ onbux account එකේ $ 2.00 උනාට පස්සේ තමයි මට cashout කරගන්න පුලුවන් උනේ. මෙන්න සල්ලි ලැබුන බවට ලැබුනු email එක.


cashout කරලා තප්පරයක් වත් ගියේනැ මගේ alertpay account එකට සල්ලි වැටිලා. හැබැයි $0.05 ගාස්තු වශයෙන් කපාගෙන. මට මේක ගන්න ගියේ දවස් 30ක් විතර. මම bux site 03ක් විතරයි register වෙලා ඉන්නේ. ජාලෙට එන වෙලාවට විනාඩි 02ක් විතර අනිත් වැඩත් කරගන්න අතරේ ads ක්ලික් කරලා දානවා. මගේ bux.to එකේ නම් $15 විතර තියෙනවා. එත් ලංකාවේ අයට සල්ලි ගෙවනේ නැ කිව්වාම මම එකේ ads click කිරිම නැවැත්තුවා. දැනටනම් මට පාඩුවක් වෙලා නැ. ඉතින් ජාලෙට ඇවිත් නිකන් කාලෙකනවට වඩා මේවාගේ සයිට් එකකත් register වෙලා බලන්න. ජොලියකුත් තියෙනවා.
onbux වල register වෙන්න කැමති අය මෙතන ඔබන්න
දිගටම කියවන්න ->>

Sunday 17 October 2010

සංසදයේ සහොදරයන්ගේ කාරුණික අවදානය පිණිසයි.... මට මේ උදව්ව කරන්න?


කට්ටියට මතක ඇතිනේ මම මිට කලින් ලිපියේ දැම්මනේ මට උන ඇබැද්දිය ගැන. ඉතින් තාමත් මගේ paypal account එක limited වෙලයි තියෙන්නේ. හැබැයි https කියලා රතුපාටින් වැටිලා කැන්සල්වෙන එකනම් දැන් හරි. ඒක හරිගියේ මම දාගෙන හිටපු Internet downloder එක unstall කරාට පසුවයි. මොකද මම එක දාගත්තේcrack කරලා නිසා මට නිකමට හිතුනා මේකේ ලෙඩක් වෙන්න ඇති කියලා. ගොඩාක් සහෝදරවරු මට කමෙන්ට් දාලා උදව්කරා . මම ඒ සහෝදරයන් සියලුදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේ උදව් කිරිමට සිටින අය සංසදය තුල සිටිම ගැනත් මම සන්තෝස වෙනවා.
ඉතින් තවමත් මගේ paypa account එක limited නිසා මම හිතුවා මේ paypal account එක desable කරන්න. මෙතනදි මට නැගෙන පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා විසදගන්න. ඔය සහෝදරවරු එකටත් මට උදව් කරාවි කියලා හිතනවා.

* දැනට තියෙන paypal account එකක් කැන්සල් කරගන්න පුලුවනිද?
* හැකිනම් පරණ paypal account එකේ තියෙන නමටම අලුත් paypal account එකක් සැදිය හැකිද?( ලිපිනය හා දුරකථන අංක පරණ account එකේම තිබුන එවා දැමිමෙන්)
* පරණ paypal account එකට link කරපු sampath web card එකක් එම paypal account එක කැන්සල් කිරිමෙන් පසුව අලුතින් සාදන paypal account එකකට link කල හැකිද?

ඉතින ඔන්න ඕය ටික තමයි මට තියෙන ප්‍රශ්න මගේ ebay සිහිනයට යන්න. ඉතින මම බලාපොරොත්තුවෙනවා මේක කියවන සහොදරයන් මට මේක විසදාගන්න උදව් කරාවි කියලා.... මගේ සිහිනය බොදවෙන්න නම් දෙන්න එපෝ................
දිගටම කියවන්න ->>

Friday 15 October 2010

කාරුණික සහෝදරයන්ගේන් උදව්වක් අවශ්‍යයි..(මම පුවක් ගහකට නැග්ගත් එහි දෙබලක් ඇත.)

