ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 12 October 2010

ජනපතිතුමාගේ ප්‍රගති සමාලොචන ‍රැස්විම්





ජනපති මහින්ද රාජපක්ෂ මහාතා මේ දිනවල ගත කරනුයේ අධික කාර්ය බහුල කාලයක් බව රුපවාහිනි බලන ඕනැම කෙනෙකුට වැටහෙන කරුනකි. විශේෂයෙන්ම මේ දිනවල එතුමා යම් යම් ප්‍රදේශවල ප්‍රගති සමාලොචන ‍රැස්විම් වලට සහභාගි වෙයි. වෙනත් කිසිම කාලයක රාජ්‍ය නායකයකු නොකරපු දෙයක් එතුමා දැන් බිම් මට්ටමෙන් කිරිමට පෙලබි ඇත. මේහිදි හොර බොරු කරන පරිපාලන නිලධාරින් බෙල්ල මුලින් මාට්‍ටු වනු ඇත. වැඩනොකර මෙතුවක් කල් හොර බොරු කල නිලධාරින්ට දැන් පිලිතුරු බැදිමට කාලය එලබ ඇත. මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කලයුතුය. ගමේ ගොඩේ පාරක්, බොක්කුවක් සැදිම සදහා විශාල මුදල් කන්දරාවක් ප්‍රතිපාදන මගින් වෙන්කලත් එය නිසියාකාරව විදිමත් විදියට ගොඩනැංවෙන්නේ නැත. මෙවැනි එක්තරා ප්‍රගතිසමාලොචන ‍රැස්විමකදි මතුවු කරුනක් ගැන මෙහිදි අවධානය යොමුකරමු. එක්තරා ප්‍රදේශයක පාසලක් වැසියාමෙන් එම පාසල් ගොඩනැගිල්ල වෙනත් වෘත්තිය පාඨමාලා පවත්වන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට නියමිතව තිබුනත් එයට විදුලිය ලබා නොදිම සම්බන්දයෙන් අවුරුදු දෙකක් තිස්සේ එය ආරම්බ නොකොට තිබුනි. මෙයට හේතුව වි ඇත්තේ එම ප්‍රදේශය බාර පරිපාලන බලධරයන්ගේ නොසැලකිලිමත්කම හා පරිපාලනයේ ඇති දුර්වලතාවයන්ය. ගොඩනැගිල්ලකට විදුලිය ලබා දිමට අවුරුදු දෙකක් තිස්සේ අපොහොසත් වන්නේ නම් එම පරිපාලනයේ ඇති වැදගත් කම කුමක්ද? තවද එක්තරා කෘෂිකාර්මික වියාපෘතියක් සදහා වෙන්කල මුදල් වලින් දැනට වියදම් වි ඇති මුදල කොපමනද කියා එම වි්‍යපෘතිය බාර නිලධාරියාගෙන් ජනාධිපතිතුමා ඇසුවිට එම නිලධාරියා මිලියන 48ක් වියදම් කර ඇති බව කිවත් ජනපතිතුමා පැවසුයේ. "මගේ ලග තියන වර්ථා අනුව වියදම් කර ඇත්තේ මිලියන 27ක් , මට බොරුකරන්න ලැස්තිවෙන්න එපා"මිට පසුව මේ වාගේ ‍රැස්විම් වලට එනවිට හරියට ගනන් හදාගෙන එන ලෙසය. මේ අනුව අපිට පෙනි යන් එක් කරුනක් වන්නේ මේ නිලධරයන් වැඩකටයුතු කරනුයේ කිසිම විදියේ වගකිමක් නොමැති ලෙසටය. රජයේ සැම ආයතනයකම පරිපාලනය ගැන නම් ලංකිකයන් තුල ඇත්තේ මහා කලකිරිමකි. විනාඩි 05 න් කලහැකිව තිබෙන වැඩට දවස් 05ක්වත් රස්තියාදු විය යුතුය. ජනපතිතුමා මේ කරගෙනයන කාර්්‍යය දිගටම කරගෙන යන්නේ නම් එය ජනතාවට සෙතකි. දිගින් දිගටම සැම ප්‍රදේශයක්ම ආවරනය වන පරිදි මෙවැනිම ප්‍රගති සමාලොචන වැඩසටහන් කියත්මක වන්නේ නම් සංවර්ධනයේ සැබැ ප්‍රතිලාබ ජනතාවට ලැබෙනු ඇත.

3 comments:

  1. අපේ පැත්තටත් ජනාධිපතිතුමා ඇවිත් ගියා.... ඒ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදිත් කට්ටිය බැණුම් අහල තිබුණා.

    දැන් ජනාධිපතිතුමා නෑ... කට්ටිය සුපුරුදු විධියට වැඩ...

    ReplyDelete
  2. මාරයා මෙ පැත්තට ඇවිල්ල තියන්නෙ අද වගෙ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්