ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 31 October 2010

ස්වර්ණවාහිනියේ පචවිම හෙවත් බුද්ධිකගේ මන්ද බුද්ධික මෙගා කෙළිය...



අපේ රටට Reality TV වැඩසටහන් හදුන්වා දුන්නේ මහරාජාගේ "සිරස TV" ආයතනයයි. මිනිස්සු කොයිතරම් සිරසට බැන්නත් ඔවුන් වැඩක් කරන්න ගියාම ඒ වැඩේ තිතට අකුරටම කිරිමේ පුරුද්දක් එම ආයතනයට තිබින. එහෙත් එම reality tv වැඩසටහන් කොපි කරමින් ස්වර්ණවාහිණිය ආරම්බ කරන ලද "මෙගා ස්ටාර්" වැඩසටහන මුල ඉදලාම විහිලුවක් බවට පත්ව තිබිනි. "සිරස"ට පහර ගැසිමට මර්වින් සිල්වා යොදාගැනිමත් සමග මෙම වැඩසටහන ජොකර් වැඩසටහනක් බවට කෙමෙන් කෙමින් පත් උනි. මේ අවස්ථාවේදි මා "සිරස"ට සුදු හුනු ගැමටද යන්නේ නැත. එහෙත් අපට "සිරසෙන්" ගතහැකි පාඩම් බොහොමයක් ඇත. නිර්මාණශිලිත්වය මේ අතරි ප්‍රධානය.

ඊයේ රාත්‍රියෙදි මෙගා ස්ටාර් අවසන් තරගයෙදි සිදු වු දේ මුලු ලොකයක්ම බලාසිටින්නට ඇත. කමල්ගේ නොගැලපෙන විහිළු හා මර්වින්ගේ රසකථා මෙන්ම අවසානයේදි වු ගුටි කෙලියද ලංකික reality කලාවට එල්ලකලේ කළු පැල්ලමකි. මෙහිදි මෙහි ප්‍රධාන වගකිම් බාරගත යුත්තේ වැඩසටහන් අධ්‍යක්ෂක "බුද්ධික කුලසේකරයන්ය." බුද්ධික සමග මාගේ කිසිම අමනාපයක් නැත. එහෙත් ඔහු රුපවාහිනි නාලිකාවක ප්‍රධානියකුට ගැලපෙන බුද්ධි මට්ටමකින් හා නිර්මාණශිලි බවින් යුක්ත් පුදිගලයකුද යන්න පසුගිය මාස ගනනාවටම ස්වර්ණවාහිනිය බලන ඕනැම කෙනෙකුට වැටහෙනු ඇත. හේම නලින්ලා ජැක්සන් ලා හිටපු ස්වර්ණවාහිනිය මිටවඩා කොතරම් සුන්දරද... කොයිතරම් නම් නිර්මාණශිලි වැඩසටහන් ඉදිරිපත් උනාද?.. එහෙත් වර්ථමානයේ මෙවැනි වැඩසටහන් වලින් ලාංකිය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය.. ඇගසේරම ගා ගෙන පචේ පච උනි. මෙවැනි වැඩසටහන් වලට වියදම් කරපු මුදල් වලින් අසරණ පවුල් කියකට නම් ගෙයක් දොරක් සාදා දිමට පුලුවන්කම තිබුනද?.... එහෙම නැතිනම් මේ වගේ වැඩසටහන් හරියාකාරව කිරිමට නොහැකිනම් ඒ සල්ලිවලින් බල්ලොන්ට ආප්ප අරන්දෙන්න තිබුණා.. මෙහිදි සදහන් කලයුතු වැදගත් දෙය වනුයේ " සොමා එදිරිසිංහයනි.... මේ බුද්ධිකගේ මන්ද බුද්ධික වැඩ තවදුරටත් තිබුනොත් ඔබගේ නාලිකාවට...දෙයියන්ගෙම පිහිටයි...........

7 comments:

  1. සිරස කොහෙන්ද බං නිර්මාණශීලී වුනේ? උනුත් කලේ ඇමරිකන් අ‍යිඩල් කොපි කරපු එකනෙ?

    ReplyDelete
  2. ස්වර්ණවාහිනියේ ආයු කාලය උපරිමව මාස 03ක් තියෙයි...ඒකෙ මොනවද බලන්න තියන වැඩසටහන්....ඔක්කොම වැඩතට නැති දහජරාවල්නෙ.....කොටින්ම කියනවනම් පෝය දවසට ආගමත් විකුනගෙන කනව..රටේ ඉන්න කුපාඩි(අත්තනායක හේරත් වැනි)ගෙන්නගෙන ධර්ම සාකච්ඡා තියල.....මම නම් ඔය මඟුල් චැනල් එකේ එක වැඩසටහනක්වත් බලන්නෙ නෑ...ඉබේ බැලුනොත් ඇරෙන්න....ඒකෙ ඉනන් සමහර නිවේදක නිවේදිකාවො(විශේෂයෙන් ළහිරු මුදලිගේ)හොඳයි හරහට දාලා රෙන්න...

    ReplyDelete
  3. ඔබ කියන කතාව හරියටම හරි.හෙමනලින් ජැක්සන් වැනි අය හිටපු කාලෙ සවර්ණවාහිනිය කෙතරම් සුන්දර ද.ඒකට දැන් ..............

    රංග

    ReplyDelete
  4. මම කොහෙත්ම ඔය වැඩසටහන නැරඹුවේ නැත්තේද ඔබ පැවසූ අමන දේශපාලකයාගේ සහභාගීත්වය නිසාමය.නමුත් නිවසේදී හා මගතොටේදී මේ වැඩසටහනේ යම් කොටස් ඇහුන විටදී මේ දේශපාලුවාගේ අමන,දෙපැත්ත කැපෙන කතා හොඳ හැටියට අසාගන්නට ලැබුනා.මට සැක හිතෙන්නේ ඔය ඔක්කොම රඟාපෑමක් විදිහටයි.ඕක බලපු ප්‍රේක්ෂකයන්ව ගොනාට ඇන්දවීමේ උත්සාහයක්ද මේ සිදුවීම් පෙළත්?

    ReplyDelete
  5. ela.oka swarnawahiniya nemei.malawahiniya.anunge dukak,maranayak market karana eka thamai ithin karanne.

    ReplyDelete
  6. @Anonymous
    මම කියන්නේ නැ"සිරස" නිර්මාණශිලි රියැලිටි වැඩසටහන් කරා කියලා. එත් උන් වැඩක් කරද්දි ඒකේ කොලිටිය ආරක්ශාකරගෙන කරනවා. "ගැජමැටික්ස්" වගේ වැඩසටහන් උන් ඒකලේ හොදට කරානේ

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්