මේ මට ඔබලාගේ උදව් අවශය වෙලාවයි. මේන්න කිවවලාම බලන්න මගේ අහිංසක කතාව.
ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි මමත් sampath webcard එකක් ගන්න ලක ලැහැස්තිඋනේ මිට දින 26කට කලින්. අද තමයි වෙබ් කාඩ් එක අතට ලැබුනේ. කාඩ්සෙන්ටර් එකට කතාකරලා කාඩ් එකත් ඇක්ටිව් කරලාද තියෙන්නේ කියලා අහලා වැඩේට බැස්සා. එත් ඉතින් කරුමෙ කියන්නේ අමාරුවෙන් ගත්ත කාඩ් එකpaypal එකට ලින්ක් කරා කියමු. ඉතින් මාසගානක් තිස්සේ තිබුන ආසාව ඉ‍ටුකරගෙන ebayඑක පැත්තේ ගිහින් මුලින්ම පොඩි අයිටම් දෙක තුනක් අරගෙන සල්ලි ගෙවන්න හැදුවම මෙන්න බොලේ මේ එරෝ එක ආපි" we were not able to process your paypal payment because of a restriction on your account" මට දෙලොරත් උනා. ඒ පාර paypa account එකට ලොග් වෙලා බලද්දි මෙන්න බොලේ මගේ account එක limited කරලාලු. අනේ ඉතින් අසරණමට මේක කියවන කාගේ හරි පිහිටක් තමයි. දන්න වැඩ ඔක්කොම දාලා වැඩේ ගොඩින් ලිහාගන්න බැලුවා, (පාස්පඩ් වෙනස්කරන්න කියලා තිබුනා එකත් වෙනස් කරා, සිකුරිටි ක්වෙක්ෂන් වෙනස් කරා) ඒත් තාමත් හරි ගියේ නැ.... මට පොඩි සැකයක් තියෙනවා. මම භාවිතා කරන්නේ Chrome බ්‍රවුසරය. මේකේ https secure page වලට යද්දි මේ https කියන අකුරුටික රතුපාට වෙලා එතන රතුපාටින් හරස් ඉරක් වැදිලා කැන්සල්වෙලා තියෙනවා. ඒ හේතුව නිසාද දන්නේ නැ. අනේ මේ පටලැවිල්ල ලිහාගන්න පිංකරන සහෝදරයෙක් ඉන්නවනම් උදව් කරනවද? පිංසිද්ද වෙනවා....උදව් කරොතින්නම්..


මෙන්න මේ විදියටයි බ්‍රවුස් වෙන්නේ
දිගටම කියවන්න ->>

Wednesday 13 October 2010

අලුත්ම ප්‍රසිද්ද මැගසින් ටිකක්







මෙන්න තියෙනවා කට්ටියට පාලුව මැකෙන්නත් දැනුම වැඩිකර ගන්නත් හොද මැගසින් ටිකක්. මේවායේ අලුත්ම කලාවයන් තමයි ලැබිල තියෙන්නේ. pdf format එකෙන් තමයි තියෙන්නේ. මෙතන තියෙන මැගසින් තමයි මේවා

PC World - November 2010
TIME Magazine - 23, August 2010
Business Week - 27 September - 3 October 2010
MacUser - 08 October 2010
Bike - November 2010
ESPN - 04 October 2010
Scientific American - October 2010
American Scientist - November/December 2010
දිගටම කියවන්න ->>

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැලි 02ක්



ඔන්න කට්ටියටම අලුත් සොෆ්ට්වෙයා කලි 02ක්ම ගෙනාවා. පලමු එක තමයි Adobe Reader 9.4.0 නමින්ම දන්නව ඇතිනේ මොකක්ද කියලා. මේක තමයි අලුත්ම Adobe Reader එක වන්නේ. මේකේ නව විශේශාංග රාශියක්ම අඩංගුවෙලා තියෙනවා. 26.35mb file එකක් තියෙන්නේ.
Adobe Reader 9.4.0 මෙතනින් බාගන්න.




අනිත් සොෆ්ට්වෙයා කැල්ල තමයි Translator PROMT 4U v9.0 මෙකෙන් සිද්දවෙන දේ ඉතින් මේකේ නමින්ම කියවෙනවානේ. මෙකෙන් පුලුවන් අපේ එදිනෙදා අවශ්‍යවන ලියකියවිලි, වෙබ් සයිට්,මැසෙජ් ආදිය ප්‍රධාන භාෂාවන් කිපයකටම Translate කරගන්න. එදිනෙදා ප්‍රයෝජනවත් වන මෘදුකාංගයක්.
Direction of translation:
English-Russian and Russian-English, German-Russian and Russian-German, French, Russian, Russian-French, Spanish, Russian, Russian-Spanish and Italian-Russian translation.
කැමති අය ඉන්නවා නම්
මෙන්න මෙතනින් Translator PROMT 4U v9.0 බාගන්න.
දිගටම කියවන්න ->>

Tune Up Utilities 2011


Tune Up Utilities 2011

මෙන්න ගෙනාවා හොද සොෆ්ට්වෙයා කැල්ලක්. Tune Up Utilities 2011 නමින්ම තෙරෙනවා ඇතිනේ මේ මොකක්ද කියලා. මෙකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩාක තියෙනවා. මේකෙන් අපේ පරිඝනකයේ තියෙන අනවශ්‍ය ගොනු මකා දමා අපේ පරිඝනකයේ වේගය තවත් වැඩිකරගන්න පුලුවන්. ඒවාගේම පරිඝනකයේ රෙජිස්ට්‍රිය පවා වෙනස්කම් සිදු කිරිමට පුලුවන්. අවශ්‍ය අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක බාගන්න.

මෙතනින් බාගන්න
දිගටම කියවන්න ->>

Tuesday 12 October 2010

ජනපතිතුමාගේ ප්‍රගති සමාලොචන ‍රැස්විම්





ජනපති මහින්ද රාජපක්ෂ මහාතා මේ දිනවල ගත කරනුයේ අධික කාර්ය බහුල කාලයක් බව රුපවාහිනි බලන ඕනැම කෙනෙකුට වැටහෙන කරුනකි. විශේෂයෙන්ම මේ දිනවල එතුමා යම් යම් ප්‍රදේශවල ප්‍රගති සමාලොචන ‍රැස්විම් වලට සහභාගි වෙයි. වෙනත් කිසිම කාලයක රාජ්‍ය නායකයකු නොකරපු දෙයක් එතුමා දැන් බිම් මට්ටමෙන් කිරිමට පෙලබි ඇත. මේහිදි හොර බොරු කරන පරිපාලන නිලධාරින් බෙල්ල මුලින් මාට්‍ටු වනු ඇත. වැඩනොකර මෙතුවක් කල් හොර බොරු කල නිලධාරින්ට දැන් පිලිතුරු බැදිමට කාලය එලබ ඇත. මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කලයුතුය. ගමේ ගොඩේ පාරක්, බොක්කුවක් සැදිම සදහා විශාල මුදල් කන්දරාවක් ප්‍රතිපාදන මගින් වෙන්කලත් එය නිසියාකාරව විදිමත් විදියට ගොඩනැංවෙන්නේ නැත. මෙවැනි එක්තරා ප්‍රගතිසමාලොචන ‍රැස්විමකදි මතුවු කරුනක් ගැන මෙහිදි අවධානය යොමුකරමු. එක්තරා ප්‍රදේශයක පාසලක් වැසියාමෙන් එම පාසල් ගොඩනැගිල්ල වෙනත් වෘත්තිය පාඨමාලා පවත්වන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට නියමිතව තිබුනත් එයට විදුලිය ලබා නොදිම සම්බන්දයෙන් අවුරුදු දෙකක් තිස්සේ එය ආරම්බ නොකොට තිබුනි. මෙයට හේතුව වි ඇත්තේ එම ප්‍රදේශය බාර පරිපාලන බලධරයන්ගේ නොසැලකිලිමත්කම හා පරිපාලනයේ ඇති දුර්වලතාවයන්ය. ගොඩනැගිල්ලකට විදුලිය ලබා දිමට අවුරුදු දෙකක් තිස්සේ අපොහොසත් වන්නේ නම් එම පරිපාලනයේ ඇති වැදගත් කම කුමක්ද? තවද එක්තරා කෘෂිකාර්මික වියාපෘතියක් සදහා වෙන්කල මුදල් වලින් දැනට වියදම් වි ඇති මුදල කොපමනද කියා එම වි්‍යපෘතිය බාර නිලධාරියාගෙන් ජනාධිපතිතුමා ඇසුවිට එම නිලධාරියා මිලියන 48ක් වියදම් කර ඇති බව කිවත් ජනපතිතුමා පැවසුයේ. "මගේ ලග තියන වර්ථා අනුව වියදම් කර ඇත්තේ මිලියන 27ක් , මට බොරුකරන්න ලැස්තිවෙන්න එපා"මිට පසුව මේ වාගේ ‍රැස්විම් වලට එනවිට හරියට ගනන් හදාගෙන එන ලෙසය. මේ අනුව අපිට පෙනි යන් එක් කරුනක් වන්නේ මේ නිලධරයන් වැඩකටයුතු කරනුයේ කිසිම විදියේ වගකිමක් නොමැති ලෙසටය. රජයේ සැම ආයතනයකම පරිපාලනය ගැන නම් ලංකිකයන් තුල ඇත්තේ මහා කලකිරිමකි. විනාඩි 05 න් කලහැකිව තිබෙන වැඩට දවස් 05ක්වත් රස්තියාදු විය යුතුය. ජනපතිතුමා මේ කරගෙනයන කාර්්‍යය දිගටම කරගෙන යන්නේ නම් එය ජනතාවට සෙතකි. දිගින් දිගටම සැම ප්‍රදේශයක්ම ආවරනය වන පරිදි මෙවැනිම ප්‍රගති සමාලොචන වැඩසටහන් කියත්මක වන්නේ නම් සංවර්ධනයේ සැබැ ප්‍රතිලාබ ජනතාවට ලැබෙනු ඇත.
දිගටම කියවන්න ->>

Saturday 9 October 2010

සදාදරණිය චේ




ඔබව මේ ලොකයෙන් උදුරාගෙන අදට (ඔක්තොබර් 09 වනිදාට) හරියටම අවුරුදු 43ක් ගතවෙනවා. එහෙත් සදාකාලික විරුවානණි, තවමත් ඔබ අපහදවත් තුල ජිවමානව වැඩසිටියි.1967 ඔක්තොබර් මස 9 වැනිදා හමුදාබටයින් කිපදෙනෙකුගෙම තුවක්කු වලින් පිටවි ගිය වෙඩි උන්ඩවලින් ඔබේ ලය පසාරුකරගෙන යද්දි, ඔබට සිතෙන්නට ඇති ඒය ඔබගේ විප්ලවයේ අවසානය නොවන වග.
ඔබ මරා දැමිමට හෝරා කිපයකට කලින් CIA නිලදාරියකු ඔබෙන් ඇසු ප්‍රශ්නයත්, එයට ඔබ පිලිතුරු දුන් අන්දමත් මා ඔබ ගැන කියවු පොතක තිබු ආකාරය මට දැන් සිහිවෙනවා.
"මොකක් ගැනද ඔබ දැන් හිතමින් ඉන්නේ"
"මම මේ හිත හිතා ඉන්නේ මේ විප්ලවයේ අමරණියත්වය ගැන"
සත්තකින්ම විරුවාණනි, ඔබ කල විප්ලවය සදා අමරණිය එකකි. ඒකයි ලොකයාට ඔබව අමතක කරන්න බැරි. ඔබවාගේ විරුවන් ලෝකයටම අවැසි කාලයකි මෙය.
ඔබව ශාරිරිකව මරාදැමිමට සතුරන්ට හැකි උවත් ඔබගේ ආකල්ප,ඔබගේ විප්ලවකාරි මතවාද ඔවුන්ට විනාශ කිරිමට නොහැකි විය.
"සියෙරා මිස්ට්‍රා" කදුකරයටවෙලා ඔබ අලුත් කියුබාවක් තැනිය. එතැනින් නොනැවතුන ඔබ නිදහස් බොලිවියාවක් තැනිමට අරගලයක් ඇරබිය. එහෙත් ඔබට නිදහස් බොලිවියාවක් තැනිමට නොහැකි උවත් ඔබගේ ඒ අරගලය ලොකයේ බොහෝ රටවල් වලට නිදහස ලබා ගැනිමට අඩිතාලමක් විය. එහෙයිනි විරුවාණනි ඔබට ලොකයා මේතරම් ගරු කරනුයේ. සැබවින්ම ඔබ විරුවෙකි.

"ජයග්‍රහණය දුෂිත කල නොහැකියයි මාගේ පරාජයෙන් අදහස් නොකෙරෙනු ඇත. එවරස්ට් කදු මුදුනට ලගා විමට උත්සාහ කොට පැරදුන බොහෝ දෙනෙකු ඇතත් එහි අවසාන ප්‍රතිඵලය නම් එවරස්ට් කන්ද තරණය කර ඇති බවය."
අර්නස්ටෝ චේ ගුවේරා


දිගටම කියවන්න ->>

Wednesday 6 October 2010

Stargate Universe TV Shows එක බලන්න ආසද?



කාටත් මතක ඇතිනේද ඒදවස්වල ස්වර්ණවාහිනියේ බදාදා ‍රැ 9.00 ගියපු Stargate වැඩසටහන. එක අපි කොයිතරම් ආසාවෙන් බැලුවද. බලපු අයට මතක ඇතිනේ. ඉතින් ඒ මතකය අලුත් කරගන්න මෙන්න තියෙනවා ඒ ආරෙටම නිපදවපු Stargate Universe කියන TV වැඩසටහනක්. මේක මට හමූනේ අහම්බෙන්. මේ ෆයිල් එක share කරලා තියෙන්නේ hot file වල . 350mb විතර විශාලයි. කැමති අය ඉන්නවනම් බාගන්න. මෙන්න ලින්ක් එක
දිගටම කියවන්න ->>

Tuesday 5 October 2010

Kaspersky IS/Av Keys ඔනිද.



මෙන්න මට හම්බ උනා නියම සියිට් එකකින් Kaspersky කිස්. මගේ Kaspersky IS key එක එක්ස්පයර් වෙලායි තිබුනේ. මම මේකෙන් key එකක් බාගෙන අප්ඩෙට් කර ගත්තා. ඔයගොල්ලන්ටත් Kaspersky keys ඔනෙනම් මෙන්න සියිට් ලින්ක් එක. බාගන්න. මේහි daily update key file ලින්ක් එකකුත් තියෙනවා. ඉතින් අලුත්ම keys අපිට එයින් බා ගන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක
දිගටම කියවන්න ->>